The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයාට මරණ තර්ජන

T

The Leader Desk

October 21, 2023 • 11:13 AM

 දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයාට මරණ තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ ‘ස්ක්‍රම්-හාෆ්’ ක්‍රීඩක කර්බස් විඑනෙක් ට ප්‍රංශ ක්‍රීඩා ලෝලීන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.
  • විඑනෙක් නැවත ඔහුගේ මොන්තෙලියේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පැමිණි විට ඔහු මරා දමනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවට එක් ක්‍රීඩා ලෝලියෙක් ප්‍රකාශ කර තිබෙනවා.
  • දකුණු ප්‍රංශයේ මොන්තෙලියේ නගරයේ තම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාව කරගෙන යන මේ ‘ස්ක්‍රම්-හාෆ්’ ක්‍රීඩකයා පසුගිය වසර තුනේදී ලීග් තරග 63කට ක්‍රීඩා කර තිබෙනවා.
  • ප්‍රංශය ට එරෙහිව ප්‍රදර්ශනය කළ අතිදක්ෂ ක්‍රීඩාව මත ඔහු අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය සඳහා ද කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජ මාධ්‍යවල මේ 33 හැවිරිදි ක්‍රීඩකයා මරණීය තර්ජනවලට ඉලක්ක වී සිටින්නේ දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරක රට එක ලකුණකින් (29-28) කින් පරාජය කරමින් ප්‍රංශය තරගාවලියේ ඉවතට විසිකිරීමෙන් පසුව.

Cobus Reinach 02

 ප්‍රංශය ට එරෙහිව පසුගිය ඉරිදා තියුණු ජයක් වාර්තා වූ එම තරගයේදී විඑනෙක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයන් 15 දෙනාගේ කෙනෙකු වී සිටි අතර ඔහු අද රාත්‍රියේ එංගලන්තය ට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන රග්බි දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා වන ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායමට ද ඇතුළත්ව සිටිනවා.

පසුගිය සතිඅන්තයේ පැවති තරගය නිමා වීමෙන් පසුව විඑනෙක් කම්පනයට පත්කරවන පණිවිඩ සමාජ මාධ්‍යවල ක්‍රීඩා ලෝලීන්ගෙන් ඔහුට ලැබී තිබෙනවා. විඑනෙක් නැවත ඔහුගේ මොන්තෙලියේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පැමිණි විට ඔහු මරා දමනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවට එක් ක්‍රීඩා ලෝලියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

Cobus Reinach 3
“උඹ කැත බැ.........පුතා.....! උඹ අයෙ මොන්තෙලියේ නුවර ට ආවම ප්‍රංශ ජනතාව උඹව පිට්ටනියෙදි මරලා දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. වංචාවෙන් කුසලානයක් දිනා ගන්න එක ලේසියි” යනුවෙන් සමාජ මාධ්‍යයේ පළවූ ඒ තර්ජනයයෙන් කියැවෙනවා.

දකුණු ප්‍රංශයේ මොන්තෙලියේ නගරයේ තම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩාව කරගෙන යන මේ ‘ස්ක්‍රම්-හාෆ්’ ක්‍රීඩකයා පසුගිය වසර තුනේදී ලීග් තරග 63කට ක්‍රීඩා කර තිබෙනවා.

ප්‍රංශය සමග තරගය සඳහා වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට මොහු ඇතුළත් කිරීම විස්මිත සිදුවීමක් වූයේ මේ ක්‍රීඩකයා විසින් අහිමි කරනු ලැබුවේ පසුගිය ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායම ලැබූ සාර්ථකත්වයේ සුපිරි තරුව වූ ෆාෆ් ඩි ක්ලෑක් ට වර්තමාන කණ්ඩායමේ තිබුනු ස්ථානය වීම. ප්‍රංශය ට එරෙහිව ප්‍රදර්ශනය කළ අතිදක්ෂ ක්‍රීඩාව මත ඔහු අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය සඳහා ද කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

විඑනෙක් ට කර තිබෙන මේ ආකාරයේ තර්ජනවලින් ක්‍රීඩකයෙකුගේ මවුපියන් කලබලයට පත්වන බව දකුණු අප්‍රිකානු රග්බි අධ්‍යක්ෂ රැසී ඉරාස්මස් පවසනවා.
PRETORIA, SOUTH AFRICA - JULY 08: Cobus Reinach of South Africa during the warm up during the Rugby Championship match between South Africa and Australia at Loftus Versfeld Stadium on July 08, 2023 in Pretoria, South Africa. (Photo by Gordon Arons/Gallo Images)

 “මේක හරිම නරක වැඩක්. තමන්ගේ පුතා ට මෙවැනි දේවල් කියන කොට අම්මායි තාත්තායි කලබල වෙනවා. නමුත් අපි මේ ගැන නාහෙන් අඬන්නේ නැහැ. මොන තර්ජන ගර්ජන ආවත් අපි මේ තරගාවලියේ ඉදිරියට ම යනවා” යනුවෙන් ඉරාස්මස් දැඩි අවධාරණයෙන් කියා සිටිනවා.


අවාසනාවකට, වර්තමාන සමාජ මාධ්‍ය යුගයේ මෙවැනි සිද්ධීන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බරයේදී ප්‍රංශය විසින් දකුණු අප්‍රිකානු ‘ස්ප්‍රිංබොක්ස්’ කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව තරග විනිසුරු වේන් බානස් හා ඔහුගේ පවුල දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන්ගේ නින්දිත තර්ජනවල ඉලක්කය බවට පත්වුනා.

“සමාජ මාධ්‍යවල විවේචන ඉක්මනින් ම නින්දාසහගත ඒවා බවට හැරෙනවා. අපි ජීවත් වෙන ලෝකය එය යි. ඒක තමයි සමාජ මාධ්‍ය. නමුත් තරග විනිසුරුවෙකු වීමටත් එමගින් සමාජ මාධ්‍යයේ සිටීමටත් තීරණය කරන්නේ මම යි. තරග විනිසුරුවෙකු වීම ගැන තීරණය ගන්නේ මගේ බිරිඳ නෙවෙයි” යනුවෙන් බානස් එදා ප්‍රකාශ කර තිබුනා.


warnan Gunasekara
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

JW

National Sports Fund 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයාට මරණ තර්ජන | The Leader