The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රීඩා ඇමතිගේ කමිටුවට බාල්දියක් !

T

The Leader Desk

October 1, 2023 • 8:43 AM

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රීඩා ඇමතිගේ කමිටුවට බාල්දියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ත්‍රී පුද්ගල සම්බන්ධීකරණ කමිටුවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිඳභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල අධීක්ෂණය, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය කිරීම එම කමිටුවේ මුලික කාර්යභාරය ලෙස සඳහන් වේ. 

ඇමතිවරයා විසින් මෙම කමිටුව නම් කර පසුගිය සැප්තැම්බර 26 වෙනිදා එබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දැනුම්දී තිබිණ. 

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයෙකු වූ සිදත් වෙත්තමුණි, හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වන උපාලි ධර්මදාස සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයකු වන නීතිඥ රඛිත රාජපක්ෂ එසේ නම්කරන ලද කමිටු සාමාජිකයින්ය. 

IMG 0697IMG 0698
කෙසේවුවද වහාම ඊට ප්‍රතිචාර දක්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පමණක් බව සැප්තැම්බර් 28 දා ඇමතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. 

creenshot 2023 10 01 at 14.06.45


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...