The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සියවසරකට පසුව ප්‍රථම වතාවට පැරිසියට අහිමි වන ප්‍රංශ සවාරියේ අවසානය

T

The Leader Desk

October 26, 2023 • 10:29 AM

සියවසරකට පසුව ප්‍රථම වතාවට පැරිසියට අහිමි වන ප්‍රංශ සවාරියේ අවසානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ප්‍රධානතම පාපැදි තරගය වන ප්‍රංශ සවාරියේ (Tour de France) අවසාන අදියර ශතවර්ෂයකටත් වැඩි කාලයකට පසුව ප්‍රථම වතාවට
  • ඒ වෙනුවට තරගය නයිස් නගරයේදී ජූලි මස 21 වැනිදා අවසන් වන අතර ඊට දින පහකට පසුව පැරිසිය ඔලිම්පික් උළෙල විවෘත කිරීමටයි නියමිතව තිබෙන්නේ.
  • 2024 ප්‍රංශ සවාරිය පාපැදි තරගයේ ආරම්භය සිදුවන්නේ ජූනි 29 වැනිදා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයෙන්.
  • තරගය ඉතාලියෙන් ප්‍රථම වතාවට ආරම්භ වන්නේ මීටර් 3,600කට වැඩි නැග්මකින් සමන්විත අදියරකින් යුතුව.
අකුරු ප්‍රමාණය (Font Size):

පැරිසියේ අවසන් වන්‌නේ නැහැ.

ලබන වසරේ ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කටයුතුවලට මේ ඉසව්ව හරස් වන බැවින් 2024 ප්‍රංශ සවාරිය පාපැදි තරගයේ අවසන් අදියර 1905 වසරෙන් පසුව පළමු වතාවට පැරිසියෙන් පිට පැවැත්වෙන අතර එය ෆ්‍රෙන්ච් රිවියේරා (French Riviera) ප්‍රදේශයේ අවසන් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ප්‍රංශ පාපැදි සවාරියේ සාම්ප්‍රදායික අවසානය පැරිස් අගනුවර චොන්සලීසේ (Champs-Elysees) මාවතේ නොපැවැත්වෙන්නේ ආරක්ෂක හා ප්‍රවර්ධන හේතුන් නිසා. ඒ වෙනුවට තරගය නයිස් නගරයේදී ජූලි මස 21 වැනිදා අවසන් වන අතර ඊට දින පහකට පසුව පැරිසිය ඔලිම්පික් උළෙල විවෘත කිරීමටයි නියමිතව තිබෙන්නේ. 2024 ප්‍රංශ සවාරිය පාපැදි තරගයේ ආරම්භය සිදුවන්නේ ජූනි 29 වැනිදා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයෙන්.


තරගය ඉතාලියෙන් ප්‍රථම වතාවට ආරම්භ වන්නේ මීටර් 3,600කට වැඩි නැග්මකින් සමන්විත අදියරකින් යුතුව. කාලවේලාව මැනීමේ කේවල ඉසව් දෙකක් හා කඳු මුදුන්වල අවසාන වීමේ අවස්ථාවන් හතරකින් යුත් තරගය සිවුවැනි දිනයට පිවිසීමෙන් පසුව තරගකරුවන්ට උස් කඳු තරණය කිරීමට සිදුවනවා.

ඊයේ නිකුත් කෙරුණු තරග මාර්ගයට අනුව කඳු හතරක් පැතිර පවතින ප්‍රදේශයක් හරහා කඳු අදියර හතක් මේ තරගයට ඇතුළත්ව තිබෙනවා.

ප්‍රංශ සවාරියේ පාපැදි තරගකරුවන් රොත්තක් මීට පෙර මෙතරම් උසකට පාපැදි ධාවනය කර නැති බව තරගයේ අධ්‍යක්ෂවරයා පවසනවා.

frtyr54

111 වැනි ප්‍රංශ සවාරියේ සම්පූර්ණ සිරස් දුර ප්‍රමාණය මීටර් 52,230කට ළඟා වෙන බව ගණන් බලා තිබෙනවා.

සටහන :
බොරිස් බෙක සිරදඬුවමෙන් පසු නැවත ජගත් ටෙනිස් පිටියට(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සියවසරකට පසුව ප්‍රථම වතාවට පැරිසියට අහිමි වන ප්‍රංශ සවාරියේ අවසානය | The Leader