The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නවසිලන්තය හමුවේ අයිරිෂ් හදවත් බිඳුනු රාත්‍රිය

T

The Leader Desk

October 15, 2023 • 10:32 AM

නවසිලන්තය හමුවේ අයිරිෂ් හදවත් බිඳුනු රාත්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව අංක 1 ට ශ්‍රේණිගතව සිටි අයර්ලන්තය සහ තෙවතාවක්ම ලෝක ශූරයින් වූ නවසිලන්තයේ ඕල් බ්ලැක්ස් (All Blacks) කණ්ඩායම අතර
  • ලෝක කුසලාන රග්බි තරගාවවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය ආරම්භ කරමින් මෙම තරඟය ආරම්භ වුනේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට.
  •   මේ පරාජය අයර්ලන්ත නායක ජොනී සෙක්ස්ටන්ගේ ක්‍රීඩා දිවියට විනාශකාරී අවසානයක් ගෙන ආ අතර අයර්ලන්ත රග්බි කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩි ෆැරල් කියා සිටියේ මෙය තමාගේ වර්තමාන කණ්ඩායමේ “අවසානය” බව.
  • ප්‍රථම වතාවට ලෝක රග්බි කුසලානය දිනා ගැනීමේ අයිරිෂ් සිහිනය බොඳව ගියේ නවසිලන්තය ප්‍රදර්ශනය කළ ‘මාස්ටර්’ මට්ටමේ ආරක්ෂක ක්‍රීඩාව හේතුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (14) පැරිසියේ ශාන්ත ඩෙනිස් නුවරදී පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ තියුණු මුහුණුවරක් ගත් අර්ධ අවසන් පූර්ව තරගය නවසිලන්තය ලකුණු 28 – 24කින් ජය ගත්තේ අයර්ලන්ත හදවත් බිඳ දමමින්.

ලෝක කුසලාන රග්බි තරගාවවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය ආරම්භ කරමින් මෙම තරඟය ආරම්භ වුනේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30 ට.  

PHOTO 2023 10 15 15 12 11
මේ පරාජය අයර්ලන්ත නායක ජොනී සෙක්ස්ටන්ගේ ක්‍රීඩා දිවියට විනාශකාරී අවසානයක් ගෙන ආ අතර අයර්ලන්ත රග්බි කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩි ෆැරල් කියා සිටියේ මෙය තමාගේ වර්තමාන කණ්ඩායමේ “අවසානය” බව.

ලෝකයේ ඉහළින් ම අංක එකේ සිටින අයර්ලන්ත රග්බි කණ්ඩායම ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවම වශයෙන් අවසන් පූර්ව තරගයට හෝ පිවිසෙනු ඇතැයි යන්න ලොව රග්බි ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනාගේ මහත් විශ්වාසය වී තිබුනා. 

PHOTO 2023 10 15 15 12 08
එහෙත් ලෝක කුසලාන තරගාවලියක 'ඕල් බ්ලැක්ස්'කණ්ඩායමට එරෙහිව දැඩි කම්පාවක් ඇති කරවන තවත් රාත්‍රියක ඇන්ඩි ෆැරල්ගේ කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව සාපයෙන් ගැලවීමට නැවත වතාවක් නොහැකි වුනා. ප්‍රථම වතාවට ලෝක රග්බි කුසලානය දිනා ගැනීමේ අයිරිෂ් සිහිනය බොඳව ගියේ නවසිලන්තය ප්‍රදර්ශනය කළ ‘මාස්ටර්’ මට්ටමේ ආරක්ෂක ක්‍රීඩාව හේතුවෙන්.

මේ තීරණාත්මක තරගයේදී පරාජිත අයර්ලන්තයේ ට්‍රයි දිනුම් ජයග්‍රාහී නවසිලන්තයේ උපන් ක්‍රීඩකයින් වන බන්ඩී පාකී සහ ජේමිසන් ගිබ්සන්-පාක් වෙතින් වාර්තා වීම දෛවෝපගත සිදුවීමක්. 

PHOTO 2023 10 15 15 12 09
තරගය නැරඹීමට පැමිණ සිටි 78,845කින් ශක්තිමත් වූ නරඹන්නන් අතරින් අයිරිෂ් ක්‍රීඩා ලෝලීන්ගේ කෑගැසීම ක්‍රීඩාංගණයේ වැඩියෙන් ඉස්මතු වූවද තරගයේ අවසන් මොහොතේදී අයර්ලන්ත හදවත් ප්‍රබෝධමත් කරවන අනපේක්ෂිත නැවත නැගිටීමක් ප්‍රදර්ශනය කිරීමට අයර්ලන්ත ක්‍රීඩකයින් අපොහොසත් වුනා. 

‘කහ කාඩ්පත්’ ලැබීම‌ හේතුවෙන් නවසිලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු බංකුවට සීමා වී සිටියද පසුගිය වසරේ තමන්ගේ රටේදී ම ටෙස්ට් තරගමාලාවෙන් අයර්ලන්තයට පරාජය වීමේ පලිය ගැනීමට ඉයන් ෆොස්ටර්ගේ කණ්ඩායම සමත් වූයේ ප්‍රතිවාදී පීඩනයට සාර්ථකව ඔරොත්තු දී සිටිමින්. 

PHOTO 2023 10 15 15 12 11 2
Six Nations ශූරයින් වන අයර්ලන්තය සමග ඊයේ තරගයේ මිනිත්තු 20ක් ම නවසිලන්තය ක්‍රීඩා කළේ ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් පමණක් වීම ද විශේෂත්වයක්.

අයර්ලන්තය එක දිගට පවත්වා ගෙන ආ තරග 17ක ජයග්‍රාහී ගමන මේ පරාජයත් සමග අවසන් වුනා. මෙය අයිරිෂ්වරු ලෝක කුසලාන රග්බි තරගාවලියක අර්ධ අවසන් පූර්ව තරගයකදී ලැබූ 8 වැනි පරාජය යි.

PHOTO 2023 10 15 15 12 10
රග්බි තරග බිමක ආරක්ෂක ක්‍රීඩා ‌ශෛලියේ යෝධ හැකියාවක් පෙන්නුම් කළ නවසිලන්තය දැන් තවත් අර්ධ අවසන් පූර්ව තරගයක පිටුපසින් සිට නැවත ඉදිරියට පිවිස ලකුණු 29 – 17කින් වේල්සය පැරදවූ ආජන්ටිනාව සමග ලබන සෙනසුරාදා ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට සහභාගි වනු ඇත්තේ ඉතා ලොකු විශ්වාසයකින් යුතුව.



සටහන :
ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...