The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සමාරම්භක තරගයේ දී නවසීලන්තය ට සුපිරි ජයක්

T

The Leader Desk

October 5, 2023 • 5:23 PM

සමාරම්භක තරගයේ දී නවසීලන්තය ට සුපිරි ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවසීලන්තය සහ එංගලන්තය අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති
  • ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ, ඕවර 36.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ඉලක්කය සපුරාගත්හ.
  • ආරම්භක පිතිකරු විල් යංග් මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගියද, ඩෙවෝන් කොන්වේ (නොදැවී 152) සහ රචින් රවින්ද්‍ර (නොදැවී 123) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 211 කදී ලකුණු 273 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
  • පන්දු 121 කට මුහුණදුන් කොන්වේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 19 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 96 කදී වාර්තා වූ රවින්ද්‍රගේ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ, ඕවර 36.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ඉලක්කය සපුරාගත්හ.

ආරම්භක පිතිකරු විල් යංග් මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගියද, ඩෙවෝන් කොන්වේ (නොදැවී 152) සහ රචින් රවින්ද්‍ර (නොදැවී 123) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 211 කදී ලකුණු 273 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පන්දු 121 කට මුහුණදුන් කොන්වේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 19 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 96 කදී වාර්තා වූ රවින්ද්‍රගේ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

ලෝක කුසලාන තරගයකදී ශතකයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා ලෙස රචින් රවින්ද්‍ර වාර්තා අතරට එක්වෙයි.


xcgfsrt4ඩෙවෝන් - රචින් නවසීලන්තය දිනවති


පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 282 ක් ලබාගත්තේය. එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ ජෝ රූට්, පන්දු 86 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 77 ක් රැස්කළ අතර ඉනිමේ හත්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ග්ලේන් පිලිප්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

නායක ජොස් බට්ලර් (43) සමග එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද රූට් සමත් වූ අතර පන්දු 42 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

නවසීලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 48 කට කඩුලු 3 ක් බිඳහෙළීය. එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා හෙන්රිට අනගි සහායක් දුන් මිචෙල් සෑන්ට්නර් සහ ග්ලේන් පිලිප්ස් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.



එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවි 282
(ජොනී බෙයාස්ටෝ 33, ජෝ රූට් 77, හැරී බෘක් 25, ජොස් බට්ලර් 43, ලයෑම් ලිවිංග්ස්ටන් 20, මැට් හෙන්රි 48/3, ග්ලේන් පිලිප්ස් 17/2, මිචෙල් සෑන්ට්නර් 37/2)

නවසීලන්තය - ඕවර 36.2 කදී කඩුල්ලක් දැවී 283
(ඩෙවෝන් කොන්වේ නොදැවී 152, රචින් රවින්ද්‍ර නොදැවී 123)


(kelimandala.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...