The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එක්දින ක්‍රිකට් පිටියේ මංගල්‍යය - ශූරයෝ සහ අනු ශූරයෝ අද සටන අරඹති

T

The Leader Desk

October 5, 2023 • 7:35 AM

එක්දින ක්‍රිකට් පිටියේ මංගල්‍යය - ශූරයෝ සහ අනු ශූරයෝ අද සටන අරඹති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව අනු ශූර නවසීලන්තය අද (5 වැනිදා) පස්වරු 2.00 ට
  •   මෙවර තරගාවලියේ ශූරයන් සඳහා කුසලාන සමග ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදලක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 කට ආසන්න වේ.
  • අනු ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2 ක්ද, අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක් බැගින්ද පිරිනැමීමට නියමිතය.  තරගාවලියේ මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග 45 ක් පැවැත්වේ.
  • මූලික වටය අවසානයේ ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හි පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ අහමදාබාද්හි නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය. 

මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි. ඉන්දියාව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක සම්පූර්ණ සත්කාරකත්වය දරන පළමු අවස්ථාව මෙයයි.

අහමදාබාද් හැරුණු කොට බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධර්ම්ශාලා, හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව්, මුම්බායි සහ පූනේ යන නරගවලදී මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වේ. 

මුම්බායිහි වැන්කඬේ ක්‍රීඩාංගණයේදී සහ කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක්‍රීඩාංගණයේදී අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීය. 

සත්කාරක ඉන්දියාවට අමතරව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය මෙම තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඒ සඳහා අවස්ථාව උදාකර ගත්තේ ඉකුත් ජූනි සහ ජූලි මාසවල සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වෙමිනි. 

101326176.jpg

මෙවර විශේෂත්වයක් වන්නේ ඉතිහාසයේ පළමු වරට ලෝක ශූරතා දෙකක් දිනූ බටහිර ඉන්දිය කොදෙව්වන්ට තරඟාවලියට එක්වීමට නොහැකි වීමයි. ඒ, සුදුසුකම් ලැබීමේ වටයේදී ඔවුන් පරාජය වීම හේතුවෙනි.

 

මෙවර තරගාවලියේ ශූරයන් සඳහා කුසලාන සමග ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදලක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 130 කට ආසන්න වේ. අනු ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2 ක්ද, අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක් බැගින්ද පිරිනැමීමට නියමිතය. 

තරගාවලියේ මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග 45 ක් පැවැත්වේ. එහිදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් වරක් බැගින් තරග වැදීමට නියමිතය. මූලික වටය අවසානයේ ලකුණු සටහනේ මුල් ස්ථාන 4 හි පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත. එතැන් පටන් තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ. 

ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වන කණ්ඩායම සහ සිවුවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර එහි දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සහ තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. එම තරග දෙකෙහි ජයග්‍රාහකයන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

GettyImages 1563231746 1 .jpg

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි 12 න් 5 කදීම ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අවස්ථා දෙක බැගින්ද, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය එක් අවස්ථාවක් බැගින්ද ලෝක කුසලාන තමන් සතුකරගෙන තිබේ. ඉන් වඩාත් තියුණු ජයග්‍රහණයට එංගලන්තය හිමිකම් කීවේ 2019 වසරේදී නවසීලන්ත පරාජය කරමිනි. 

 

මෙවර තරගාවලියේ සමාරම්භක තරගය 2019 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේ පුනුරූපණයක් බඳුවනු ඇත. 2019 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවූ කේන් විලියම්සන් මෙවර තරගාවලියේදීත් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන අතර එංගලන්ත කණ්ඩායම තරගාවලියට එක්ව සිටින්නේ ජොස් බට්ලර්ගේ නායකත්වය යටතේය. 

තරගාවලියට පෙරාතුව පැවැති පෙරහුරු තරගයකදී පාකිස්තානයට එරෙහිව ලකුණු 346 ක දැවැන්ත ඉලක්කයක් හඹායමින් කඩුලු 5 ක ජයක් ලැබූ නවසීලන්තය, තවත් තරගයකදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 7 ක තියුණු ජයක් ලැබීය. ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ පෙරහුරු තරගය වැස්සට සේදී ගියද, සහභාගි වූ සෙසු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ඩක්වර්ත් - ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 ක් ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. 

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව, මේ වන විට බංග්ලාදේශයට සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති පෙරහුරු තරග දෙකම පරාජයට පත්ව යම් පසුබෑමකට ලක්ව සිටියි. කෙසේ වුවත් දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම, පරාජයේ අළු ගසා දමමින් යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු බලාපොරොත්තුවෙන් සිටිති. 

Screenshot 2023 10 05 at 13.02.20
“මෙය අපට උද්යෝගිමත් කාලයක්. අපේ ක්‍රීඩකයො පසුගිය කාලයේ ආබාධවලට ලක්ව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ඒ වගේම අපි එක දිගට තරග ජයගෙන වාර්තාවක් තියලත් තියෙනවා. කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. හැම කණ්ඩායමකටම අවශ්‍ය කැපී පෙනෙන යමක් කරන්නයි. අපිත් ඇවිත් ඉන්නේ මෙම තරගාවලියේදි හොඳින් දස්කම් දැක්වීමටයි.” යැයි අහමදාබාද්හි පෙරේදා (3 වැනිදා) පැවැති නායකයන්ගේ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය. 

මෙවර තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ කාටද ? ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මාවන් අතපත්තු 'නෙත් ක්වික් දැට්' වැඩසටහනට එක්ව මෙසේ අදහස් දැක්විය. 

 



(උපුටා ගැනීම් - kelimandala.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...