The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පළමු රිදී පදක්කම ජයග්‍රහණය කරයි

T

The Leader Desk

September 25, 2023 • 6:12 PM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පළමු රිදී පදක්කම ජයග්‍රහණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කමට හිමිකම් දිනීමට
  • ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත් කරමිනි.
  • පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු හතකට ලකුණු 116ක් රැස් කිරීමට සමත්විය.
  • ලකුණු 117ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු අටක් දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 97ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය කණ්ඩායම අද (සැප් 25) සමත්විය.

ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත් කරමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු හතකට ලකුණු 116ක් රැස් කිරීමට සමත්විය.

ලකුණු 117ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු අටක් දැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 97ක් පමණි.

sl w

රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලක දී රිදී පදක්කම ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස මේ අවස්ථාව ඉතිහාසයට එක්වෙයි.

මීට පෙර, 2014 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය.

2014 වසරෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු පදක්කම වන්නේ ද මෙය යි.



අද තරගයේ දී මොකද වුණේ?

කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා ය.

පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 16 දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් විය.

ඉන්පසුව ඉන්දීය කණ්ඩායමේ ස්ම්‍රිති මන්ධනා සහ ජෙමීමා රොඩ්රිගස් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් රැස් කළහ.

තරගයේ 15 වන පන්දු වාරයේ දී ලකුණු 46ක් රැස්කර සිටි මන්ධනාගේ කඩුල්ල දවා ගැනීමට ඉනෝකා රණවීර සමත්වූවා ය.

පහළොස්වන පන්දු වාරය අවසන් වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 89ක් ලෙස ය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ ඉන්දීය කණ්ඩායමේ පිතිකාරිනියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ අතර අවසාන පන්දු වාර පහ තුළ දී ලකුණු 27ක් පමණක් ලබා දෙමින් කඩුලු පහක් දවා ගැනීමට ඔවුහු සමත්වූහ.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් උදේශිකා ප්‍රබෝදිනි, සුගන්ධිකා කුමාරි සහ ඉනෝකා රණවීර කඩුලු දෙක බැගින් දවාගත්හ.



සාධුගේ පන්දුවෙන් කඩා වැටුණු මුල් පෙළ

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 14ක් වන විට දැවී ගියේ ය.

නායිකා චමරි අතපත්තු ලකුණු 12කට, අනුෂ්කා සංජිවනී එක් ලකුණකට සහ විශ්මි ගුණරත්න ලකුණු නොලබා නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දියාවේ මඳ වේග පන්දු යවන තිතාස් සාධු සමත්වූවා ය.

ඇගේ එම පන්දු යැවීම ඉන්දියාවට තරගයේ ජයග්‍රහණය කරා යාමේ මූලික අඩිතාලම සකස් කර දුන්නේ ය.

ඉක්මන් කඩුලු තුනක් දැවී යාමෙන් පසු නැවත ශ්‍රී ලංකා ඉනිම නගා සිටුවීමට මැද පෙළ පිතිකාරිනියන් වූ හසිනි පෙරේරා (ලකුණු 26ක්), නිලක්ෂි ද සිල්වා (ලකුණු 23ක්) සහ ඕෂදී රණසිංහ (ලකුණු 19ක්) දැඩි වෙහෙසක් දැරූහ.

පළපුරුදු ආරම්භක පිතිකාරිණියන්ගේ සහාය නොලැබීම හේතුවෙන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු අටක් දැවී ලකුණු 97ක් ලෙස ශ්‍රී ලංකා ඉනිම නිමාවිය.


(BBC සිංහල සේවය)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...