The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දසුන්ගේ නායකත්වය අදින් අවසන් !

T

The Leader Desk

September 20, 2023 • 4:00 AM

දසුන්ගේ නායකත්වය අදින් අවසන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි.
  • ඒ අනුව කණ්ඩායමේ නව නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පැවරෙනු ඇතැයිද ඒ සමගින්ම වාර්තා වේ.
  •   එසේ වුවද නායකයකු ලෙසින් දසුන්ගේ ප්‍රතිඵල කැපී පෙනෙන අතර එක්දින තරග 39කට නායකත්වය ලබාදී ඇති ඔහු ඉන් තරග 23ක් ජයග්‍රහණය කර ජයග්‍රාහී ප්‍රතිශතය 58.97% ක් ලෙස සටහන් කර තිබේ.
  • යම් හෙයකින් නායකත්වයෙන් ඉවත් කෙරුනද, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දසුන් ලෝක කුසලාන සඳහා වන සංචිතයට දසුන් ඇතුළත් වීමේ වැඩි ඉඩක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ ක්‍රිකට් බලධාරීන් මේ සම්බන්ධයෙන් ඊයේ වන විට ගැඹුරින් සාකච්ඡාවට ගෙන ඇතැයි වාර්තා වන අතර අද පෙරවරුවේ ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කැඳවා එම තීරණය දැනුම් දෙනු ඇතැයි පැවසේ.

ඒ අනුව කණ්ඩායමේ නව නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පැවරෙනු ඇතැයිද ඒ සමගින්ම වාර්තා වේ.

ඉකුත්දා ඉන්දියාව සමගින් පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත පරාජයත් සමග දසුන්ගේ නායකත්වය ගැනද ප්‍රශ්න කිරීමට සමහරෙක් පෙළඹුණු අතර දසුන්ව නායකත්වයෙන් ඉවත් කිරීමේ තීරණයක් පිණිස එය ආසන්න හේතුවක් නමුත් ඉකුත් සමයේ ක්‍රීඩයෙක් ලෙසින් කණ්ඩායමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට නොහැකිවීම මේ ඉවත් කිරීමට මූලික හේතුව වනු ඇතැයි කියැවේ.

 
එසේ වුවද නායකයකු ලෙසින් දසුන්ගේ ප්‍රතිඵල කැපී පෙනෙන අතර එක්දින තරග 39කට නායකත්වය ලබාදී ඇති ඔහු ඉන් තරග 23ක් ජයග්‍රහණය කර ජයග්‍රාහී ප්‍රතිශතය 58.97% ක් ලෙස සටහන් කර තිබේ.

 ශ්‍රී ලංකා කණ්ඩායමට දිගු නායකත්වයන් ලබා දුන් සෙසු නායකයන් වන අර්ජුණ රණතුංග (අදාළ ජයග්‍රාහී ප්‍රතිශතය 46.11%), සනත් ජයසූරිය (ජයග්‍රාහී ප්‍රතිශතය 46.11%) මහේල ජයවර්ධන (55.38%) ඇන්ජලෝ මැතිව්ස් (46.23%) තිලකරත්න ඩිල්ෂාන් (42.31%) සමග සසඳන විට දසුන් ශානකට වඩා එක්දින තරග ජයග්‍රාහී ප්‍රතිශතයක් සටහන් කර ඇත්තේ කුමාර සංගක්කාර (60.00%) පමණි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජයන් රැල්ලට පසුව 2021දී එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් වෙත භාරවූ අතර මෙරට වැඩිම අඛණ්ඩ එක්දින ජයග්‍රහණ මාලාව වාර්තා කිරීම, තිස් වසරකට පසු ශ්‍රී ලංකාවේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලි ජයක් ලබාදීම, අට වසරකට පසු පිට පිටම එක්දින තරගාවලි තුනක් ජයගැනීමට සමත්වීම ආදී කැපී පෙනෙන අවස්ථා රැසක් ඔහුගේ නායකත්වය යටතේ වාර්තා විය.

පන්දුවාර 20 තරග අංශයේදී අත්දැකීම් රහිත කණ්ඩායමක් සමග පකිස්තානයේ සංචාරය කර එහිදී එම තරග අංශයෙන් ලොව අංක එකේ සිටි පකිස්තාන කණ්ඩායම තරග 3-0ක් ලෙස පරාජය කිරීමට සමත්වීම, වසර 8කට පසු ආසියානු කුසලානක් ශ්‍රී ලංකාවට හිමිකර දීම, 2016න් පසු පළමු වරට පන්දුවාර 20 ලෝක කුසලානකට ශ්‍රී ලංකාවේ සෘජු සහභාගීත්වය සනාථ කිරීමට සමත්වීම ආදී වාර්තා රැසක් මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පන්දුවාර 20 ජයග්‍රහණ ලබාදුන් නායකයා ලෙසින්ද දසුන්ගේ නම සඳහන් වේ.

යම් හෙයකින් නායකත්වයෙන් ඉවත් කෙරුනද, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දසුන් ලෝක කුසලාන සඳහා වන සංචිතයට දසුන් ඇතුළත් වීමේ වැඩි ඉඩක් ඇත.

(aruna.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...