The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට

T

The Leader Desk

September 23, 2023 • 3:35 AM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු ක්‍රීඩා උළෙලේදී පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ඊයේ (22 වැනිදා) පැවැති තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ.
  •   වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් මෙම තරගය ඕවර 15 කට සීමා විය.
  • පළමුවෙන් පන්දුවට පහර දුන් තායිලන්ත කාන්තා කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 37 කට බිඳ වැටුණ නමුත් චනිදා සුතිරුවැන්ග් (නොදැවී 31) සහ පනීතා මායා එක්ව ලකුණු සංඛ්‍යාව 66 දක්වා ගෙන ගියහ.
  • ඕවර 15 ක් අවසානයේදී ඔව්හු කඩුලු 7 කට 78 ක් ලබාගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  

වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් මෙම තරගය ඕවර 15 කට සීමා විය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තරගය ෂේජියැං විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් තායිලන්ත කාන්තා කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 37 කට බිඳ වැටුණ නමුත් චනිදා සුතිරුවැන්ග් (නොදැවී 31) සහ පනීතා මායා එක්ව ලකුණු සංඛ්‍යාව 66 දක්වා ගෙන ගියහ.

ඕවර 15 ක් අවසානයේදී ඔව්හු කඩුලු 7 කට 78 ක් ලබාගත්හ.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශන ලකුණු 10කට කඩුලු 04ක් බිඳ හෙලුවා ය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 10.2 කදී අපේක්‍ෂිත ඉලක්කය කරා අවතීර්ණ වූහ.

තරගය අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 28 ක් ඉතිරිව තිබිණ.

 තරගය අවසන් කරමින් හර්ෂිතා සමරවික්‍රම ගැසූ හයේ පහරත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 84 ක් විය.

අනුශ්කා සංජීවනී වේගවත් ලකුණු 32ක් සහ චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කළාය.

ඉරිදා (24 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වදින අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වදිනු ඇත.

“අපිට රන් පදක්කම ඕනා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබිණ.



තායිලන්ත කාන්තාවෝ - ඕවර 15 කදී කඩුලු 7 ක් දැවී 78 යි
(චනිදා සුතිරුවැන්ග් නොදැවී 31, ඉනෝෂි ප්‍රියදර්ශනී 10/4)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 10.2 කදී කඩුලු 2 ට 84 යි
(චමරි අතපත්තු 27, අනුෂ්කා සංජීවනී 32, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 14, තිපාචා පුත්වොංග් 21/2)

381644151 785246510276936 1168013863613726274 n




ශ්‍රී ලංකාව - පාකිස්තානය අවසන් පූර්ව වටයේ


ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ඉරිදා (24 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වදින අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරග වදිනු ඇත.

ආසියානු කලාපයේ ඉදිරියෙන් සිටින කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වන ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රේණිගත කණ්ඩායම් ලෙසින් එක එල්ලේම අර්ධ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළහ. මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ හොං කොං අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් සෙසු කණ්ඩායම් වූහ.

හොං කොං සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාවට සේදී ගිය හෙයින් බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. පෙරේද පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදී ඉන්දියාව සහ පාකිස්තානය ජයගත්හ.



Asian 2023.09.23

(kelimandala.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...