The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ඝනිස්ථානයට කඩුලු හතක ජයක්

T

The Leader Desk

October 31, 2023 • 3:23 AM

 ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ඝනිස්ථානයට කඩුලු හතක ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඊයේ (ඔක් 30) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් කඩුලු හතක ජයක් ලැබීමට ඇෆ්ඝනිස්ථානය
  • ඒ අනුව ආබාධයට ලක්වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවූ අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කර තිබිණ.
  • ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර පහයි පන්දු දෙකක දී ලකුණු 22ක් වන විට දිමුත් කරුණාරත්න ලකුණු 15කට දැවී ගියේ ෆසාල්හක් ෆාරුකීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.
  • ඉන් පසුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 62ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමත් විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ නායක හස්මතුල්ලා ෂාහිදී පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේ ය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවූ වෙනස්කම්

ඇෆ්ඝනිස්ථානය සමග ඊයේ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබුණි.

ඒ අනුව ආබාධයට ලක්වූ ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවූ අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කර තිබිණ.

           


ඊයේ දිනයේ ද සාර්ථක නොවූ ආරම්භය


ලෝක කුසලාන තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින ආරම්භක කඩුල්ලේ සාර්ථක ආරම්භය ඊයේ තරගයේ දී ද අත්කර ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර පහයි පන්දු දෙකක දී ලකුණු 22ක් වන විට දිමුත් කරුණාරත්න ලකුණු 15කට දැවී ගියේ ෆසාල්හක් ෆාරුකීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

ඉන් පසුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 62ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්විය.

කෙසේ වුවත්, ශ්‍රී ලංකා ඉනිමේ 19 වන පන්දු වාරයේ දී ලකුණු 46ක් ලබාගෙන සිටි පැතුම් නිස්සංක දවා ගැනීමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් සමත් වන ලදී.


නැවත නැවත සිදුවන එකම වැරැද්ද


පැතුම් නිස්සංකගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි සදීර සමරවික්‍රම ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගෙන් එල්ලවූ පීඩනයට සාර්ථක අයුරින් මුහුණ දුනි.
ඔහු කුසල් මෙන්ඩිස් සමග එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් එක් කිරීමට සමත් විය.

කෙසේ වුව ද, ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 134ක්ව තිබිය දී කුසල් මෙන්ඩිස් දැවී ගියේ ය.

මුජීබ් අර් රෙහෙමාන්ගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් ලබා දී ලකුණු 39ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ ය.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලිය පුරාවට කුසල් ස්වීප් පහර එල්ල කිරීමට ගොස් අවස්ථා කිහිපයකදීම දැවී යන අයුරු දක්නට ලැබිණි.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් වැඩි කාලයක් යාමට මත්තෙන් සදීර සමරවික්‍රම ද ලකුණු 36කට දවා ගැනීමට මුජීබ් අර් රෙහෙමාන් සමත්විය.

397425872 731311169030597 4193130113533750683 n
ඇෆ්ඝන් ග්‍රහණයට ලක්වූ ශ්‍රී ලංකා පිතිකරණය

ශ්‍රී ලංකා ඉනිමේ 30 වන පන්දු වාරය වන විට ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 144කට කඩුලු හතරක් ලෙස ය.

ඉන් පසුව ක්‍රමයෙන් ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් පන්දු යවන ලදී.

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ඊයේ තරගයේ දී ද සාර්ථක නොවීය.

යළිත් වරක් ඔවුන්ගේ වගකීම හරි හැටි ඉටුකිරීමට අපොහොසත් වෙමින් ධනංජය ද සිල්වා ලකුණු 14කට සහ චරිත් අසලංක ලකුණු 22කට දැවී ගියෝ ය.

ශ්‍රී ලංකා ඉනිමේ 40 වන පන්දු වාරය වන විට කඩුලු හතක් දැවී ලකුණු 185ක් ලෙස සටහන්ව තිබුණි.

 

මැතිව්ස් සහ මහීෂ්ගේ සබඳතාව



ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතක් දැවී ගොස් තිබිය දී පිටියේ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව 200 සීමාව දක්ව ගෙන යෑමට සමත් වන ලදී.

ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ට තර්ජනයක් ගෙන දෙමින් මහීෂ් තීක්ෂණ සහ ඇන්ජලෝ මැතිව්ස් 08 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් රැස් කරන ලදී.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 230ක්ව තිබිය දී ෆාසල්හක් ෆාරුකීගේ පන්දුවක් හමුවේ මහීෂ් තීක්ෂණ ලකුණු 29කට දැවී ගියේ ය.

මහීෂ් තීක්ෂණගේ ඉනිමට හතරේ පහරවල් තුනක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු වාර කිහිපයේ දී ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දැමීමට දැරූ උත්සහයේ දී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23කට දැවී ගියේ ය.

තරගය පුරාවට දක්ෂ පන්දු යැවීමක නිරතවූ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 49 යි පන්දු තුනක දී ලකුණු 241කට සීමා කරන ලදී.

397385290 725958089569310 5311879544860750502 n

සාර්ථක නොවූ ඇෆ්ඝන් ආරම්භය


ලකුණු 242ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් ලකුණු ලබා ගැනීමට පෙර නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩිල්ශාන් මධුෂංක සමත් විය.

ඉන් පසුව පිටියට පැමිණි ඊබ්‍රාහිම් සර්දාන් සහ රෙහෙමත් ෂා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් එක් කිරීමට සමත් විය.

ඇෆ්ඝනිස්ථාන ඉනිමේ 17වන පන්දු වාරයේ දී නැවතත් ක්‍රියාත්මක වූ ඩිල්ශාන් මධුෂංක ලකුණු 39ක් රැස් කරගෙන සිටි ඊබ්‍රාහිම් සර්දාන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.


ජයග්‍රහණයට අඩිතාලම දැමු මැදපෙළ පිතිකරුවන්


සර්දාන්ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි නායක හස්මතුල්ලා ෂාහිදී, රෙහෙමත් ෂා සමග එක්වෙමින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කිරීමට සමත් විය.

රෙහෙමත් ෂා පන්දු 74ක දී ලකුණු 62ක් රැස් කරගෙන සිටිය දී දවා ගැනීමට කසුන් රාජිත සමත්වූයේ ය.

ඒ වන විට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දු වාර 28 කදී ලකුණු 131කට කඩුලු තුනක් ලෙස දැක්වුණි.


නොබිඳුණු ශතක සබඳතාව


රෙහෙමත් ෂාගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි හස්මතුල්ලා ඔමර්සායි නායක හස්මතුල්ලා ෂාහිදී සමග එක්වෙමින් ඔවුන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත් විය.

ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක නොබිදුණු සබඳතාවක් එක් කිරීමට සමත් විය.

හස්මතුල්ලා ඔමර්සායි නොදැවී ලකුණු 73ක් සහ හස්මතුල්ලා ෂාහිදී නොදැවී ලකුණු 58ක් රැස් කරන ලදී.

ඒ අනුව පන්දු වාර 45යි පන්දු දෙකක දී කඩුලු තුනක් පමණක් දැවී තවත් පන්දු 28ක් ඉතිරිව තිබියදී ඇෆ්ඝනිස්ථානය එහි ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය.
395592981 726093372889115 5471177229079903324 n

(BBC සිංහල සේවය)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...