The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'චියර්ලීඩර්' පර්සි අබේසේකර දිවියෙන් සමුගනී

T

The Leader Desk

October 30, 2023 • 5:39 PM

'චියර්ලීඩර්' පර්සි අබේසේකර දිවියෙන් සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු කළ, පර්සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.1936 ජුලි මස 30 වැනි දින උපන් පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 වැනි වියෙහි පසුවිය.පර්සි අබේසේකර මහතා ගාල්ල රිච්මන්ඩ්, ඇලෝසියස් සහ බද්දේගම සිරි රතනසාර විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි.එතුමා 1979 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරි ගන්වන්නෙකු ලෙස කටයුතු කළ අතර, ක්‍රිකට් ක්‍රීඩකයින්, සහ ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිතව සිටියේ ''පර්සි අංකල්'' යන නාමයෙනි.ඔහු, රටවල් ගණනාවක ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු හොඳින් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයෙකු බවට පත්ව සිටියේය.
  • වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු  කළ, පර්සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
  • 1936 ජුලි මස 30 වැනි දින උපන් පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 වැනි වියෙහි පසුවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දිරිගන්වන්නා ලෙස කටයුතු  කළ, පර්සි අබේසේකර මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

1936 ජුලි මස 30 වැනි දින උපන් පර්සි අබේසේකර මහතා මිය යනවිට 87 වැනි වියෙහි පසුවිය.

පර්සි අබේසේකර මහතා ගාල්ල රිච්මන්ඩ්, ඇලෝසියස් සහ බද්දේගම සිරි රතනසාර විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි.

එතුමා 1979 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරි ගන්වන්නෙකු ලෙස කටයුතු කළ අතර, ක්‍රිකට් ක්‍රීඩකයින්, සහ ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රචලිතව සිටියේ ''පර්සි අංකල්'' යන නාමයෙනි.

ඔහු, රටවල් ගණනාවක ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු හොඳින් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයෙකු බවට පත්ව සිටියේය. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...