The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වාස්...ඔබට ස්තුති... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 27, 2023 • 10:04 AM

වාස්...ඔබට ස්තුති... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • @ මේ ගුන්දප්පා විශ්වනාත් බොබ් ටේලර්ගෙන් ඔහුගේ දැවීයාම ගැන විමසන ඒ ඓතිහාසික චායාරූපය.
  • අද තියන වේගවත් බවම ඒකට උදාහරණයක්.
  • ඒ බෝල් හතකට.  වාස් දැක්ක ෆිඩෙල් ක්‍රීස් එකෙන් එළියට එනවා.
  • ෆ්ලින්ටොෆ් ගේල් ස්ටේන් නැගිට්ටවන අවස්ථාව එහෙම එකක්  ඒ වගේම අපි ක්‍රිකට් වල වැටිල හිටිය තැනත් එක්ක ඇත්තටම දිනන්න ලොකු අවශ්‍යතාවක් තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊයේ පැවති එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින තරඟයේදී සිදුවූ අඩිල් රෂීඩ්ගේ දුවද්දී දැවීයාම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සිදුවෙච්චි හානියක් හැටියට ෆොක්ස් ස්පෝර්ට් නාලිකාව වගේම තවත් නාලිකා ගණනාවක් කතා කරලා තිබ්බ. ඔස්ට්‍රේලියනු ෆෑන් පේජ් එකකත් ඒක කතා කරලා තිබ්බ.

ගොඩක් බටහිර නාලිකා නම් කතා කරලා තිබ්බේ රෂීඩ්ගේ මොළේ මැරිලා තිබීම ගැන. ඒ කියන්නේ තරඟයේ ඉතාම තීරණාත්මක මොහොතක එහෙම අනික් පිළට වාසියක් වෙන විදියට හැසිරීම විවේචනය කරලා. ඒක ඇත්ත. සම්පුර්ණයෙන්ම වරද තියෙන්නේ රෂීඩ් අතේ. 

adil 7846

සුදු අධිරාජ්‍යයෙන් පටන් අරගෙන හිරු නොබසින තරම් තවත් රාජ්‍යයන් ගණනාවක් කරා පරිණාමය වෙමින් ඉතාම විශාල කාලයක් සහ අවකාශයක් හරහා වර්ධනය වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව අද ''සුද්දගේ ක්‍රීඩාවෙන්'' ගොඩක්ම ඈතට ගිහිල්ල. ඒ අතරේ ඒක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියන තැනින් ඉතාම තරඟකාරී සහ වාණිජමය ක්‍රීඩාවක් වෙතට රූපාන්තරණය වෙලා. අද තියන වේගවත් බවම ඒකට උදාහරණයක්.

ඒත් තවමත් තැනින් තැන ඉතාම කලාතුරකින් වගේ ඔය ''මහත්වරුන්ගේ ක්‍රිකට්'' කියන කෑල්ල එළියට එන වෙලාවල් තියනවා. අපිම දවසක් ශිවනරින් චන්ද්‍රපෝල්ට එහෙම අවස්ථාවක් දෙනවා. ඒ පන්දු යවන අන්තයෙන්. හිටියේ වාස්. ඔයාල ඔක්කොටම මතක ඇති. පන්දු යවන අන්තයේ ෆිඩෙල් එඩ්වඩ්. ඒ කියන්නේ අන්තිම විකට් එක. වෙස්ට් ඉන්ඩීස්ලට දිනන්න ඕනි වෙලා තිබ්බේ ලකුණු දොළහයි. ඒ බෝල් හතකට. 

වාස් දැක්ක ෆිඩෙල් ක්‍රීස් එකෙන් එළියට එනවා. හැබැයි බේල්ස් ඉවත් කරන්නේ නැතුව නිකම්ම ෆලෝ ත්රූ එකට යනවා. ඒ බෝලේ දැම්මෙත් නැහැ. 
හැබැයි ඊළඟ බෝල් දෙකට හතරයි, හයයි. අපි මැච් එක පැරදි. 

Mumbai, INDIA:  West Indian cricketer Shivnarine Chanderpaul (R) looks on as Sri Lankan bowler Chaminda Vaas celebrates after taking the wicket of unseeen West Indian cricketer Ramnaresh Sarwan during an ICC Champions Trophy 2006 match between Sri Lanka and West Indies at The Brabourne Stadium in Mumbai, 14 October 2006.     West Indies won the toss and after electing to bat have scored 43 runs for the loss of 3 wickets after 13 overs.  AFP PHOTO/Indranil MUKHERJEE  (Photo credit should read INDRANIL MUKHERJEE/AFP via Getty Images)
ඒ උනාට මේ සිද්දිය ගැන අදටත් ලෝකේ කතා වෙන්නේ තරඟය දිනීම පැරදීමට වඩා 'ක්‍රිකට්වල ජීවගුණය' (the spirit of cricket) පවත්වා ගත්ත අවස්ථාවක් හැටියට. 

මේ වගේම වෙස්ට් ඉන්දීස් වල ක්‍රිස් ගේල් එහෙම කරලා තියනවා. ඉන්දියාවේ හිටපු කැප්ටන් ගුන්දප්පා විශ්වනාත් ඉතාම ඈත කාලෙක එංගලන්තයේ බොබ් ටේලර් වෙනුවෙන් එහෙම කරලා තියනවා. ඒ වගේම ඉන්දියාවේ හිටපු කැප්ටන් දෝනි ක්‍රීඩාගාරයට ගිය එංගලන්තයේ ඉයන් බෙල් නැවත කැඳවා තිබෙනවා. අවුට් එක දෙන්න කලින් වල්ඩ් කප් සෙමියකදි ගිල්ක්‍රිස්ට් ක්‍රීස් එකෙන් ගිහිල්ල තියනවා. 

තවත් එහෙම මතකයේ රැඳෙන අවස්ථා සෑහෙන ප්‍රමාණයක් තිබිල තියනවා. ෆ්ලින්ටොෆ් ගේල් ස්ටේන් නැගිට්ටවන අවස්ථාව එහෙම එකක් 

ඒ වගේම අපි ක්‍රිකට් වල වැටිල හිටිය තැනත් එක්ක ඇත්තටම දිනන්න ලොකු අවශ්‍යතාවක් තිබ්බ. කොහොමත් මැච් එක තිබ්බේ අපේ අතේ. ඒ නිසා එහෙම නොකර ඉන්නත් තිබ්බ. ගොඩක් දේවල් පුද්ගලයා මත රඳා පවතිනවා කියන්නත් පුළුවන්. 

2003 2

හැබැයි ලෝකය කවදාහරි මතක තියාගන්නේ ඊයේ කුසල් මෙන්ඩිස්ගේ ප්‍රවර්ගයේ ක්‍රිකට් නම් නෙවෙයි. වාස් ගහපු ක්‍රිකට්.  ඒ ඔහු තරඟ වගේම ක්‍රිකටුත් දිනවල තියන නිසා. 

ඒ නිසා වාස්...ඔබට ස්තුති...


AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...