The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක රග්බි ලෝකඩ පදක්කම එංගලන්තයට

T

The Leader Desk

October 28, 2023 • 2:49 PM

ලෝක රග්බි ලෝකඩ පදක්කම එංගලන්තයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තය ප්‍රථම වතාවට ලෝක කුසලාන රග්බි තරගාවලියක තෙවැනි ස්ථානය
  • ඔවුන් 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ තියුණු තරගයකින් ආජන්ටිනාව ලකුණු 26-23කින් පරාජය කරමින්.
  • එය ගෝලයක් බවට පත්කළේත් ෆැරල්.
  • එමිලිආනෝ බොෆෙලි එය ගෝලයක් බවට පරිවර්තනය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ රාත්‍රියේ පැරිසියේදී හිමිකර ගත්තා.

arg vs eng rugby 2023 5


ඔවුන් 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ තියුණු තරගයකින් ආජන්ටිනාව ලකුණු 26-23කින් පරාජය කරමින්.

එංගලන්ත නායක ඔවන් ෆැරල් (Owen Farrell)ගේ පාදයෙන් නිවැරදි එල්ලයට යොමු වූ පෙනල්ටි දෙකක් මගින් එක් පැත්තකින් එංගලන්තය ට ලකුණු එක්වෙද්දී මාකස් ස්මිත්ගේ දර්ශනීය ‘පාස්’ කිරීමකින් පන්දුව ලබා ගත් බෙන් අර්ල් හිදැසක් අතරින් රිංගා ගොස් තරගයේ නව වැනි මිනිත්තුවේදී ආරම්භක ට්‍රයි දිනුම වාර්තා කළා. එය ගෝලයක් බවට පත්කළේත් ෆැරල්.

arg vs eng rugby 2023 2

කණ්ඩායම් දෙක ‘පෙනල්ටි ගෝල්’ හුවමාරු කර ගැනීමෙන් පසුව ආජන්ටිනාව තරගයේ විරාමය ට මිනිත්තු තුනක් තිබියදී තරගය නියමාකාරයෙන් ග්‍රහණය කර ගත්තේ ‘ස්ක්‍රම්-හාෆ්’ ක්‍රීඩක තොමස් කීබිලී මාර්ගයෙන් ට්‍රයි දිනුමක් ලබා ගනිමින්. එමිලිආනෝ බොෆෙලි එය ගෝලයක් බවට පරිවර්තනය කළා.

arg vs eng rugby 2023 3

සැන්ටිආගෝ කැරේරස් (Santiago Carreras)ගේ අතිවිශිෂ්ට තනි උත්සාහය නිසා ආජන්ටිනාව තරගයේ දෙවැනි භාගය මුලදී පෙරමුණට පිවිසියත් එංගලන්තය සැණින් ප්‍රතිචාර දැක්වූයේ තියො ඩෑන් එංගලන්තය ‌වෙනුවෙන් ලබා ගත් දෙවැනි ට්‍රයි දිනුමෙන්. ‌ෆැරල් ඉතාමත් අලංකාර අයුරින් එය ගෝලයක් බවට පත් කරමින් එංගලන්ත කණ්ඩායමේ ලෝකඩ පදක්කම් ජයග්‍රහණය තහවුරු කළා.

මේ තරගයේ ටැකල් කිරීම් 24ක් සිදුකළ එංගලන්ත කණ්ඩායමේ ‘ෆ්ලෑන්ක’ ක්‍රීඩක සෑම් අන්ඩහිල් (Sam Underhill) ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරුණා. අන්ඩහිල් කණ්ඩායමට කැඳවා තිබුනේ තුවාල ලැබූ ක්‍රීඩකයෙක් වෙනුවට වීම විශේෂත්වයක්.

arg vs eng rugby 2023 1
“අපි අපේ තරග සැලසුමට අනුව ක්‍රීඩා කළා. අපි කුලප්පු වුනේ නැහැ. මෙවැනි තරගවලදී වැදගත් වන්නේ අන්තිම මිනිත්තු විස්ස බව කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් දන්නවා” යැයි අන්ඩහිල් පවසා සිටියා.

නායක ෆැරල් ප්‍රකාශ කළේ තම කණ්ඩායම ඉතා හොඳින් තරගය ආරම්භ කළත් පසුව එය ඉතාමත් අපිළිවෙලට පත්වූ බව යි. “ජයග්‍රහණයක් අඹරලා ගන්න අවශ්‍ය හැම දෙයක් ම අපි කළා.”

“පසුගිය සතියේ (දකුණු අප්‍රිකාව ට එරෙහිව) අපිට ඒක නියම විදියට කරන්න බැරි වුනා. නමුත් මේ තරගාවලිය හරි විදියට අවසන් කරන්න අපිට උවමනා වුනා.”

arg vs eng rugby 2023 7

“අපි මේ තරගාවලියේදී දියුණුවෙන් දියුණුවට පත්වුනු බව අපට දැනෙනවා. මේ කණ්ඩායමෙන් ප්‍රදර්ශනය විය යුතු දස්කම් ගොඩක් තව තියෙනවා” යනුවෙන් ෆැරල් වැඩිදුරටත් කියා සිටියා.

ආජන්ටිනාව සමග තරගය උසස් තත්ත්වයේ එකක් නොවුනත් එය සිතේ මහත් කලබලයක් ඇති කළ තරගයක් බවට එංගලන්ත රග්බි ප්‍රධාන පුහුණුකරු ස්ටීව් බෝත්වික් (Steve Borthwick) පිලිගත්තා. ඉක්බිති ඔහු තරගයේ වීරයා ට ගෞරවය පුදකර සිටියා.

Steve Borthwick

“මුල් සංචිතයේ නොසිට, පසුව පැමිණ ඉතා වෙහෙස මහන්සියෙන් පුහුණු වී ඔහු අද ක්‍රීඩා කළ විලාසය අනුව ඔහුට විශාල ගෞරවයක් හිමි විය යුතුයි.”

ආජන්ටිනා නායක ජුලියන් මෙන්ටෝයා (Julian Montoya) සිටියේ තම කණ්ඩායමේ ස්ථිරභාවය නැතිකම පිළිබඳව පසුතැවෙමින්. “අපි වැරදි කිහිපයක් කළා. තරගය පාලනය කිරීමේදී අපි මීට වඩා දක්ෂ විය යුතුයි.”

තරගය විනිශ්චය කෙරුණු ආකාරය පිළිබඳව තමා කනස්සල්ලට පත්ව සිටින බව ආජන්ටිනා ප්‍රධාන පුහුණුකරු මයික්ල් චෙක (Michael cheika) පවසනවා.

Michael cheika

“මම හිතන හැටියට අපි තමයි අද තරගයේ ජයග්‍රහණය ලැබීමට සුදුසු කණ්ඩායම. නමුත් මොකක් හෝ හේතුවකට අපට එය ලැබුනේ නැහැ.” 



සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...