The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවේ මැක්ස්වල්ගෙන් වේගවත්ම ලෝක කුසලාන ශතකයක්

T

The Leader Desk

October 25, 2023 • 5:21 PM

ඔස්ට්‍රේලියාවේ මැක්ස්වල්ගෙන් වේගවත්ම ලෝක කුසලාන ශතකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ 2023 ලෝක කුසලාන
  • නෙදර්ලන්තය ට එරෙහිව අද (25) පැවති තරගයේදී මැක්ස්වල් ලෝක කුසලාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළේ පන්දු 40කට පමණක් මුහුණ දෙමින්.
  • ඔහුගේ මේ ශතකය දැන් සමස්ත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ සිවුවැනියට වේගවත්ම ශතකය බවට ද පත්ව තිබෙනවා.
  • මීට පෙර තිබූ වේගවත්ම ශතක වාර්තාව පන්දු 9කින් මැක්ස්වල් බිඳ දැමුවේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ අද පැවති තරගයේදී අංක 6 පිතිකරු ලෙස කඩුල්ලට පිවිසෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් තරගාවලියේදී නව වාර්තා එක පිට එක බිහිවෙමින් තිබෙනවා. අලුත් ම වාර්තාව ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වල්ගෙන්.

නෙදර්ලන්තය ට එරෙහිව අද (25) පැවති තරගයේදී මැක්ස්වල් ලෝක කුසලාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කළේ පන්දු 40කට පමණක් මුහුණ දෙමින්. ඔහුගේ මේ ශතකය දැන් සමස්ත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ සිවුවැනියට වේගවත්ම ශතකය බවට ද පත්ව තිබෙනවා.

xfdtg346jpg

මීට පෙර තිබූ වේගවත්ම ශතක වාර්තාව පන්දු 9කින් මැක්ස්වල් බිඳ දැමුවේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ අද පැවති තරගයේදී අංක 6 පිතිකරු ලෙස කඩුල්ලට පිවිසෙමින්.

දකුණු අප්‍රිකාවේ එයිඩන් මාක්රම් ශ්‍රී ලංකාව ට එරෙහිව පන්දු 49කින් ශතකයක් ලබා ගත්තේත් මේ ක්‍රීඩා පිටියේදී ම යි. එහෙත් ඒ වාර්තාව රැඳී තිබුනේ දින 18ක් පමණ යි.

xcfgr6

මැක්ස්වල් ශතකයක් ලබා ගනු ඇතැයි කිසිම කෙනෙක් නොසිතුවේ ඔහු පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියේ 40 වැනි ඔ්වරයේදී නිසාවෙන්. අවසානයේ ඔහු පන්දු 44කට මුහුණ දී ලකුණු 106ක‌ට දැවී යන විට ඔහු‌ගේ අගනා ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත්ව තිබුනා.

පන්දු 27කට පමණක් මුහුණ දෙමින් සිය අර්ධ ශතකයට පිවිසි මැක්ස්වල් ඉන්පසුව ශතකයේ ඉතිරි ලකුණු ප්‍රමාණය රැස් කළේ පන්දු 13කින් පමණක් වීම ද විශේෂත්වයක්.

Glenn Maxwel

2015 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව ට එරෙහිව පන්දු 52කින් ශතකයක් වාර්තා කිරීම නිසා ග්ලෙන් මැක්ස්වල් කළින් ම වේගවත්ම ලෝක කුසලාන ශතක ලැයිස්තුවට ඇතුළත්ව සිටියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...