The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරුෂිගෙන් අලුත් වාර්තාවක්

T

The Leader Desk

October 24, 2023 • 3:07 PM

තරුෂිගෙන් අලුත් වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ හංජෝ නුවරදී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්වෙන්
  • තප්පර 53.21කින් එම ඉසව්ව නිමකරමින් ඇය නව වාර්තාව පිහිටුවීය.
  • මීට පෙර තිබූ වාර්තාව වූයේ තප්පර 54.22ක කාලයකි.
  • සිසු සිසුවියන් 6000කගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලබන සිකුරාදා (27) දක්වා සුගතදාස පිටියේ දී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රන් පදක්කමක් දිනා ඉහළම ජාත්‍යන්තර අවධානයක් දිනාගත් තරුෂි දිල්සරා කරුණාරත්න, සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා මීටර 400 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

තප්පර 53.21කින් එම ඉසව්ව නිමකරමින් ඇය නව වාර්තාව පිහිටුවීය.

මීට පෙර තිබූ වාර්තාව වූයේ තප්පර 54.22ක කාලයකි.

එම වාර්තාව ඩී එම් අයි ඩී කරුණාරත්න ක්‍රීඩිකාව විසින් පිහිටුවා තිබුණි.

සිසු සිසුවියන් 6000කගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලබන සිකුරාදා (27) දක්වා සුගතදාස පිටියේ දී පැවැත්වේ. වයස 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ හා 20 න් පහළ බාලක හා බාලිකා මලල ක්‍රීඩා ඉසව් එහිදී පැවැත්වේ.

පාසල් සිසුවියක ලෙස තවමත් කල් ගෙවන තමන් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට දක්වන ගෞරවයක් ලෙස ඊට සහභාගිවන අවසන් අවස්ථාව මෙය වන තරුෂි පැවසුවාය.

මෙම වසරේදී අන්තරජාතික තරගාවලි ගණනාවකට සහභාගිවෙමින් ඉතා කාර්ය බහුල තරග දිවියක් ගත කළත් ඇය මෙම වසරේදී පැවති වත්තේගෙදර කලාප මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළුව සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලි රැසකට සහභාගිවෙමින් මෙම සියලු තරගවල දී ඉදිරිපත්වූ ඉසව් ජයගැනීමට සමත්ව තිබේ.

ඇගේ මීළඟ ප්‍රධානම ජාත්‍යන්තර තරග උත්සාහය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගැනීමයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...