The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘නේෂන්ස් කුසලාන’ නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට

T

The Leader Desk

October 20, 2023 • 2:59 AM

 ‘නේෂන්ස් කුසලාන’ නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන නෙට්බෝල් ශූරතාවලියට මනා පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම
  • 14 වැනි වතාවටත් මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව්, කැනඩාව, කුක් දූපත්, පැපුවා නිව් ගිණියා සහ සිංගප්පූරුව යන රටවල සහභාගිත්වයෙන්.
  • 2006 වසරේ ආරම්භ වූ මේ තරගාවලියට ශ්‍රී ලංකාව අවසන් වතාවට සහභාගි වූයේ 2013 වසරේ.
  • නවක ක්‍රීඩිකාවන්ගෙන් ද සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියට ශක්තිමත් අඩිතාලමක් දැමීම පිණිස මේ ‘නේෂන්ස් කුසලාන’ තරගාවලිය යොදා ගන්නා බව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිනී නාලිකා ප්‍රසාදි එහිදී පවසා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘නේෂන්ස් කුසලාන’ ආරාධිත ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලියට සහභාගි වීම පිණිස අද සිංගප්පූරුව බලා පිටත්ව යයි.

14 වැනි වතාවටත් මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව්, කැනඩාව, කුක් දූපත්, පැපුවා නිව් ගිණියා සහ සිංගප්පූරුව යන රටවල සහභාගිත්වයෙන්.

සිංගප්පූරුව සත්කාරක රට වශයෙන් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන බැවින් (සිංගප්පූරුව සහ සිංගප්පූරුව ‘ඒ’) මේ තරගාවලියට සහභාගි වන සමස්ත කණ්ඩායම් ගණන හයක්.

ශ්‍රී ලංකාව ‘නේෂන්ස් කුසලාන’ නෙට්බෝල් තරගාවලියට මෙවර සහභාගි වන්නේ වසර දහයකට පසුව. 2006 වසරේ ආරම්භ වූ මේ තරගාවලියට ශ්‍රී ලංකාව අවසන් වතාවට සහභාගි වූයේ 2013 වසරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පෙර ඊයේ කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණි අතර එහිදී අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශේමාල් ප්‍රනාන්දු යන මහත්වරු හමුවුනා.

නවක ක්‍රීඩිකාවන්ගෙන් ද සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියට ශක්තිමත් අඩිතාලමක් දැමීම පිණිස මේ ‘නේෂන්ස් කුසලාන’ තරගාවලිය යොදා ගන්නා බව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිනී නාලිකා ප්‍රසාදි එහිදී පවසා සිටියා.

 
Photo 168
WhatsApp Image 2023 10 19 at 8.56.28 PM
ප්‍රවීන ක්‍රීඩිකා දුලංගි වන්නිතිලකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගවලියට සහභාගි වන්නේ නේෂන්ස් කුසලානයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මියා කියා සිටියා. ශිරෝමි කුරුප්පු මහත්මිය කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස මේ සංචාරයට එක්වන අතර කණ්ඩායමේ සම්භාහක ලෙස කටයුතු කරන්නේ ආවර්ජනා ද සිල්වා මහත්මිය යි.

‘නේෂන්ස් කුසලානය’ දිනා ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නැහැ. 2007, 2008, 2012 සහ 2013 යන වසරවලදී ඔවුන් හිමිකර ගත්තේ තරගාවලියේ සිවු වැනි ස්ථානය.

සිංගප්පූරු තරගාවලියට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් ප්‍රවේශ පත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේ ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව බව මෙහිදී කණ්ඩායමට ප්‍රකාශ කළ අමාත්‍යංශ ලේකම්වරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තරගාවලිය ජය ගෙන රටට කීර්තියක් අත්කර දීමට කණ්ඩායමට ශක්තිය ලැබේවායි පවසමින් ඔවුන්ට සුභ පැතුවා.

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම :

දුලංගි වන්නිතිලක (නායිකා), භාෂිනී යෝෂිත ද සිල්වා (උපනායිකා), ගයන්ජලී අමරවංශ, රෂ්මි දිව්‍යාංජලී පෙරේරා, ඉමාෂා සංකල්පනී පෙරේරා, ශලනී රුක්ෂලා හපුආරච්චි, සචිනි හිරුණිකා රොද්‍රිගෝ, චලනි නදීශා, හංසිමා සපුමාලි දිසානායක, සුසීමා කුමාරි බණ්ඩාර, කසුනිකා සේමිනි අල්විස්, චනිදු රෂ්මි ඔබේසේකර.

(අතිරේක ක්‍රීඩිකාවන්) - 
ශානිකා මධුෂානී පෙරේරා, ගයාත්‍රී කෞෂල්‍යා වීරසූරිය, සජලි අප්නා.


warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...