The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයෙන් අත හිත

T

The Leader Desk

October 26, 2023 • 7:38 AM

රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයෙන් අත හිත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණුවීම් සඳහා ක්‍රීඩා පිටියක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටිනවා.
  • ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු ද මේ අවස්ථාවට සහභාගි වුනා.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

මේ එකඟත්වයට පිවිස තිබෙන්නේ ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය නිසි පිළිගැනීමක් සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් කරන ලද ඉල්ලීමකට අනුව.

පාකිස්තානය, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගිත්වයෙන් නේපාලයේ පැවති 2 වැනි ආසියානු රෝද පුටු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හා ක්‍රීඩා ඇමතිවරයා අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයක් නොමැතිකම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් විසින් ඇමතිවරයාට කරුණු දැක්වීමෙන් පසුව මේ ඉල්ලීම කර තිබෙනවා. 

lo09
ආබාධ සහිත ක්‍රීඩකයින් සඳහා වන ජාතික ක්‍රීඩා සංගමය විසින් තම ක්‍රීඩාවට අදාළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් (දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත යනාදී) සමන්විත අනුබද්ධ ක්‍රීඩා සමාජ ඇතුළත් කර ගැනීම ඔවුන්ගේ වගකීම වන බවට සඳහන් කරමින් ගැසට් සංශෝධනයක් කර තිබෙනවා.

රටට කීර්තියක් අත්කර දෙන මෙවැනි ක්‍රීඩකයින් පිළිබඳව තමන් විශේෂ අවධානයක් යොමුකර ක්‍රීඩා පනතට අලුතින් නියෝගයක් ඇතුළත් කළ බවත් ඒ අනුව ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව පිහිටුවා ගන්නා මෙවැනි ක්‍රීඩා සංගම් ඔවුන්ගේ මව් සංගම් වන ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි වී සිටින ජාතික සංගමය හෝ සම්මේලනය යටතේ ලියාපදිංචි කර ජාතික සංචිතය වෙත ලබා දෙන පහසුකම් හා සහයෝගය ඔවුන්ටද ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙල දැනමත් බලාත්මක බව රොෂාන් රණසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

kl765
පවතින ආබාධ තත්ත්වයන්ට අමතරව දුෂ්කරතා රැසක් මධ්‍යයේ පුහුණුවීම් සිදුකර තරගාවලියට සූදානම් වූවත් ඊට අවශ්‍ය මුදල් හා පහසුකම් නොමැති වීම හේතුවෙන් කණ්ඩායම අසරණ වූ බවත් නමුත් අවසන් මොහොතේ ක්‍රීඩා ඇමතිවරයා විසින් ලබා දුන් සහයෝගය නිසා මානසික සුවතාවකින් යුතුව තරගාවලියට සහභාගි වීමට හැකි වූ බවත් කණ්ඩායමේ පුහුණුකරු වන මංජු ශ්‍රී රාජපක්ෂ මෙහිදී සිහිපත් කළේ කෘතඥපූර්වකව.

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමෙන් රෝද පුටු ක්‍රිකට් සංගමයේ තරගාවලි පැවැත්වීම, දක්ෂ ක්‍රීඩකයින් හඳුනා ගැනීම හා ක්‍රීඩා සමාජ පිහිටුවීම වැනි කටයුතු සිදු කිරීමටද මෙහිදී සාකච්ඡා වුනා.

ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු ද මේ අවස්ථාවට සහභාගි වුනා.

සටහන :
බොරිස් බෙක සිරදඬුවමෙන් පසු නැවත ජගත් ටෙනිස් පිටියට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...