The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

යකෝ ක්‍රීස් එකේ හිටපන්. ඉන්නකොට ලකුණු එයි... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

September 18, 2023 • 11:18 AM

යකෝ ක්‍රීස් එකේ හිටපන්. ඉන්නකොට ලකුණු එයි... -(ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට මතකේ තියන විදියට ඉතාම දැඩි පීඩනයක් යටතේත් මැච් එකක් අල්ලන් ඉන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි ඔස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ. අනික් කෙනා ඔස්ට්‍රේලියාවේම මයිකල් බෙවන්.
  • ඒ එක්කම ඉක්මනින් ඉවර වෙන IPL සහ 20x 20 වලින් තවත් මේක විපරීත වෙලා යන එක (ඒවා එපා කියල නෙවෙයි කියන්නේ).
  • ප්‍රහාරකයෝ වගේම මේ වගේ අවස්ථාවල පැළවෙලා ඉන්න උනුත් ඉන්න ඕනි.
  • ඒ නොදන්නාකම නිසා ඕවර් හයක් හතක් ඇතුලේ ඕල් අවුට් වෙන එකට පොහොට්ටුවට කරන්න දෙයක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් අනන්ත ක්‍රීඩකයින් ප්‍රමාණයක් වෙනත් කණ්ඩායම් වලත් ඉන්නවා. නැත්නම් ඉඳල තියනවා. 

මේ අල්ලන් ඉන්න ක්‍රිකට් ගැන දැන් තියන අවධානය අඩුයි. ඒකට එක හේතුවක් තමයි ටෙස්ට් මැච් ගහන ප්‍රමාණය අඩුවීම. ඒ එක්කම ඉක්මනින් ඉවර වෙන IPL සහ 20x 20 වලින් තවත් මේක විපරීත වෙලා යන එක (ඒවා එපා කියල නෙවෙයි කියන්නේ).

ඉස්කෝලේ කාලේ කැප්ටන් පණ යනකම් කියන දෙයක් තමයි 'යකෝ ක්‍රීස් එකේ හිටපන්. ගහන්න ඕනි නැහැ. ඉන්නකොට ලකුණු එයි' කියන එක. ඒක ඒ විදියටම සත්‍ය නොවුනත් ඒ කාලේ ඒ කිව්වේ බැටින් ක්‍රීස් එකේ ඉන්න එකේ වැදගත්කම. 

dravid hashan

මතකෙට ගන්නකො රාහුල් ද්‍රාවිඩ්, හෂාන් තිලකරත්න වගේ අය. ක්‍රීස් එකේ පැළවෙලා ඉන්නේ. ප්‍රහාරකයෝ වගේම මේ වගේ අවස්ථාවල පැළවෙලා ඉන්න උනුත් ඉන්න ඕනි. හැබැයි මේ ගහන ක්‍රිකට්වල එහෙම උන්ට පවතින්න බැහැ. 

දැන් දවස් පහේ ටෙස්ට් මැච් අඩුයි. විශේෂයෙන් වේගවත් තණතීරුවල අමාරු දේශගුණ තත්වයන් යටතේ ගහන ටෙස්ට් සීරිස් එකක් එන්නෙම නැති තරම්. ඒ නිසා අල්ලන් ඉන්න ක්‍රිකට් (endurance) අපේ අලුත් උන් දන්නෙම නැහැ වගේ. ඒ නොදන්නාකම නිසා ඕවර් හයක් හතක් ඇතුලේ ඕල් අවුට් වෙන එකට පොහොට්ටුවට කරන්න දෙයක් නැහැ.

පීඩනය ඇතුලේ අල්ලන් ඉන්න විදිය ගැන පරණ ක්‍රිකටස්ලගෙන් ඉගෙන ගනිල්ලා. පරණ වීඩියෝ බලපල්ලා. 

ප්‍රැක්ටිස්, බොඩි බිල්ඩින්, ෆිසිකල් ෆිට්නස් විතරක් නෙවෙයි දැන් ගහන එවුන්ගේ ඔලුත් හදපල්ලා. පොහොට්ටුවක් එක්ක හැමනෙන්නේ නැතුව.....


AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...