The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝට දඬුවම් කිරීමේ මාධ්‍ය වාර්තා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

October 17, 2023 • 9:27 AM

රොනාල්ඩෝට දඬුවම් කිරීමේ මාධ්‍ය වාර්තා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට 99 වතාවක් කසෙන් පහර දී දඬුවම් කිරීමේ හැකියාවක් ඉරානය ට තිබෙන බවට පළවී
  • එහෙත් රොනාල්ඩෝ යළි ඉරානය ට පැමිණියහොත් ඔහුට කසපහර 99කින් දඬුවම් කළ හැකි බවට වන ප්‍රකාශ නිෂ්ප්‍රභ කරන ස්පාඤ්ඤයේ ඉරාන තානාපති කාර්යාලය ඒ වෙනුවට රොනාල්ඩෝගේ ඒ ක්‍රියාවට සහාය දක්වා තිබෙනවා.
  • “ෆාතිමා හමිමි සමග රොනාල්ඩෝගේ අව්‍යාජ සහ කාරුණික හමුවීම ඉරානයේ ජනතාව වගේම රටේ ක්‍රීඩා බලධාරීන් ද වර්ණනා කරමින් එය අගය කර තිබෙනවා” යැයි එම ප්‍රකාශයේ සඳහන්.
  • රොනාල්ඩෝ, ෆාතිමා හමිමි හමුව රොනාල්ඩෝ ඇගේ කම්මුලට හාද්දක් දී ඔහුගේ අත්සන සහිත කමිසයක් ෆාතිමා ට දුන් බවට හා ඇය සමග ඡායාරූපයකට පෙනී සිටිමින් ඔහු ඇය වැළඳ ගත් බවටත් පැවසෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙන මාධ්‍ය වාර්තා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරන බව ස්පාඤ්ඤයේ තිබෙන ඉරාන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා. 

මේ වාර්තා පළවී තිබෙන්නේ අල්-නසර් පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා ඉරාන සිත්තරෙක් වැළඳ ගෙන සිටින අයුරු කැමරාවට හසුවීමෙන් පසුව.

තානාපති කාර්යාලයේ මේ ප්‍රකාශය සිදුවන්නේ, රොනාල්ඩෝ විසින් ජාත්‍යන්තර සිත්තරෙකු වන ෆාතිමා හමිමි වැළඳ ගෙන සිටින අයුරු දිස්වන ඡායාරූප සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වීමෙන් පසුව ඉරානයේ සිටින නීතිඥවරු රොනාල්ඩෝ ට එරෙහිව චෝදනාවක් ගොනුකර තිබෙන බවට එරට මාධ්‍යවල පළවී තිබීම නිසා. 

ronaldo iran 1රොනාල්ඩෝ, ෆාතිමා හමිමි හමුව

මීට හේතුවූ සිද්ධිය පසුගිය සැප්තැම්බරයේ සිදුව තිබෙන්නේ මේ පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩකයා ඉරානයේ සංචාරයක යෙදුනු අවස්ථාවේ. එහෙත් රොනාල්ඩෝ යළි ඉරානය ට පැමිණියහොත් ඔහුට කසපහර 99කින් දඬුවම් කළ හැකි බවට වන ප්‍රකාශ නිෂ්ප්‍රභ කරන ස්පාඤ්ඤයේ ඉරාන තානාපති කාර්යාලය ඒ වෙනුවට රොනාල්ඩෝගේ ඒ ක්‍රියාවට සහාය දක්වා තිබෙනවා.

ඉරානය තුල කිසිම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට එරෙහිව කිසිම උසාවි නියෝගයක් නිකුත් කර නැති බව එම ප්‍රකාශයේ සඳහන් වෙනවා. 

නිල වශයෙන් පැවති පාපන්දු තරගයකට ක්‍රීඩා කිරීම පිණිස ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සැප්තැම්බර් 18 සිට 19 දක්වා ඉරානයේ සංචාරය කළ බවත් එහිදී ජනතාව සහ බලධාරීන් විසින් ඔහු ඉතාමත් සාදරයෙන් පිලිගත් බවත් එම ප්‍රකාශය මගින් කියා තිබෙනවා.

“ෆාතිමා හමිමි සමග රොනාල්ඩෝගේ අව්‍යාජ සහ කාරුණික හමුවීම ඉරානයේ ජනතාව වගේම රටේ ක්‍රීඩා බලධාරීන් ද වර්ණනා කරමින් එය අගය කර තිබෙනවා” යැයි එම ප්‍රකාශයේ සඳහන්.

ronaldo iran 3

රොනාල්ඩෝ, ජෝජීනා රොඩ්රීගස් සමග

ස්පාඤ්ඤ නිරූපිකාවක වන ජෝජීනා රොඩ්රීගස් සමග ආදර සම්බන්ධතාවක් පවත්වා ගෙන යන රොනාල්ඩෝ අල්-නසර් කණ්ඩායම සමග ඉරානයේ අගනගරය වන ටෙහෙරාන්වලට පැමිණියේ ආසියානු ශූරයින්ගේ පාපන්දු ලීගයේ මූලික වටයේ තරගයකට ක්‍රීඩා කිරීම පිණිස. 

එහිදී ඔහු ඉරාන සිත්තරෙකු වන ෆාතිමා හමිමි මුණගැසී තිබෙන අතර ඇය විසින් විශේෂයෙන් රොනාල්ඩෝ වෙනුවෙන් ම අඳින ලද සිතුවමක් ඔහුට දීමට ඇයට උවමනා වී තිබුනා. ශරීර දුබලතාවෙන් පෙළෙන හමිමි චිත්‍ර නිර්මාණය කරන්නේ ඇගේ පාදවලින්.

ronaldo iran 2

රොනාල්ඩෝ, ෆාතිමා හමිමි හමුව

රොනාල්ඩෝ ඇගේ කම්මුලට හාද්දක් දී ඔහුගේ අත්සන සහිත කමිසයක් ෆාතිමා ට දුන් බවට හා ඇය සමග ඡායාරූපයකට පෙනී සිටිමින් ඔහු ඇය වැළඳ ගත් බවටත් පැවසෙනවා. ඉරානයේ නීතිඥවරුන්ගේ කෝපයට හේතු වී තිබෙන්නේ මේ සිදුවීම යි.

ඒ, ඉරාන නීතියට අනුව විවාහක කාන්තාවක් ස්පර්ශ කිරීම අනාචාරයේ හැසිරීමට සමාන ලෙසින් සැලකෙන බැවින්.  



මේ යුවලගේ ඒ ඡායාරූපයට ඉරාන නීති පද්ධතිය සැණින් ප්‍රතාචාර දැක්වූ බවත් ඊළඟ වතාවේ රොනාල්ඩෝ ඉරානය ට පැමිණි විට ඔහුට කසපහර 99ක දඬුවමක් පැනවූ බවත් ඉරානයේ මාධ්‍ය වාර්තා කළා. 

ආසියානු ශූරයින්ගේ ලීගයේ දැන් පැවැත්වෙන මූලික තරග වටයේදී රොනාල්ඩෝ යළි ඉරානයට පැමිණෙන්නේ නැතත් ඔහුගේ අල්-නසර් කණ්ඩායම තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ වටයට පිවිසියහොත් ඔහුට නැවත ඉරානය ට පාතැබීමට සිදුවනු ඇතැයි යන කාරණාව බැහැර කළ නොහැක්කක්.

මාධ්‍ය වාර්තාවලින් කියැවුනේ රොනාල්ඩෝ නැවත ආවොත් ඉරානයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඔහුට කසපහර 99 දඬුවම විඳීමට බල කිරීමේ හැකියාව බලධාරීන්ට තිබෙන බව.

එහෙත් ඉරාන තානාපති කාර්යාලය දැන් ඒ ඉල්ලීම් නිෂ්ප්‍රභ කර තිබෙන අතර ඒ වෙනුවට රොනාල්ඩෝගේ ක්‍රියාව පැසසුමට ලක්කර තිබෙනවා.

ronaldo iran 5

රොනාල්ඩෝ, රොඩ්රීගස් සමග.......

රොනාල්ඩෝ, රොඩ්රීගස් සමග 2016 වසරේ සිට සබඳතාවක් පවත්වා ගෙන එමින් සිටින අතර ඔවුන්ගේ පවුල දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත වෙනවා. 

සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගයේ ක්‍රීඩා කිරීම පිණිස පසුගිය වසරේ අන්තිම දිනයේදී ස්ථිර කෙරුනු ගිවිසුමකින් රොනාල්ඩෝ අල්-නසර් පාපන්දු ක්‍රීඩා සමාජයට සම්බන්ධ වීමෙන් පසුව රොඩ්රීගස් හා දරුවන් සෞදියට පැමිණියා.

සෞදි අරාබියානු පාපන්දු සමාජයක් වන අල්-නසර් සමග වසරකට පවුම් මිලියන 177ක ගිවිසුමකට ජනවාරියේ අත්සන් කිරීමෙන් පසුව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඉතිහාසයේ ලොව වැඩිම මුදලක් ගෙවනු ලබන පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොනාල්ඩෝට දඬුවම් කිරීමේ මාධ්‍ය වාර්තා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරයි | The Leader