දසුන් ශානකට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෙසු තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
එබැවින් ඔහු වෙනුවට, අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කරනු ලැබ සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට තේරීම් කමිටුව තීරණය කර තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 2 ට ක්‍රීඩා කළ දසුන්, එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වූ නමුත් කඩුලු දවාගැනීමට අපොහොසත් විය. එක්දින ජාත්‍යන්තර තරග 69 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 1284 ක් රැස්කරමින් කඩුලු 27 ක් බිඳහෙළා ඇත.
මේ වන විට 27 වැනි වියේ පසුවන චාමික කරුණාරත්න, එක්දින තරග 23 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 443 ක් රැස්කරමින් බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 24 කි. මෙම තරගාවලිය සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවුණද, අතිරේක ක්‍රීඩකයකු ලෙස ඔහු කණ්ඩායම සමගන් රැදී සිටියේය.
වසීම් ඛාන්, ක්‍රිස් ටෙට්ලි, හැමන්ග් අමීන්, ගෞරව් සක්සේනා, රසල් ආනෝල්ඩ් සහ සයිමන් ඩූල් මෙවර ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව නියෝජනය කරන අතර දසුන් වෙනුවට චාමික සංචිතයට ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ අනුමැතිය ලැබී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (14 වැනිදා) නිවේදනය කර සිටියේය.
(kelimandala.lk)
දසුන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
T
The Leader Desk
October 14, 2023 • 4:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දකුණු පාදයේ මාංශ පේශීවල ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක
- එබැවින් ඔහු වෙනුවට, අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කරනු ලැබ සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට තේරීම් කමිටුව තීරණය කර තිබේ.
- මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 2 ට ක්‍රීඩා කළ දසුන්, එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වූ නමුත් කඩුලු දවාගැනීමට අපොහොසත් විය.
- එක්දින ජාත්‍යන්තර තරග 69 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 1284 ක් රැස්කරමින් කඩුලු 27 ක් බිඳහෙළා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



