The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා

T

The Leader Desk

October 22, 2023 • 7:05 AM

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුවනෙක ගුණතිලක ත්‍රිත්ව ශූරතාත් වරංගනා ජයවර්ධන ද්විත්ව ශූරතාත් දිනා ගනිමින් බැඩ්මින්ටන් තරග බිමේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටිනවා.
  •   පිරිමි ඒකල අවසාන තරගයේදී බුවනෙක ගුණතිලක ලකුණු 21-11, 21-15කින් මධුක දුලාංජන පරාජයට පත්කළා.
  • ඔහු ලකුණු 21-11, 21-15කින් විවෘත යුගල ශූරතාව හිමිකර ගත්තේ සසිඳු කරුණාතිලක සමග එක්වෙමින්.
  • බුවනෙක හා නටාෂා ගුණසේකර ලකුණු 26-24, 21-16ක් ලෙසින් මධුක දුලාංජන හා බුත්මි ගලගමගේ පරාජය කරමින් විවෘත මිශ්‍ර යුගල ශූරතාව හිමිකර ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ, බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධිත එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සංවිධානත්වයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වන ලද ‘SSC / WPBA’ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී.

බුවනෙක පිරිමි විවෘත ඒකල, යුගල හා මිශ්‍ර ශූරතා ජයග්‍රහණය කළ අතර වරංගනා කාන්තා විවෘත ඒකල හා යුගල ශූරතා දිනා ගත්තා.

 

buwaneka 22345

පිරිමි ඒකල අවසාන තරගයේදී බුවනෙක ගුණතිලක ලකුණු 21-11, 21-15කින් මධුක දුලාංජන පරාජයට පත්කළා. ඔහු ලකුණු 21-11, 21-15කින් විවෘත යුගල ශූරතාව හිමිකර ගත්තේ සසිඳු කරුණාතිලක සමග එක්වෙමින්. මොවුන් වෙතින් පරාජයට පත්වූයේ රොෂාන් පද්මකුමාර සහ කසුන් මධුසංඛ. බුවනෙක හා නටාෂා ගුණසේකර ලකුණු 26-24, 21-16ක් ලෙසින් මධුක දුලාංජන හා බුත්මි ගලගමගේ පරාජය කරමින් විවෘත මිශ්‍ර යුගල ශූරතාව හිමිකර ගත්තා.

කාන්තා ඒකල අවසාන තරගය වරංගනා ජය ගත්තේ ලකුණු 23-21, 21-15කින් සුහස්නි විදානගේ පරදවමින්. මීට අමතරව ඇය රශ්මි මුදලිගේ සමග එක්ව ලකුණු 21-18, 18-21, 21-17ක් ලෙස අනුරංගි මාස්කෝරල සහ සුහස්නි විදානගේ අභිබවා යමින් විවෘත යුගල ශූරතාව ජයග්‍රහණය කළා.

වයස අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව ලකුණු 23-21, 21-15කින් පුළිණ වෙල්ලාලගේ පැරදවූ තිළිණ රාජකරුණාත්, එම වයස් ඛාණ්ඩයේ යුගල ශූරතාව ලකුණු 21-14, 21-9කින් තාරුක අබේරත්න සහ ඔමේධ ඉරුෂාන් පරාජය කළ තිළිණ රාජකරුණා හා සංජුල හඳපාන්ගොඩත් දිනා ගත්තා.

varangana 2386
වයස අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව වරංගනා හිමිකර ගත්තේ ලකුණු 21-16, 21-15කින් ප්‍රවීණා විජේසුන්දර පරදවමින්. 

ඉරූෂි අමන්දි හා ප්‍රවීණා විජේසුන්දර ලකුණු 18-21, 21-18, 21-19ක් ලෙස පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල ශූරතාව දිනා ගැනීමට නටාෂා ගුණසේකර හා රශ්මි මුදලිගේ සමත් වුනා.

එස්.එස්.සී. ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී මේ ‘SSC / WPBA’ තරගාවලිය පැවැත්වුනේ විවෘත, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ හා පළඟ වශයෙන් ඛාණ්ඩ හතරක් යටතේ. කණිෂ්ඨ තරග ඛාණ්ඩයට වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ බාලක බාලිකා ඒකල සහ යුගල වශයෙන් තරග ඇතුලත්ව තිබුනු අතර ජ්‍යෙෂ්ඨ තරග ඛාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ හා 70න් ඉහළ පිරිමි කාන්තා ඒකල සහ යුගල වශයෙනුත් මිශ්‍ර යුගල වශයෙනුත් තරග ඇතුළත්ව තිබුනා.

තරගාවලිය පැවැත්වුනේ Mcfoil, Mobil, Li-Ning, 3M සහ GAC අනුග්‍රහයෙන්.

සටහන :

නවසිලන්තය හමුවේ අයිරිෂ් හදවත් බිඳුනු රාත්‍රිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...