The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රතු කාඩ්පත මට හැමදාම හොල්මන් කරාවි - නවසිලන්ත රග්බි නායක

T

The Leader Desk

October 29, 2023 • 3:30 PM

රතු කාඩ්පත මට හැමදාම හොල්මන් කරාවි - නවසිලන්ත රග්බි නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසාන මහා තරගයේදී ලැබුනු රතු කාඩ්පත
  • ලෝක කුසලාන රග්බි අවසාන තරගයකදී රතු කාඩ්පතක් ලබමින් තරගයෙන් ඉවත් කෙරුණු පළමු ක්‍රීඩකයා බවට කේන් ඉතිහාසගත වෙනවා.
  • මේ ඉවත් කිරීමේ සෙවනැල්ලෙන් මිදීමට තමා ට කවදාවත් නොහැකි වනු ඇතැයි කේන් පිලිගන්නවා.  “මට මේ වෙලාවේ දැනෙන්නේ ඉතාමත් ලොකු වේදනාවක්.
  • එය විස්තර කරන්න තරම් වචන හොයා ගන්න ඇත්තටම අමාරුයි” කේන් පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තමා තුළ සදාකල් හොල්මන් කරනු ඇතැයි නවසිලන්ත ‘ඕල් බ්ලැක්ස්’ නායක සෑම් කේන් පවසනවා.

ලෝක කුසලාන රග්බි අවසාන තරගයකදී රතු කාඩ්පතක් ලබමින් තරගයෙන් ඉවත් කෙරුණු පළමු ක්‍රීඩකයා බවට කේන් ඉතිහාසගත වෙනවා.

දකුණු අප්‍රිකානු ස්ප්‍රිංබොක්ස් කණ්ඩායමේ ‘සෙන්ට’ ක්‍රීඩක ජෙසී ක්‍රීල් (Jesse Kriel) හිසේ උසට ටැක්ල් කිරීමේ වරදට නවසිලන්ත නායකයා පිටියෙන් ඉවත් කෙරුනා.

මේ ඉවත් කිරීමේ සෙවනැල්ලෙන් මිදීමට තමා ට කවදාවත් නොහැකි වනු ඇතැයි කේන් පිලිගන්නවා. 

“මට මේ වෙලාවේ දැනෙන්නේ ඉතාමත් ලොකු වේදනාවක්. එය විස්තර කරන්න තරම් වචන හොයා ගන්න ඇත්තටම අමාරුයි” කේන් පැවසුවා.

“මට ගොඩක් මානසිකව වේදනාව දැනෙන ගමන් අපේ ක්‍රීඩකයන් තරග කළ විලාශය ගැන ලොකු ආඩම්බරයකුත් මට දැනෙනවා.”

“අවාසනාවකට මෙය මගේ ජීවිතය පුරාවට මට විඳවන්න සිදුවන දෙයක් වේවි.”

“ඔළුව වටේ සිදු කෙරෙන ඕනෑම දෙයකට අප්‍රසන්න ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේ තීරණය හරි ද වැරදි ද කියා සාකච්ඡා කරන්න මට බැහැ. එය වෙනස් කරන්නත් බැහැ.”

“නමුත් අපි තරගය දිනන්න ලොකු වෑයමක් දැරුවා. ‘ඕල් බ්ලැක්ස්’ කණ්ඩායම ට ක්‍රීඩා කරන සහ නවසිලන්තය ට ආඩම්බරය ගෙන එන කණ්ඩායමක් වෙනුවෙන් මම ඒ ප්‍රකාශය කරන්නේ ඉතාමත් සතුටින්.”

fge56yh

“මේ වෙලාවේ ගොඩක් අයගේ හදවත් බිඳිලා. එය හරි අමාරු තත්ත්වයක්” යැයි සෑම් කේන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කේන් ට දුන් රතු කාඩ්පත විවේචනයට ලක් කළ නවසිලන්ත රග්බි ප්‍රධාන පුහුණුකරු ඉයන් ෆොස්ට (Ian Foster) රග්බි ක්‍රීඩාවට විසඳා ගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙන බවට අවධාරණය කර සිටියා.

තමා කතා කරන්නේ පරාජයේ තිත්ත රසය ඇතිව නොවන බව පැහැදිලිව කියා සිටි ඔහු තරග විනිශ්චය කළ නිලධාරීන් ප්‍රතිවාදී තත්ත්වයන් දෙකක් එක සමාන ලෙසින් නොසැලකූ බව ප්‍රකාශ කළා.

හිසේ උසට ටැක්ල් කිරීම නිසා කේන් රතු කාඩ්පතකින් සම්පූර්ණයෙන් තරගයෙන් ඉවත් කෙරුණු අතර පාඩී සේවේ (Ardie Savea) සමග හිස ට හිස ගැටීම නිසා කහ කාඩ්පතකින් පමණක් දඬුවම් ලබමින් දකුණු අප්‍රිකානු නායක සියා කලිසී බංකුවේ වාඩි වී සිටියා.

නිලධාරීන් මේ සිදුවීම් දෙකේදී ම නිවැරදි තීරණ ලබා දුන් බව පෙනෙන්නට තිබුනත් ෆොස්ට සිටියේ අසතුටින්.

රූපවාහිනී තරග විනිශ්චය නිලධාරියා පිළිබඳවද ඔහු සිය අසතුට පළකර සිටියා.

“අපි මේ තරගයේ රතු කාඩ් ගැන පමණක් කතා කරන පිරිසක් වෙන්න මට උවමනා නැහැ. සිදුවුනු දෙය සිද්ධ වුනා.”

“කේන් හැප්පුනු වෙලාවේ එතන එච්චර බලයක් තිබුනේ නැහැ. නමුත් අනෙක් කාඩ්පත...ඒ ඝට්ටනයේ ලොකු බලයක් තිබුනා. මේ ක්‍රීඩාවේ විසඳා ගන්න ඕන ගැටළු කිහිපයක් තියෙනවා.”

“එකිනෙකට වෙනස් වූ තත්ත්වයන් දෙකක් මෙතන තියෙනවා. එකක් රතු කාඩ් එකක්. අනෙක කහ කාඩ් එකක්.”

“මේ රූපවාහිනී විනිශ්චය නිලධාරියාගෙන් අපට පසුගිය වසරේ අයර්ලන්තය සමග තරගමාලාවේදීත් ලැබුනේ මේ හැසිරීම ම යි. ඒ නිසා ඔහුගෙන් බලාපොරොත්තු විය හැකි දේ කුමක්ද කියා අපි දැන සිටියා!”

  
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රතු කාඩ්පත මට හැමදාම හොල්මන් කරාවි - නවසිලන්ත රග්බි නායක | The Leader