The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු පිල අද සවුදි අරාබියේදී සටන් බිමට

T

The Leader Desk

October 12, 2023 • 5:16 AM

ශ්‍රී ලංකා පාපන්දු පිල අද සවුදි අරාබියේදී සටන් බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරකට අධික කාලයකට පසු ශ්‍රී ලංකා පාපන්දු පිල ජාත්‍යන්තර පාපන්දු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ
  • ශ්‍රී ලංකාව හා යේමනය අතර, පළමු තරගය අද සවුදි අරාබියේ අබා නගරයේදී හා දෙවැනි තරගය 17 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සැලසුම්කොට ඇත.
  • ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදෙස් පාපන්දු ක්‍රීඩකයන් 5ක් ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදෙස් පාපන්දු ක්‍රීඩකයන් 5ක් ශ්‍රී ලංකා පිලට එක් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව පරිපාලනය කටයුතු කිරීම විශේෂත්වයකි.
  •   ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම භාරව කටයුතු කරන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු පැවසුවේ, කෙටි කලක් තුළ ජාතික පාපන්දු පිල ජාත්‍යන්තර පාපන්දු තරගාවලියකට සහභාගී කරවීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලියේදී යේමනය සමඟ අද තරග බිමට පිවිසෙයි.

ශ්‍රී ලංකාව හා යේමනය අතර, පළමු තරගය අද සවුදි අරාබියේ අබා නගරයේදී හා දෙවැනි තරගය 17 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සැලසුම්කොට ඇත.

ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදෙස් පාපන්දු ක්‍රීඩකයන් 5ක්

ශ්‍රී ලංකා සම්භවයක් ඇති විදෙස් පාපන්දු ක්‍රීඩකයන් 5ක් ශ්‍රී ලංකා පිලට එක් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව පරිපාලනය කටයුතු කිරීම විශේෂත්වයකි.

 ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම භාරව කටයුතු කරන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උප සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු පැවසුවේ, කෙටි කලක් තුළ ජාතික පාපන්දු පිල ජාත්‍යන්තර පාපන්දු තරගාවලියකට සහභාගී කරවීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි.

“පසුගිය කාලයේ පාපන්දු පරිපාලනය අක්‍රීය වී තිබූ නිසා තවමත් මුදල් ගෙවීමේ අපහසුතා ඇතිවෙලා තියෙනවා. නමුත් අපේ වගකීම පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි කරවීම. ඒ නිසා ගුවන් ප්‍රවේශපත්‍ර ඇතුළු වියදම් පසුව දෙන පොරොන්දුව මත වැය කළා. උප සභාපති රංජිත් රුද්‍රිගූ මහතාගේ පෞද්ගලික මුදල් රුපියල් ලක්ෂ 25ක් කණ්ඩායම වෙනුවෙන් ඩොලර් ගැනීමට ලබා දුන්නා.

පවතින තත්ත්වය තුළ කණ්ඩායමක් ලෙස අප අභියෝගයට මුහුණ දුන්නා. දැන් තියෙන්නේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කිරීමයි. පිට ඉඳන් බලන අයට මේ පිළිබඳ වැටහීමක් නෑ. කවුරු මොනවා කීවත් අපට පැවැරුණ වගකීම රට වෙනුවෙන් අප ඉටු කරනවා” මනිල් ප්‍රනාන්දු පැවසීය.

අන්තර්ජාතික පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව යේමනය 156 වැනි ස්ථානයේ සිටින අතර, ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ පසු වේ.

යේමනය මේ වසරේ ජනවාරි මාසයේ අවසන් වරට අන්තර්ජාතික පාපන්දු තරගයකට සහභාගීවූ අතර, එහිදී ඉරාකය හමුවේ ගෝල් 5-0ක පරාජයක් හිමි විය.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූලි මාසයේදී මාලදිවයින සමඟ අවසන් අන්තර්ජාතික පාපන්දු තරගයට මුහුණදුන් අතර, එහිදී ගෝල් 1-0ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා පාපන්දු පිල ඊයේ සවුදි අරාබියේදී පුහුණුවීම්වල නිරතව සිටි අයුරු.

football 234

foorball 235

football 236
(dinamina.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා පාපන්දු පිල අද සවුදි අරාබියේදී සටන් බිමට | The Leader