The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පකිස්ථාන ක්‍රිකට් නිවේදිකාවට ඉන්දියාවෙන් පිටව යන්න සිදුවුයේ ඇයි?

T

The Leader Desk

October 12, 2023 • 4:39 AM

පකිස්ථාන ක්‍රිකට් නිවේදිකාවට ඉන්දියාවෙන් පිටව යන්න සිදුවුයේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය ආවරණය කරන පකිස්ථාන නිවේදිකාවක සමාජ මාධ්‍යවල "අපහාසාත්මක" අදහස් පළ කළ බවට එල්ල වූ විරෝධය හමුවේ එරටින් පිටව ගොස් තිබේ.
  • රටින් පිටවන ලෙසට බල කරමින් ඇතැම් ඉන්දීය මාධ්‍ය සංවිධාන විසින් කරන ලද ප්‍රකාශ මධ්‍යයේ අබ්බාස් සඳුදා එරටින් පිටත්ව ගියා ය.
  • කෙසේ වෙතත්, අයිසීසී ප්‍රකාශකයෙකු බීබීසීය වෙත පැවසුවේ, පෞද්ගලික හේතුවක් මත ඇය ඉන්දියාවෙන් පිටව ගිය බව ය.
  • තම නික්ම යාම පිළිබඳව අබ්බාස් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත.  ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින්නේ ආතතිමය සම්බන්ධතාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

සෙයිනාබ් අබ්බාස් ලෝක කුසලානය ආවරණය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩිජිටල් කණ්ඩායමේ සාමාජිකාවක වූවා ය.

රටින් පිටවන ලෙසට බල කරමින් ඇතැම් ඉන්දීය මාධ්‍ය සංවිධාන විසින් කරන ලද ප්‍රකාශ මධ්‍යයේ අබ්බාස් සඳුදා එරටින් පිටත්ව ගියා ය.

කෙසේ වෙතත්, අයිසීසී ප්‍රකාශකයෙකු බීබීසීය වෙත පැවසුවේ, පෞද්ගලික හේතුවක් මත ඇය ඉන්දියාවෙන් පිටව ගිය බව ය.

තම නික්ම යාම පිළිබඳව අබ්බාස් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත. 

Screenshot 2023 10 12 at 10.01.28

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින්නේ ආතතිමය සම්බන්ධතාවකි. 1947 වසරේ නිදහස් රාජ්‍ය බවට පත් වූ දා සිට ඔවුන් තෙවතාවක් යුද්ධ කර තිබේ. දෙරට අතර එක්දින තරගයක් ලබන සෙනසුරාදා අහමදාබාද් නුවරදී පැවැත්වීමට නියමිත ය.

2015 සිට ක්‍රීඩා මාධ්‍යවේදිනියක සහ විස්තර විචාරිකාවක වන අබ්බාස් 2019 වසරේදී පකිස්ථානයේ සිට ක්‍රිකට් ලෝක කුසලානය ආවරණය කළ පළමු කාන්තා ක්‍රීඩා වර්තාකාරිය සහ විස්තර විචාරිකාව බවට පත් වූවා ය.

ඇය පසුගිය සතියේ ඉන්දියාවට පැමිණ ඇති අතර ඔක්තෝබර් 6 වන දින හයිද්‍රාබාද්හිදී නෙදර්ලන්තයට එරෙහිව පැවති පකිස්තානයේ ලෝක කුසලාන ආරම්භක තරගයේ වාර්තාකරණ කටයුතු සිදු කර ඇති බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. පකිස්ථානයේ අනෙකුත් තරග ආවරණය සඳහා ඇය බෙංගලූරු, චෙන්නායි සහ අහමදාබාද් වෙත යාමට නියමිතව තිබිණි.

නමුත් පසුගිය සතියේ දිල්ලි අගනුවර නීතිඥවරයෙකු විසින් ඇයගේ පැරණි ට්විටර් පණිවිඩ සම්බන්ධයෙන් ඇයට එරෙහිව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ඇය සමාජ මාධ්‍ය තුළ විශාල විරෝධයකට මුහුණ දුන්නා ය.

නීතීඥ විනීත් ජින්ඩාල්ගේ පැමිණිල්ලේ සඳහන් වූයේ, අබ්බාස්ට Xහි (මීට පෙර ට්විටර්) නිල නොවන ගිණුමක් තිබී ඇති බව ත්, එහි ඉන්දියාව සහ හින්දු ආගම සමච්චලයට ලක් කරමින් ඇය "නින්දා සහ ප්‍රකෝපකාරී ප්‍රකාශ" පළ කර ඇති බව ත් ය.

ඒවායේ ලබා ගත් 'ස්ක්‍රීන්ෂොට්ස්' මගින් අනාවරණය වන්නේ, අදාළ ප්‍රකාශ මීට වසර කිහිපයකට පළ කරන ලද ඒවා වන නමුත් ඒවා තව දුරටත් එම සමාජ මාධ්‍ය වේදිකාව තුළ නොමැති බව ය.

ජින්ඩාල්ගේ පැමිණිල්ලේ අබ්බාස්ගේ නිල X ගිණුමෙන් ඇය කාශ්මීරයේ ස්වයං නිර්ණ අයිතිය ගැන ලියා ඇති ට්විටර් පණිවිඩයක් ද උපුටා දක්වා ඇත. හිමාල කලාපය ඉන්දියාව සහ පකිස්ථානය අතර බෙදී ඇති අතර රටවල් ද්විත්වය ම ඊට සම්පූර්ණයෙන් ම හිමිකම් කිය යි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් සහ ඔහුගේ පුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම්වරයා වන ජේ ෂාහ් වෙත මෙම විස්තර විචාරිකාව සේවයෙන් ඉවත් කරන ලෙස දන්වා යැවූ ලිපියක්, ජින්ඩාල් විසින් Xහි පළ කරනු ලැබ තිබේ.

ඉන්දියාවේ පරිශීලකයින් කිහිප දෙනෙකු ඇගේ නිල නොවන ගිණුමේ ඇතුළත් ප්‍රකාශ බව පවසමින් 'ස්ක්‍රීන්ෂොට්ස්' හුමාරු කර අබ්බාස් විවේචනය කර තිබුණේ, අඟහරුවාදා Xහි ඇගේ නම වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් කරමිනි.

පකිස්ථානයේ ද ඇයගේ නම Xහි වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබිණි. නමුත් බොහෝ පරිශීලකයෝ ඇයව ආරක්ෂා කරමින් සහ ඇයගේ නමින් හුවමාරු කර ගත් පෝස්ට්වල නිරවද්‍යතාව ප්‍රශ්න කරති.

පකිස්ථාන මාධ්‍යවේදී රිස්වාන් ගිල්සායි පැවසුවේ, අබ්බාස් ඉන්දියාවෙන් "ආරක්ෂිතව පිට වූ" බව ය. "සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ඇය ඉන්දියාවේදී තර්ජනවලට මුහුණ දී ඇත," යැයි ඔහු Xහි ලිවීය. "@ICCයට තම නිවේදිකාව ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක්."

(මෙරිල් සෙබස්තියන් - බීබීසී පුවත්)

BBC සිංහල සේවය 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...