The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලොව වඩාත්ම සරාගි මලල ක්‍රීඩිකාවට ජීවත් වෙන්න ක්‍රීඩාවේ සල්ලි විතරක් මදි ලු

T

The Leader Desk

October 30, 2023 • 7:34 AM

ලොව වඩාත්ම සරාගි මලල ක්‍රීඩිකාවට ජීවත් වෙන්න ක්‍රීඩාවේ සල්ලි විතරක් මදි ලු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එලීකා ෂ්මිත් මීටර් 400 දුර දුවන ජර්මන් මලල ක්‍රීඩිකාවක්.
  • ජර්මනිය වෙනුවෙන් ලෝක හා යුරෝපීය මට්ටමෙන් තරග වැදී තිබෙන ඇය 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 4x400 සහාය දිවීමේ සංචිතය ට සුදුසුකම් ලබා ගත්තත් එම ක්‍රීඩා උළෙලේ තරග කළේ නැහැ.
  • ෂ්මිත් ඇගේ ක්‍රීඩාවේ මුදුන ට ම පිවිසියත් තමා මලල ක්‍රීඩාවෙන් උපයන්නේ ඉතාමත් සොච්චම් මුදලක් බව ‘ටික්ටොක්’ වීඩියෝවකින් අනාවරණය කළේ මලල ක්‍රීඩා ධාවන පථයේ තරග කිරීමෙන් ඇය ට ලැබෙන ඉතා අඩු වැටුප පිළිබඳව විවෘතව කතා කරමින්.
  • “මූලික වශයෙන් මට කියන්න තියෙන්නේ ජර්මන් ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙකුට ජීවත් වෙන්න මුදල් ක්‍රීඩාවෙන් උපයන්න බැහැ කියලයි” ඇය ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

2017 වසරේදී ඔස්ට්‍රේලියානු සඟරාවක් එහි මුල් කවරයේ ඇගේ ඡායාරූපයක් පළ කරමින් ඇය ‘ලෝකයේ වඩාත් ම සරාගි මලල ක්‍රීඩිකාව’ ලෙස හැඳින්වීමෙන් පසුව ෂ්මිත් ට දැන් ඒ නම පටබැඳී තිබෙනවා.

shmddt“මම ලෝකයේ ඉන්න වැඩියෙන් ම සරාගි මලල ක්‍රීඩිකාව වුනත් රට වෙනුවෙන් දුවලා හම්බුවෙන සල්ලිවලින් පමණක් ජීවත් වෙන්න බැහැ. මාව ජීවත් කරවන්නේ සමාජ මාධ්‍ය යි” ඇය පවසනවා.

ජර්මනිය වෙනුවෙන් ලෝක හා යුරෝපීය මට්ටමෙන් තරග වැදී තිබෙන ඇය 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 4x400 සහාය දිවීමේ සංචිතය ට සුදුසුකම් ලබා ගත්තත් එම ක්‍රීඩා උළෙලේ තරග කළේ නැහැ.

ෂ්මිත් ඇගේ ක්‍රීඩාවේ මුදුන ට ම පිවිසියත් තමා මලල ක්‍රීඩාවෙන් උපයන්නේ ඉතාමත් සොච්චම් මුදලක් බව ‘ටික්ටොක්’ වීඩියෝවකින් අනාවරණය කළේ මලල ක්‍රීඩා ධාවන පථයේ තරග කිරීමෙන් ඇය ට ලැබෙන ඉතා අඩු වැටුප පිළිබඳව විවෘතව කතා කරමින්.

230831 FW223 BOSSxAlicaSchmidt Capsule Banner 750x850 Mobile

“මූලික වශයෙන් මට කියන්න තියෙන්නේ ජර්මන් ජවන හා පිටිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙකුට ජීවත් වෙන්න මුදල් ක්‍රීඩාවෙන් උපයන්න බැහැ කියලයි” ඇය ප්‍රකාශ කරනවා.

“අපි සංචිතයේ ඉන්නවා නම්.... උදාහරණයක් වශයෙන් ජාතික කණ්ඩායමේ නම්, අපිට යුරෝ 700ක් (පවුම් 611) ලැබෙනවා.”

සමහර මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් මාසිකව පොඩි දීමනාවක් ලැබුනත් එය ජීවත් වීමට ප්‍රමාණවත් නොවේ යැයි ඇය සඳහන් කරනවා.

shnteh
උපරිම තලයේ තරග කිරීම සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම සිහිනය වුවද එය සැමවිටකම මුදල් ගෙන දෙන්නක් නොවන බව ෂ්මිත් කියනවා.

තරගවලට සහභාගි වන විට ගමන් බිමන් හා හෝටල වියදම් බොහෝ විට නොලැබෙන බැවින් ඇත්ත වශයෙන්ම මලල ක්‍රීඩකයින්ට ඔවුන්ගේ අතින් අමතර මුදලක් වැයවන බව ද ඇය පෙන්නා දෙනවා.

ක්‍රීඩාවෙන් පමණක් ජීවත් වීම අසීරු බැවින් තමා වැනි බොහෝ දෙනෙකුට ක්‍රීඩා කිරීමට අමතරව අධ්‍යාපන කටයුත්තක නියැලීමට හෝ අමතර රැකියාවක් කිරීමට සිදුව ඇතැයි ඇය කියනවා.

alica schidt 630x439
එලීකා ෂ්මිත්ගේ දෙවැනි ආදායම් මාර්ගය වී තිබෙන්නේ සමාජ මාධ්‍යයේ ඇය කරන කටයුතු. ඇය ට දැන් ‘ඉන්ස්ටග්‍රෑම්’හි අනුගාමිකයන් මිලියන 4.7ක්ද, ‘ටික්ටොක්’හි තවත් මිලියන දෙකක් ද සිටිනවා.

සමාජ මාධ්‍ය වේදිකාවල ඇය ප්‍රසිද්ධ කරන දේවලින් ඇය ට අමතර මුදලක් ලැබෙන අතර එමගින් ෂ්මිත් ට ඇගේ ක්‍රීඩා දිවිය කෙරෙහි අවධානය යොමු කිරීමටද හැකියාව ලැබී ඇති බව පවසන ඇය තමා ට අනුගාමිකයන් ගොඩනගා ගැනීමේ අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලට ඇගේ කෘතඥතාව පුද කර සිටිනවා.

instagram crush alicia schmidt 20201021 1027

සමාජ මාධ්‍යවලින් කොතරම් මුදලක් උපයනවාද යන්න ඇය අනාවරණය කළේ නැහැ. නමුත් ඇය ඇගේ අනාගතය පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව පැහැදිළියි.

තවමත් විසිහතර වියේ පසුවෙමින් මලල ක්‍රීඩිකාවක ලෙසින් උපරිම දක්ෂතා දැක්වීමට කාලය බොහෝ ඉතිරිව තිබියදීත් එලීකා ෂ්මිත් මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරණය පිළිබඳව ද ඉගෙන ගනිමින් සිටින්නේ ධාවන පථයේ තමාගේ දිවිය අවසන් වූ පසු ජීවිතය ගෙන යන්නට ස්ථාවර තත්ත්වයක සිටීමේ අරමුණින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලොව වඩාත්ම සරාගි මලල ක්‍රීඩිකාවට ජීවත් වෙන්න ක්‍රීඩාවේ සල්ලි විතරක් මදි ලු | The Leader