The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංගලාදේශයට එරෙහි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අත්වූ අමිහිරි පරාජය

T

The Leader Desk

September 30, 2023 • 4:16 AM

 බංගලාදේශයට එරෙහි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අත්වූ අමිහිරි පරාජය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති පුහුණු තරගයෙන් බංගලාදේශය කඩුලු 7 ක ජයග්‍රහණයක් ලැබීමට ඊයේ ( සැප්. 29 වැනිදා) සමත් විය.
  • බංගලාදේශය සමග පැවති තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියහ.
  • කුසල් සහ පැතුම් පන්දු වාර 9.1කදී ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය.
  • එහෙත් අවසනාවන්ත අයුරින් කුසල් ජනිත් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවුයේ ඔහුගේ දකුණු උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.


කුසල් ජනිත්ට යලි ආබාධයක්... ?


බංගලාදේශය සමග පැවති තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියහ.

කුසල් සහ පැතුම් පන්දු වාර 9.1කදී ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය.

එහෙත් අවසනාවන්ත අයුරින් කුසල් ජනිත් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවුයේ ඔහුගේ දකුණු උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.

ඒ වන විට කුසල් ජනිත් පන්දු 24 කදී ලකුණු 34ක් කර ගෙන සිටියේ හතරේ පහරවල් 6ක් ද සමගයි.


731861c0 5eea 11ee b411 bb55020023f1කුසල් ජනිත් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවුයේ ඔහුගේ දකුණු උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. පිටියෙන් ඉවත්ව ගිය කුසල් ජනිත් පෙරේරා පිතිකරණයට නැවත පිටියට පැමිණියේ නැත.


කඩා වැටුණු මැද පෙළ පිතිකරණය


කුසල් ජනිත් පිටියෙන් ඉවත්වීමෙන් පසු පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 40ක් එක් කිරීමට සමත් විය.

15 වන පන්දු වාරයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 22 කට දවා ගැනීමට නසුම් අහමඩ් සමත් විය.

කුසල්ගේ දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි සධීර සමරවික්‍රම ලකුණු 3 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පැතුම් නිස්සංක ලකුණු 68 කට දවා ගැනීමට මෙහෙදී හසන් සමත් විය.

චරිත් අසලංක ද ලකුණු 18 කට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 28 යි පන්දු 2 කදී ලකුණු 164 කට කඩුලු 4 ක් ලෙසයි.


29cca620 5eea 11ee 954a 413268577267
15 වන පන්දු වාරයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 22 කට දවා ගැනීමට නසුම් අහමඩ් සමත් විය.



නැවතත් අසාර්ථක වූ දසුන් ශානක


පසුගිය කාල සීමාව පුරාවට ලකුණු අතර නොසිටි නායක දසුන් ශානක ට අද තරගයේදී ද ලකුණු අතරට ඒමට නොහැකි විය.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දු වාර 21ක් ඉතිරිව තිබියදී පිටියට පිවිසි දසුන් ශානකට කිසිදු පීඩනයකින් තොරව අද තරගයේදී ලකුණු අතරට පැමිණීමට අවස්ථාව තිබුණ ද, ඔහු ලකුණු 03 කට දැවී ගියේය.

දසුන් පසුගිය එක්දින තරග 12 කදී රැස් කර ඇත්තේ ලකුණු 60ක් පමණි.


35651800 5eea 11ee 954a 413268577267ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පැතුම් නිස්සංක ලකුණු 68 කට දවා ගැනීමට මෙහෙදී හසන් සමත් විය.


ඉනිමට සවියක් වූ ධනංජය


එක් අන්තයක පිතිකරුවන් වගකීම් විරහිතව දැවී යන විට තමන්ගේ කඩුල්ල ආරක්ෂා කර ගනිමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම නැවත නගා සිටුවීමට ධනංජය ද සිල්වා දැඩි වෙහෙසක් ගත්තේය.

ධනංජය ද සිල්වා විසින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 200 සීමාව දක්වා ගෙන යාමට විශාල දායකත්වයක් දක්වන ලදී.

ඔහු පන්දු 79 කදී ලකුණු 55ක් රැස් කරමින් සිටියදී දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 18ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 10ක් සහ දුෂාන් හේමන්ත ලකුණු 11 ක් රැස් කරන ලදී.

ඒ අනුව පන්දු වාර 49 යි එක් පන්දුවකදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 263 කට සීමා විය.


බංගලාදේශ පිතිකරුවන්ගේ වේගවත් හඹා යාම


ලකුණු 264ක ඉලක්කයක් හඹා යාමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් සිය ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දෙන ලදී.

ලිටන් දාස් සහ ටන්සිඩ් හසන් පන්දු වාර 20.4 කදී බංගලාදේශ ඉනිම වෙනුවෙන් ලකුණු 131ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 61ක් ලබාගෙන සිටියදී ලිටන් දාස්ගේ කඩුල්ල දවා ගැනීමට දුෂාන් හේමන්ත සමත් වූයේය.

ඉන් පසුව පිටියට එක්වූ මෙහෙදී හසන් මිරාස් සහ ටන්සිඩ් හසන් බංගලාදේශ ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක් රැස් කළහ.

ලකුණු 84ක් රැස් කරගෙන සිටියදී ටන්සිඩ් හසන් දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය.

ඉන් පසූව ක්‍රියාත්මක වූ දුනිත් වෙල්ලාලගේ ගේ පන්දුවක් හමුවේ තව්හිඩ් හිර්දෝයි ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේය.

ඒ වන විට බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 28 යි පන්දු 4 කදී ලකුණු 188 ක් ලෙසයි.

මෙහිදී හසන් මිරාස් සමග එක්වූ මුෂ්ෆිකර් රහීම් සිව්ව්න කඩුල්ල වෙනුවෙන් නොබිදිනු ලකුණු 76ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.

ඒ අනුව පන්දු වාර 42කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 264ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

(BBC සිංහල සේවය)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...