The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාවේ සිය වසරක ඔලිම්පික් පිටුවහල්වීම අවසන් වන ලකුණු

T

The Leader Desk

October 16, 2023 • 10:58 PM

ක්‍රිකට් ක්‍රීඩාවේ සිය වසරක ඔලිම්පික් පිටුවහල්වීම අවසන් වන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩා ඉසව්ව වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ක්‍රිකට් ක්‍රීඩාව
  • ඒ, 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින්.
  • ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තොමස් බාක් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර පැවති විධායක මණ්ඩල රැස්වීමක් අවසානයේ ප්‍රකාශ කර තිබුනේ ලොස් ඇන්ජලීස් සංවිධායකයින් විසින් කරන ලද මේ යෝජනාව විධායක නිලධාරීන් විසින් පිලිගෙන තිබෙන බව.
  • කෙසේ වෙතත් 2028 ඔලිම්පික් ක්‍රීඩා වැඩ සටහනට ඇතුළත් වන්නේ කුමන ක්‍රීඩා ද යන්න පිළිබඳව මේ මාසයේ මුම්බායි හිදී අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිටුවහල්වී සිටි වසර සියයකට අධික කාලය අවසන් වෙමින් පවතින ලකුණු පහල වී තිබෙනවා.

ඒ, 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින්.

ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තොමස් බාක් පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර පැවති විධායක මණ්ඩල රැස්වීමක් අවසානයේ ප්‍රකාශ කර තිබුනේ ලොස් ඇන්ජලීස් සංවිධායකයින් විසින් කරන ලද මේ යෝජනාව විධායක නිලධාරීන් විසින් පිලිගෙන තිබෙන බව.


ioc
බේස්බෝල්/සැහැල්ලු පන්දු, ෆ්ලෑග් පාපන්දු (ක්‍රීඩකයන් එකිනෙකා නොගැටෙන අමෙරිකානු පාපන්දු), ස්කොච් හා Lacrosse යන ක්‍රීඩාවන් සමග විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවද ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වන ක්‍රීඩා පහට ඇතුළත් කරන ලෙසට සංවිධායකින් ඉල්ලා තිබෙනවා.



කෙසේ වෙතත් 2028 ඔලිම්පික් ක්‍රීඩා වැඩ සටහනට ඇතුළත් වන්නේ කුමන ක්‍රීඩා ද යන්න පිළිබඳව මේ මාසයේ මුම්බායි හිදී අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වෙනවා.

“ජගත් ඔලිම්පික් කමිටුව පැත්තෙන් බලන විට අලුත් ක්‍රීඩකයින් හා අලුත් ක්‍රීඩා ලෝලී ප්‍රජාවක් සමග සම්බන්ධ වීමේ අවස්ථාවක් ලැබෙන එක විශිෂ්ට දෙයක්” යැයි බාක් පවසනවා.


hghrr
“T20 ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩි වෙමින් තිබෙන ජනප්‍රියතාව අපට පේනවා. ‌මේ ක්‍රීඩාවේ සිටින ලෝකයේ හොඳම ක්‍රීඩකයින් 2028දී අමෙරිකාවට සාදරයෙන් පිලිගැනීමට අපි ඉතාමත් උනන්දුවෙන් බලා සිටිනවා” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සත්කාරක රට වශයෙන් අමෙරිකාව ද කණ්ඩායම් ඉදිරිපත් කරන පිරිමි හා කාන්තා අංශ දෙකෙන්ම විස්සයි20 ක්‍රිකට් තරගාවලියන් කණ්ඩායම් හය බැගින් සහභාගිත්වයකින් යුතුව පැවැත්වීමටයි ලොස් ඇන්ජලීස් සංවිධායක ප්‍රධානීන්ගේ යෝජනාව.



එහෙත් කණ්ඩායම් සංඛ්‍යාව හෝ ඔවුන් මේ තරගාවලියට සුදුසුකම් ලබන ආකාරය පිළිබඳව හෝ ස්ථිර තීරණයක් තවමත් ගෙන නැහැ.

1900
ක්‍රිකට් ක්‍රීඩාව අවසන් වතාවට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක පවත්වා තිබෙන්නේ 1900 වසරේ ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී. එහිදී බ්‍රිතාන්‍යයේ කණ්ඩායමක් විසින් ප්‍රංශය නියෝජනය කළ කණ්ඩායමක් පරාජය කර තිබෙනවා. ඔලිම්පික් ව්‍යාපාරයේ උනන්දු කරවීම මත මේ ක්‍රීඩාව පියවර කිහිපයක්ම ගෙන ඇත්තේ නැවත ඔලිම්පික් ප්‍රවාහයට ඇතුළු වීමේ අරමුණෙන්. මූල්‍යමය අතින් බලන විට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරග වැඩසටහනට ඇතුලත් කිරීම පැහැදිලිව පෙනෙන උත්සාහයක්.

ලබන වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල යි. මෙය, ජගත් ක්‍රිකට් කවුන්සලයේ ලෝක කුසලාන තරගාවලියක තරග අමෙරිකාවේ පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව යි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...