The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය

T

The Leader Desk

October 16, 2023 • 11:21 PM

ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිස්තානය විසින් ඊයේ එංගලන්තය පරාජය කිරීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක
  • ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරමුණේ සිටින රටවල් සමග ඉදිරි වසරවලදී උරෙන් උර ගැටී ක්‍රීඩා කිරීමේ හැකියාව තමන්ට තිබෙන බවට විශ්වාසයක් මේ ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණය නිසා ඇෆ්ගනිස්තානයට ලැබී තිබෙන බව ඔවුන්ගේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් පවසයි.
  •     “මෙයින් මහත් විශ්වාසයක් කණ්ඩායම තුල ඇතිව තියෙනවා.
  • ටලිබාන්වරු 2021 වසරේ නැවත බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩාවටද නොයෙකුත් බාධක පැමිණ තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙතෙක් සිදුවූ විශාලතම පෙරලිකාර සිදුවීම වන්නේ වර්තමානයේ ලෝක ශුරයින් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් රටක් ජගත් ක්‍රිකට් පිටියේ එතරම් අත්දැකීම් නැති නවක කණ්ඩායමකට පරාජය වීම නිසාවෙන්.

xdfgrt

 ජයග්‍රාහී ඇෆ්ගන් කණ්ඩායමේ පුහුණුකරු එංගලන්තයේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම ද විශේෂත්වයක්.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රාණවත් කිරීම සඳහා එන්නතක් අවශ්‍යව තිබීම සත්‍යයක් වූවද මෙවැනි ආකාරයේ විස්මජනක සිදුවීමක් කිසිවෙකුත් අපේක්ෂා කළේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරමුණේ සිටින රටවල් සමග ඉදිරි වසරවලදී උරෙන් උර ගැටී ක්‍රීඩා කිරීමේ හැකියාව තමන්ට තිබෙන බවට විශ්වාසයක් මේ ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණය නිසා ඇෆ්ගනිස්තානයට ලැබී තිබෙන බව ඔවුන්ගේ පුහුණුකරු ජොනතන් ට්‍රොට් පවසයි.

 

රාමනුල්ලා ගර්බාස් හා ඉක්රම් අලිඛිල්ගේ අර්ධ ශතක මත ලකුණු 284ක් සටහන් කිරීමෙන් පසුව කඩුලු 3 බැගින් ලබා ගත් මුජීබ් උර් රාමන් හා රෂිඩ් ඛාන් යන දඟ පන්දු යවන්නන්ගේ ආධාරයෙන් එංගලන්තය ලකුණු 215කට දවාලීමෙන් ඇෆ්ගනිස්තානය වාර්තා කළේ 2015 වසරේ ස්කොට්ලන්තය පරදවමින් ලබා ගත් මංගල ජයග්‍රහණයෙන් වසර අටකට පසුව ලෝක කුසලාන තරගාවලියක ඔවුන්ගේ දෙවැනි ජය යි.



“ජයග්‍රහණය කළ ආකාරය මෙන්ම ජය ගත් ලකුණු පරතරය ද අනුව පැහැදිලිවම මෙය ඉතා වැදගත් ජයග්‍රහණයක්” යැයි ට්‍රොට් වාර්තාකරුවන්ට පැවසුවා. 

 
“මෙයින් මහත් විශ්වාසයක් කණ්ඩායම තුල ඇතිව තියෙනවා. එය ලොකු කණ්ඩායම් සමග තරග වැදීමේදී ඔවුන්ට ඉමහත් රුකුලක් වේවි. මේ ජයග්‍රහණයෙන් ලැබූ පන්නරය මේ ලෝක කුසලාන තරගාවලියේ පමණක් නොව අනාගතයේ තරගවලට මුහුණ දීමේදීත් ඔවුන්ට මහත් ශක්තියක් වේවි කියා මම බලාපොරොත්තු වෙනවා.”



“ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්ෂේත්‍රය ඉටු කර ගත යුතු දේවලට මේ ජයග්‍රහණය හොඳ ආරම්භයක් වේවි” ට්‍රොට් කියනවා.



භූකම්පනවලින් පුද්ගලයින් 1,000ක් පමණ මරුමුවට පත්වූ සහ පුද්ගලයන් 2,000කට වැඩි පිරිසකට තුවාල සිදුවූ ඇෆ්ගනිස්තානයේ මිනිසුන්ගේ මුහුණුවලට මේ ජයග්‍රහණයෙන් සිනාවක් නැගෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.



ටලිබාන්වරු 2021 වසරේ නැවත බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩාවටද නොයෙකුත් බාධක පැමිණ තිබෙනවා.
“මේ ක්‍රීඩකයින් සෙල්ලම් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පමණක් ම නෙවෙයි” ට්‍රොට් කියයි.



“ස්වභාවික විපත් හා නොයෙකුත් අනෙක් හේතුන් නිසා ඇෆ්ගනිස්තානයේ මිනිසුන් විඳින දුෂ්කරතා ගැන මේ ක්‍රීඩකයන්ට හොඳ අවබෝධයක් තියෙනවා.”

“ලෝකයේ ඔ්නෑම තැනක සිටින ජනතාවගේ මුහුණු සිනාවෙන් පිරවීමට සහ ඇෆ්ගනිස්තානයේ කොහේ සිටියත් ක්‍රිකට් පිත්තක් හෝ ක්‍රිකට් බෝලයක් අරගෙන සෙල්ලම් කරන්න එහි කොල්ලන් හා කෙල්ලන් තුළ උනන්දුවක් ඇති කිරීමට මේ ජයග්‍රහණයට පුළුවන් වුනා නම්, මේ ක්‍රීඩකයන් සාර්ථකව ඊයේ ඉටුකර ගත්තේ එවැනි ආකාරයක ඉලක්කයකුයි” ජොනතන් ට්‍රොට් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

 

 
සටහන :
(warnan Gunasekaraවර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...