The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බොරිස් බෙක සිරදඬුවමෙන් පසු නැවත ජගත් ටෙනිස් පිටියට

T

The Leader Desk

October 23, 2023 • 5:05 AM

බොරිස් බෙක සිරදඬුවමෙන් පසු නැවත ජගත් ටෙනිස් පිටියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බදු ගෙවීම පැහැර හැරීම නිසා අට මසක සිරදඬුවමක් විඳීමෙන් පසුව බොරිස් බෙක ලොව අංක 6 ට ශ්‍රේණිගතව සිටින ඩේන් හොල්ග රීන්ගේ නව පුහුණුකරු ලෙසින් නැවත වතාවක් ජාත්‍යන්තර ටෙනිස් තරග බිමට පිවිසෙයි.
  • මගේ අභිලාෂය තමයි හොල්ග රීන් තුළ ඉන්න දක්ෂතම හොල්ග රීන් සොයා ගැනීම.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):


මූල්‍ය වත්කම් සැඟවීමේ වරදට මාස 30ක සිරදඬුවමක් නියම වුනු බෙක මාස අටකින් පසුව එංගලන්තයේ බන්ධනාගාරයකින් පසුගිය දෙසැම්බරයේදී නිදහස් කෙරුනේ ඔහුගේ උපන් බිම වන ජර්මනිය ට පිටුවහල් කරමින්. 

පවුම් මිලියන ගණනින් සැඟවීම හා ණය නොගෙවීම යන චෝදනා මත බෙක පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අවුරුදු දෙක හමාරකට බන්ධනාගාරගත කෙරුණා.

 122715160 djoko gettyනෝවැක් ජොකොවිච්

තෙවතාවක්ම විම්බ්ල්ඩන් ටෙනිස් ශූරයා බවට පත්වූ සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතාව හය වතාවක් ම දිනා ගත් බොරිස් බෙක 2013 සිට 2016 දක්වා වූ කාලයේදී වර්තමාන ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නෝවැක් ජොකොවිච්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළා. 

සෙරීනා විලියම්ස්ගේ හිටපු පුහුණුකරු පැට්‍රික් මෝරටර්ග්ලි සමග මීට කළින් කටයුතු කළ විසි හැවිරිදි ඩේන් රීන් ජගත් ටෙනිස් පිටියේ සිටින ඉතාමත්ම දක්ෂ තරුණ ක්‍රීඩකයෙකු වූවත් විම්බ්ල්ඩන් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව පසුබැසීමකට ලක්ව සිටින්නේ ඔහු ක්‍රීඩා කළ අවසාන තරග නවයෙන් එකක් පමණක් ජය ගනිමින්.

Denmark's Holger Rune reacts as he plays against Netherlands' Botic van de Zandschulp (not pictured) during the men's singles final tennis match of the ATP Tennis Open in Munich, southern Germany on May 1, 2022. - Holger Rune, 19, won his first title at the Munich tournament, beating Netherlands' Botic van de Zandschulp by retirement on May 1. Rune (70th in the world) was down 4-3 in the first set when his opponent (40th) retired. (Photo by Christof STACHE / AFP) (Photo by CHRISTOF STACHE/AFP via Getty Images)හොල්ග රීන්

“හොල්ග යනු ඔප දැමීමක් අවශ්‍ය රළු දියමන්තියක්” යැයි බෙක කියනවා. “ඔහු අද ලෝකයේ සිටින හොඳම තරුණ ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්. මගේ අභිලාෂය තමයි හොල්ග රීන් තුළ ඉන්න දක්ෂතම හොල්ග රීන් සොයා ගැනීම. හොල්ග ගේ පුහුණුකරු බවට පත්වන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.”

කෙසේ වෙතත් එංගලන්ත අධිකරණයෙන් බොරිස් බෙක නිදහස් කරද්දී ඔහුට දැමුනු කොන්දේසිවලට අනුව බෙක ට නැවත එංගලන්තයට පා තැබීම තහනම් කර ඇති බැවින් මේ ග්‍රීෂ්ම සෘතුවේ පැවති විම්බ්ල්ඩන් ශූරතාවලිය ඔහුට තහනම් කර තිබුණු අතර උසාවියේ කොන්දේසිවල වෙනසක් සිදු නොවුවහොත් ඔහුට ලබන වසරේ විම්බ්ල්ඩන් ශූරතාවලියට පැමිණීමටත් හැකිවන්නේ නැහැ.

සටහන :
බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...