The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

උණුසුම් තරගයේ ජය ඉන්දියාවට

T

The Leader Desk

October 14, 2023 • 4:18 PM

උණුසුම් තරගයේ ජය ඉන්දියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් වැඩි අවධානයක් දිනාගන්නා තරගයක් වන
  • එම තරගය කඩුලු 07කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.
  • ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.
  • තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 192කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැත්වුණි.

එම තරගය කඩුලු 07කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 192කි.

ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 03ක් තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.


මෙම ජයත් සමග තවදුරටත් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූ ඉන්දියාව, එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානය හමුවේ අපරාජිත වාර්තාව රැකගැනීමටද සමත් විය. මේ දක්වා එක්දින ලෝක කුසලාන තරග 8 කදී පාකිස්තානයට එරෙහිව තරග වැදී ඇති ඉන්දියාව එම තරග 8 න්ම ජය ලබා ඇත.


ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 63 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 86 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය තහවුරු කළේය.

රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී ජස්ප්‍රීට් බුම්රා ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත් අතර හර්දීක් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජදේජා සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන්හ.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක බාබර් අසාම් පන්දු 58 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන් පන්දු 69 කින් ලකුණු 49 ක් රැස්කළේද හතරේ පහර 7 ක් සමගිනි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 82 ක සම්බන්දතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් බාබර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව අවසන් කඩුලු 6 ම ලකුණු 29 ක් තුළ බිඳවැටීමෙන් පාකිස්තාන ඉනිම කඩා වැටිණ. අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී රිස්වාන් දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි.

‍පාකිස්තානය - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 191
අබ්දුල්ලා ශෆීක් 20, ඉමාම් උල්හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රීට් බුම්රා  19/2, හර්දීක් පාණ්ඩ්‍යා 34/2, කුල්දීප් යාදව් 35/2, රවින්ද්‍ර ජදේජා 38/2, මොහොමඩ් සිරාජ් 50/2)

ඉන්දියාව - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 192
(රෝහිත් ශර්මා 86, ශුබ්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශ්‍රෙයාස් අයියර් නොදැවී 53, ලොකේෂ් රාහුල් නොදැවී 19, ශහීන් අෆ්රිඩි 36/2) 

00WC 1

00WC 3

00WC 4

00WC 5

00WC 7

00WC 6

00WC 2

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...