The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රිදි පදක්කම අහිමි කරයි

T

The Leader Desk

October 3, 2023 • 3:19 AM

 රිදි පදක්කම අහිමි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ, මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ඊයේ (02) ගිලිහී ගියේ ය.
  •  ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී ඊයේ (02) පැවැත්වුණු අතර එහිදී මිනිත්තු 3යි තත්තර 14යි දශම 2යි 5ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාව තරගය අවසන් කළේ දෙවැන්නා ලෙසය.
  • කෙසේ නමුත්, ධාවන තීරු නීති උල්ලංඝණය කිරීමේ වරදට ශ්‍රී ලංකාව තරගයෙන් ඉවත් කළ බව ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය පසුව ප්‍රකාශ කළේ ය.
  • ඒ අනුව බහරේනයට රන් පදක්කම හිමි වූ අතර, පිළිවෙලින් ඉන්දියාව සහ කසක්ස්ථානය රිදී සහ ලෝකඩ පදක්කම්  දිනා ගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නීති උල්ලංඝණය කිරීමේ වරදට තරගයෙන් ඉවත් කිරීම හේතුවෙනි.

 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී ඊයේ (02) පැවැත්වුණු අතර එහිදී මිනිත්තු 3යි තත්තර 14යි දශම 2යි 5ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාව තරගය අවසන් කළේ දෙවැන්නා ලෙසය.

කෙසේ නමුත්, ධාවන තීරු නීති උල්ලංඝණය කිරීමේ වරදට ශ්‍රී ලංකාව තරගයෙන් ඉවත් කළ බව ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය පසුව ප්‍රකාශ කළේ ය.

තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, නදීෂා රාමනායක සහ තරුෂි කරුණාරත්න යි.

ඒ අනුව බහරේනයට රන් පදක්කම හිමි වූ අතර, පිළිවෙලින් ඉන්දියාව සහ කසක්ස්ථානය රිදී සහ ලෝකඩ පදක්කම්  දිනා ගැනීමට සමත් විය.

මෙම අවාසනාවන්ත තත්ත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන විග්‍රහ කර තිබුණේ මෙසේය.

 “අරුණ දර්ශන තම ධාවන පථයේ පැමිණ නදීෂා රාමනායක වෙත යෂ්ඨිය ලබාදෙන අවස්ථාවේදී අරුණගේ එක් පාදයක් අදාළ ධාවන පථයෙන් ඇතුළත පිහිටි ධාවන පථයට පිවිසීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් අවලංගු කළේය.”

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකා ලක්ෂිණි සාරා සිල්වා අද දුර පැනීම (කාන්තා) ඉසව්වෙන් මීටර් 6.14කට 6 වැනි ස්ථානය ලැබුවාය. එහි රන් පදක්කම චීන ක්‍රීඩිකා සිකී සිඔන්ග් මීටර් 6.73කට දිනා ගත්තාය. ලක්ෂ්ණිගේ මෙහි හොඳම මෙතෙක් දක්ෂතාව මීටර් 6.38කි.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...