The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට ඉන්දියාවේදී ‘පකිස්ථානය දිනේවා’ කීම තහනම් ද?

T

The Leader Desk

October 23, 2023 • 1:45 PM

පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට ඉන්දියාවේදී ‘පකිස්ථානය දිනේවා’ කීම තහනම් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩාංගණයක නරඹන්නන් රැඳී සිටින කලාපයේ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුමට සමාන ලෙස
  • එම තරුණය තරමක් ආවේගශීලී ලෙස පවසන්නේ, තමන් පකිස්ථානයේ සිට පැමිණි බව ය."පකිස්ථානය ක්‍රීඩා කරනවා.
  • චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරියෙකු පකිස්ථාන ක්‍රිකට් ලෝලියෙකුට 'පකිස්ථානය දිනේවා' යයි කීම නතර කරන ලෙස බල කරන බවට චෝදනා කරමින් එම වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය විය.
  • එහෙයින්, අදාළ වීඩියෝවේ දැක්වෙන සිද්ධිය සත්‍ය ද යන්න සහ පකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ට පකිස්ථාන හිතවාදී පාඨ ප්‍රකාශ කිරීම නතර කළේ ද යන්න පැවසීම අසීරු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දිස්වන ටී ෂර්ට් එකක් ඇඳ සිටින තරුණයෙකු පොලිස් නිලධාරියෙකුට ඉංග්‍රීසි බසින් යමක් පවසන දර්ශනයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහි අදාළ තරුණයා පොලිස් නිලධාරියාගෙන් විමසන්නේ, 'ඇයි මට බැරි පකිස්ථානය දිනේවා කියලා කියන්න? භාරත් මාතාවට ජය වේවා කිව්ව ම හොඳයි. ඒත් පකිස්ථානය දිනේවා කියන්න තමා බැරි. ඇයි ඒ?' යනුවෙනි.

පොලිස් නිලධාරියා ද ඉංග්‍රීසි බසින් ප්‍රතිචාර දක්වන්නේ, 'භාරත් මාතාව දිනේවා කියන එක හොඳයි. පකිස්ථානය දිනේවා කියන එක හොඳ නෑ' යනුවෙනි.

එම තරුණය තරමක් ආවේගශීලී ලෙස පවසන්නේ, තමන් පකිස්ථානයේ සිට පැමිණි බව ය."පකිස්ථානය ක්‍රීඩා කරනවා. ඉතින් පකිස්ථානය දිනේවා කියන්නෙ නැතුව මම වෙන මොනවා කියන්න ද? ඔයා මට පකිස්ථානය දිනේවා කියන්න දෙන්න බෑ කියලා කිව්ව හැටි මම වීඩියෝ කළා."

පසුව, පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පිටව යන්නේ, "ඉඳගෙන ඉන්න, මම මගේ ලොක්කාට කතා කරන්නම්" යනුවෙන් පවසමිනි.

pak indi
සිකුරාදා පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගය අතරතුර බෙංගලූරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරියෙකු පකිස්ථාන ක්‍රිකට් ලෝලියෙකුට 'පකිස්ථානය දිනේවා' යයි කීම නතර කරන ලෙස බල කරන බවට චෝදනා කරමින් එම වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය විය.

බෙංගලූරු පොලිසිය අදාළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වූ අතර, එම වීඩියෝවේ සත්‍යාසත්‍යභාවය ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසී පුවත් සේවයට හැකියාවක් නොවීය.

එහෙයින්, අදාළ වීඩියෝවේ දැක්වෙන සිද්ධිය සත්‍ය ද යන්න සහ පකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ට පකිස්ථාන හිතවාදී පාඨ ප්‍රකාශ කිරීම නතර කළේ ද යන්න පැවසීම අසීරු ය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

කෙසේවෙතත්, මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් පසු, දෙරටේ ම බොහෝ දෙනෙකු පොලිස් නිලධාරියාගේ හැසිරීම හෙළා දැක තිබිණි.


dfser3බාබර් අසාම් සහ රෝහිත් ෂර්මා


සමාජ මාධ්‍යවලින් විරෝධය: 'ICC පරීක්ෂණයක් අවශ්‍යයි'

පකිස්ථානයේ සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු වන මොමින් සකීබ්, අදාළ වීඩියෝව ෂෙයාර් කරමින් සටහන් කර ඇත්තේ, පකිස්ථානය දිනේවා යනුවෙන් කෑගැසීම වැළැක්වීම සම්බන්ධයෙන් කනගාටු වන අතර, එය වේදනාකාරී බව ය. "ඒක ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි වීමක්."

ඔහු තවදුරටත් සටහන් කර තිබුණේ, 'මෙම පුද්ගලයා සියලු ඉන්දීය පුරවැසියන් නියෝජනය නොකරන' බව ය. 'එහෙත්, අදාළ ක්‍රීඩා ලෝලියාට කෑගැසීම නතර කිරීමට කුමන හේතු ඉදිරිපත් කළ ද ඒවා හරි දේවල් නෙමෙයි. ආරක්ෂක නිලධාරීන් යෙදවීමේ අරමුණ වන්නේ, ක්‍රීඩාව නරඹා විනෝද වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම. ක්‍රිකට් කියන්නේ මිනිසුන් එකතු කරන ක්‍රීඩාවක් බව ඔවුන් අපට ඒත්තු ගැන්විය යුතුයි. ජාත්‍යන්තර තරගාවලිවලදී තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දීමට සෑම නරඹන්නෙකුට ම අයිතියක් තියෙනවා. සෑම කෙනෙකුට ම ලෝක කුසලාන තරග නරඹා සතුටු වීමටත්, සෑම කෙනෙකුට ම තරග නැරඹීමට සුදුසු ආරක්ෂාවක් සැලසීමටත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ ගැන විමර්ශනය කරන්න ඕනේ,' යනුවෙනි.
zdfw35
වජාහට් කස්මි නමැති පකිස්ථාන මාධ්‍යවේදියෙකු ට්විටර්හි මෙසේ සටහන් කර තිබිණි. "බැංගලෝර් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය අතරතුර පකිස්ථාන නරඹන්නන්ට සිය කණ්ඩායමට සහය දැක්වීමට ඉඩ නොදීමෙන් පෙනී යන්නේ, ඉන්දියාව වැටී සිටින තත්ත්වයේ ප්‍රමාණයයි."

ඉන්දීය ට්විටර් භාවිත කරන්නෙකු වන අමන් සිං චන්නා අදාළ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් මෙසේ ලියා තිබිණි: "මොන තරම් මෝඩ සහ නිර්ලජ්ජිත වැඩක් ද? පකිස්ථාන ක්‍රීඩා ලෝලියෙක් පකිස්ථානය දිනේවා කියන එක වළක්වන්නේ කොහොම ද?"

සිද්ධාර්ත් නමැති සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු මෙසේ ලියා තිබිණි: "පකිස්ථාන ක්‍රීඩාංගණයකදී ඒ රටේ පොලිස් නිලධාරියෙක් ඉන්දියානු ක්‍රිකට් ලෝලියෙකුට කිව්වොත් 'භාරත් මාතා දිනේවා' කියලා කියන්න එපා කියලා, ඒක නොසලකා හරින්න පුළුවන් ද?"
farr
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන වික්‍රන්ට් ගුප්තා ට්විටර්හි පළ කර තිබුණේ, "තමන්ගේ කණ්ඩායමට සහය පළ කිරීමට ඕනෑ ම අයෙකුට අයිතියක් ඇති," බව ය.

භාරත්හින්දු ෂර්මා නමැත්තෙකු මෙසේ සටහන් කර තිබිණි: "මෙවැනි සිද්ධි වහා ම නතර කළ යුතුයි. ලෝක කුසලානය යනු රටවල් රැසක් ක්‍රීඩා කරන තරගාවලියක්. මෙවැනි සිද්ධිවලින් සිදුවන්නේ, ලෝකය ඉදිරියේ අපේ රට ලජ්ජාවට පත්වෙන එකයි. ඒක ගැන සතුටු වෙන්න බැහැ. මෙවැනි අනවශ්‍ය දේවල් සිද්ධ නොවෙන්න මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි."

ඉන්දීය ජාතික නිකල් මේතා ලියා තිබුණේ, "මේ පොලිස් නිලධාරියා සියලු ඉන්දියානුවන්ගේ හැඟීම් නියෝජනය කරන්නේ නෑ. ක්‍රීඩා ලෝලියෙකුට තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දෙන්න ඉඩ නොදීම හාස්‍යජනකයි."

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සුළු පිරිසක් පොලිස් නිලධාරියාගේ ක්‍රියාව අගය කරමින්, ඔහු ඔහුගේ රාජකාරිය ඉටු කළ බව සටහන් කර තිබුණ ද, බොහෝ දෙනෙකු ලියා තිබුණේ, ඉන්දියාව ජාත්‍යන්තර තරගාවලියක සත්කාරකත්වය දැරීමට සුදුසු රටක් නොවන බව එවැනි හැසිරීමකින් පෙනී යන බවය.

(BBC සිංහල සේවය)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට ඉන්දියාවේදී ‘පකිස්ථානය දිනේවා’ කීම තහනම් ද? | The Leader