The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ලෝක කුසලානය උඩුයටිකුරු වෙයි !

T

The Leader Desk

October 29, 2023 • 4:20 AM

ක්‍රිකට් ලෝක කුසලානය උඩුයටිකුරු වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පළමු වරට දැන් අතිශය තීරණාත්මක අදියරකට පත්ව තිබෙනවා.
  • ධරම්ශාලාහි හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ලකුණු 5 ක තියුණු ජය හේතුවෙන් දැන් තරගාවලිය විවෘත වී තිබෙනවා.
  • දැන් පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් කිහිපයකට ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
  • ඒ අනුව දල ලකුණු වේගය මත කණ්ඩායම් කිහිපයකම අනාගතය රැදෙනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව දැන් කිසියම් කණ්ඩායමක ජය මෙන්ම පරාජයද තවත් කණ්ඩායම් කිහිපයකම ලෝක කුසලානයේ ඉදිරි ගමනට බලපානු ඇති.

ධරම්ශාලාහි හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් නවසීලන්තය පරාජය කරමින් ඕස්ට්‍රේලියාව ලකුණු 5 ක තියුණු ජය හේතුවෙන් දැන් තරගාවලිය විවෘත වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව හා ඉන්දියාව දැන් සිටින්නේ ආරක්ෂිත ස්ථානයකයි.

nwz 456
එහෙත් නවසීලන්ත පරාජයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමද අවධානමේ වැටී තිබෙනවා.

එමෙන්ම, මෙතෙක් දක්ෂතා දක්වමින් සිටි නවසීලන්තයටද අතිරේක පීඩනයක් එල්ල වීම කැපී පෙනෙන තත්ත්වයක්.

අද පැවැත්වෙන ඉන්දියා - එංගලන්ත තරගයෙන් යම් හෙයකින් ඉන්දියාව ජය ගත හොත් එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිවනවා.

එංගලන්තය ජය ගත හොත් ඔවුන්ට තවදුරටත් ලෝක කුසලානය කෙරෙහි යම් බලාපොරොත්තුවක් හෝ තබාගත හැකියි. 

BANGALORE, INDIA - OCTOBER 26: Kusal Mendis of Sri Lanka celebrates the run out wicket of Adil Rashid of England during the ICC Men's Cricket World Cup India 2023 between England and Sri Lanka at M. Chinnaswamy Stadium on October 26, 2023 in Bangalore, India. (Photo by Matt Roberts-ICC/ICC via Getty Images)
ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය පරාජය කර විශේෂයෙන් නවසීලන්තය පරාජය කල හොත් සුපිරි කණ්ඩායම් 04 අතරට පිවිසීමට අවස්ථාවක් උදාකර ගැනීමට හැකිවනු ඇති.

බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති තරගයෙන් බංග්ලාදේශය පරාජය වීම හේතුවෙන් ඔවුන්ට බොහෝ දුරට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා. 

තරගය ජය ගත් නෙදර්ලන්තයට තරගාවලියේ ඉදිරිය පිලිබද දැන් තවත් බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

දැන් පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් කිහිපයකට ප්‍රසාද ලකුණු 10ක් ලබා ගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අනුව දල ලකුණු වේගය මත කණ්ඩායම් කිහිපයකම අනාගතය රැදෙනු ඇති. එහිදී ලබන සතිය මෙවර ලෝක කුසලානයේ උණුසුම්ම සතිය වනු නොඅනුමානයි.

cric 45th
ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත්කරමින් නෙදර්ලන්තය පෙරලිකාර ජයක් වාර්තා කලා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 229ක් පමණයි.

එහෙත් බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 142කට දැවී ගිය අතර නෙදර්ලන්තය මෙම තරගය ජය ගත්තේ ලකුණු 87කින්.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු 04ක් සමග නෙදර්ලන්තය 08 වන ස්ථානයට ගියේ ලෝක ශූර එංගලන්තය අවසන් ස්ථානයට ඇද දමමින්.

(nethnews.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...