The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වගකීම් විරහිත පිතිකරණය නිසා ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙයි

T

The Leader Desk

October 17, 2023 • 5:03 AM

වගකීම් විරහිත පිතිකරණය නිසා ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (ඔක්. 16 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජයට පත්කරමින් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා
  • ඒ අනුව ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව 7 වන වරටත් ශ්‍රී ලංකාව පරාජයට කිරීමට සමත් විය.
  • ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 125ක් එක් කළහ.
  • පැතුම් නිස්සංක පන්දු 67 කට ලකුණු 61ක් රැස් කරගෙන සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව 7 වන වරටත් ශ්‍රී ලංකාව පරාජයට කිරීමට සමත් විය.

ඊයේ තරගය පැවැත්වුනේ ලක්නව් හී ඒක්නා ක්‍රීඩාංගණයේ දීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

k 12
ආබාධයට ලක්වූ දසුන් ශානක සහ මතීෂ පතිරණ වෙනුවට ඊයේ තරගය සඳහා චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබුණි.

කලකට පසු ලද සාර්ථක ආරම්භය

කලකට පසුව ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම මිචෙල් ස්ටාර්ක් යවන ලද පන්දුවකට පැතුම් නිස්සංක කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගැනීම සඳහා තෙවන විනිසුරු වෙත යොමු කළ තීරණය ඉවත දමන ලදී.

ඉන් පසු කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව ඉතා සංයමයෙන් යුතුව පිතිකරණයේ යෙදුණි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 125ක් එක් කළහ.

පැතුම් නිස්සංක පන්දු 67 කට ලකුණු 61ක් රැස් කරගෙන සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 21 යි පන්දු 4 කට ලකුණු 125ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ 27 වන පන්දු වාරයේ දී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ලකුණු 78ක් ලබා සිටියදීය.

k213

වගකීමක් නොමැති පිතිකරණය

කුසල් ජනිත් පෙරේරා දැවී යනවිට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 157ක් ලෙසයි.

කුසල් ජනිත්ගේ දැවී යාමෙන් පසු කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු අතරට ඒමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් ඉඩ නොදෙන ලදී.

ඉකුත් පකිස්ථාන තරගයේදී ශතක වාර්තා කළ කුසල් මෙන්ඩිස් සහ සදිර සමරවික්‍රම පිළිවෙලින් ලකුණු 9 කට සහ ලකුණු 8 කට දවා ගැනීමට ඇඩම් සම්පා සමත් විය.

ඉන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ ලකුණු 7 කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම දැක්වුයේ පන්දු වාර 32 යි පන්දු 3 කට කඩුලු 5ක් දැවී ලකුණු 178ක් ලෙසය.

ධනංජයගේ දැවී යාමෙන් පසු දුනිත් වෙල්ලාලගේ ලකුණු දෙකක් ලබා ගෙන සිටියදී දුවද්දී දැවී ගියේය.

ඉන් පසුව චාමික කරුණාරත්න ලකුණු දෙකකට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අසීරු අඩියකට ඇද දමමිනි.

චරිත් අසලංක සිය අන්තය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාව කරා රැගෙන ඒමට සමත් විය.

කෙසේ වුවත් පන්දු වාර 43 යි පන්දු 3 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 209 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 8 ලකුණු 52ක් තුළදී දැවී යෑම කැපී පෙනෙන සිද්ධියක් විය.

ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රවේගකාරී ආරම්භය

ලකුණු 210ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ්, ලහිරු කුමාර යවන ලද පළමු පන්දු වාරයට ලකුණු 15ක් රැස් කිරීමට සමත් විය.

මාර්ෂ් සහ වෝනර්ගේ ප්‍රවේගකාරී ආරම්භයට තිත තැබීමට ඩිල්ෂාන් මධුෂංක සමත් විය. ඒ ලකුණු 11ක් රැස් කරගෙන සිටි ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවා ගනිමිනි.

වොන්ර්ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි ස්ටීව් ස්මිත් ලකුණු නොලබා දැවි ගියේ ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

ඒ වනවිට ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 4ක් අවසානයේ ලකුණු 24 කට කඩුලු දෙකක් ලෙසයි.

ස්ටීව් ස්මිත්ගේ දැවි යාමෙන් පසු පිටියට පැමිණි මානේෂ් ලබුෂේන් සමග මිචෙල් මාර්ෂ් ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව වේගවත්ව ලකුණු රැස් කළේය.

k234
මාර්ෂ්ට හරස්වූ චාමිකගේ පන්දු රැකීම

මිචෙල් මාර්ෂ් පන්දු 39 කදී සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත් වීය. ඔහුගේ එම ඉනිමට හතරේ පහරවල් 9ක් ඇතුළත් විය.

තරගයේ 15 වන පන්දු වාරයේ දී තමන් එල්ල කළ පහරකට ලකුණු දෙකක් කරා දිව යෑමට උත්සාහ දැරූ මිචෙල් මාර්ෂ්ව දුවද්දී දවා ගැනීමට චාමික කරුණාරත්න සමත්විය.

ඒ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 3 කට ලකුණු 81ක් ලෙසයි.

මාර්ෂ් ලකුණු 52 කට දැවී යන විට ඔහු සහ මානේෂ් ලබුෂේන් ඕස්ට්‍රේලියානු ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට සමත් වූහ.

k256

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කළ ඕස්ට්‍රේලියානුවන්

මාර්ෂ්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ජෝෂ් ඉංග්ලිෂ් සහ මානේෂ් ලබුෂේන් කිසිදු අපහසුවකින් තොරව ලකුණු රැස් කරන අයුරු දක්නට ලැබුණි.

ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක් එක් කිරීමට සමත් වූහ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 158ක්ව තිබියදී ඩිල්ෂාන් මධුෂංක විසින් ලකුණු 40ක් රැස් කර ගෙන සිටි මානේෂ් ලබුෂේන්ගේ කඩුල්ල දවා ගනු ලැබීය.

ලබුෂේන්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් සහ ජෝෂ් ඉන්ග්ලිෂ් වේගයෙන් ලකුණු රැස් කිරීමට සමත් වූහ.

k 24567
ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක් එක් කළ අතර ලකුණු 58ක් රැස් කරගෙන සිටියදී ජෝෂ් ඉංග්ලිෂ්ගේ කඩුල්ල දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව පන්දුවාර 35 යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අතරින් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ඩිල්ෂාන් මධුෂංක පමණි. ඔහු ලකුණු 38 කට කඩුලු 3ක් බිඳ හෙළිය.
ලහිරු කුමාර පන්දු වාර 4 කට ලකුණු 47ක් ලබාදුන් අතර එය ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් ගෙන එන ලදී.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය නෙදර්ලන්ත කණ්ඩායම සමග ඔක්තෝම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...