The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා නායකයා ඇතුළු පිතිකරුවන් ක්‍රීඩා කළේ අපූරු ටෙස්ට් ඉනිමක්ද?

T

The Leader Desk

October 31, 2023 • 6:33 AM

ශ්‍රී ලංකා නායකයා ඇතුළු පිතිකරුවන් ක්‍රීඩා කළේ අපූරු ටෙස්ට් ඉනිමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ළගාවීමේ වැඩි බලාපොරොත්තු සහිත ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් ඇෆ්ගනිස්තානය කඩුලු 7ක ජයක්
  • ශ්‍රී ලංකා එක්දින පිලට ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 6ක්ම ක්‍රීඩා කළ හෙයින් එක් අවස්ථාවකදී මේ පන්දුවට පහර දෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් ඉනිමක් දැයි ප්‍රශ්නයක් මතුවිණි.
  • එහෙත් යළි ක්‍රියාත්මක වූ මධුසංඛ එවූ පන්දුවකට ‘ඩීප් තර්ඩ්මෑන්‘ වෙත සිටි දිමුත් කරුණාරත්න වෙත පහසු උඩ පන්දුවක්දී ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 39කට දැවී ගියේය.
  • රහ්මට් ෂා හා හසමතුල්ලා ෂාහිඩි ශ්‍රී ලංකාවට කරදරයක් වූ තවත් සබඳතාවක් තෙවැනි කඩුල්ලට ගොඩනගමින් සිටියදී ලකුණු 62ක් ලබාසිටි රහ්මට් ෂා දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක්දී දැවී ගිය අතර, එයට පෙර පන්දුවේදී ෂාගේ උඩ පන්දුව සධීර සමරවික්‍රම අතින් ගිලිහුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා කොට ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා ගත්තේය. 

ඒ සමඟම මෙතෙක් එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය දක්වා පහළට වැටිණි.

පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඇෆ්ගනිස්තාන පිල තවත් පන්දු 28ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන පිලට

නායකත්වයට පත්වූ පසු පිතිකරණ රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති කුසල් මෙන්ඩිස් ඇතුළු පිතිකරුවන් ටෙස්ට් තරගයකදී පහර දෙන්නාක් මෙන් ඉතා සෙමින් ලකුණු රැස් කරද්දී, ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ එක්දින තරගයකට උචිත අයුරින් තම ඉලක්කය සැලසුම් සහගතව දියත් කිරීම ප්‍රසංසනීය ක්‍රීඩා විලාශයකි. ශ්‍රී ලංකා එක්දින පිලට ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 6ක්ම ක්‍රීඩා කළ හෙයින් එක් අවස්ථාවකදී මේ පන්දුවට පහර දෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් ඉනිමක් දැයි ප්‍රශ්නයක් මතුවිණි.

 

මෙයට පෙර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේදී අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය හමුවී ඇති අතර, එම අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකාව විසින් ඇෆ්ගනිස්තානය පරාජයට පත්කර ඇති පසුබිමක මෙම තෙවැනි හමුවීමේදී මුල්වරට ජය ලබා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ඉතිහාස වාර්තා මකා දැමූහ.

ඇෆ්ගනිස්තානය මෙතෙක් එංගලන්තය, පකිස්තානය හා ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී පරාජය කොට පෙරැළිකාර තත්ත්වයක පසුවන අතර, ශ්‍රී ලංකාව පසුගිය ලෝක ශූර එංගලන්තය හා නෙදර්ලන්තය පරාජය කළේය.

ඉබ්‍රහිම් සද්‍රාන් හා රහ්මට් ෂා

ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භයේදීම ඩිල්ෂාන් මධුසංඛ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවේදී රහ්මනුල්ල ගුරුබාස්ට කිසිවක් හිතාගත නොහැකි පන්දුවක් කඩුල්ල තුළටම යොමු කරමින් ලකුණු බිංදුවේදි කඩුලු දඩයම ආරම්භ කළද, එතැන් සිට ඉබ්‍රහිම් සද්‍රාන් හා රහ්මට් ෂා දෙවැනි කඩුල්ලට පන්දු 97කදී ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගීම තරගයේ හැරවුම් ලක්ෂයක් විය. එහෙත් යළි ක්‍රියාත්මක වූ මධුසංඛ එවූ පන්දුවකට ‘ඩීප් තර්ඩ්මෑන්‘ වෙත සිටි දිමුත් කරුණාරත්න වෙත පහසු උඩ පන්දුවක්දී ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 39කට දැවී ගියේය. රහ්මට් ෂා හා හසමතුල්ලා ෂාහිඩි ශ්‍රී ලංකාවට කරදරයක් වූ තවත් සබඳතාවක් තෙවැනි කඩුල්ලට ගොඩනගමින් සිටියදී ලකුණු 62ක් ලබාසිටි රහ්මට් ෂා දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක්දී දැවී ගිය අතර, එයට පෙර පන්දුවේදී ෂාගේ උඩ පන්දුව සධීර සමරවික්‍රම අතින් ගිලිහුණි.

dimuth 7645දිමුත් කරුණාරත්න

වෙනදා ආරම්භක පිතිකරු කුසල් ජනිත් වෙනුවට දිමුත් කරුණාරත්න ඊයේ තරගයට ආදේශ කළද ආරම්භය ශක්තිමත් නොවිණි. කරුණාරත්න ලකුණු 15කට දැවීගිය අතර, කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක දෙවැනි කඩුල්ලට පන්දු 77කදී ලකුණු 62ක් ලබා සිටියදී පිට පිට එක්දින අර්ධ ශතක 5ක් වාර්තා කිරීමට ආසන්නව සිටි පැතුම් නිශ්ශංක ලකුණු 46ක් ලබා සිටියදී දැවීයෑම ප්‍රබල පහරක් විය.

 

නායකත්වයට පත්වූ පසු පිතිකරණ රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති කුසල් මෙන්ඩිස් පන්දු 50කදී ලකුණු 39ක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා ලකුණු ලබා ගැනීමේ වේගය පහත වැටෙන්නට විය. මේ හේතුව නිසාම තෙවැනි කඩුල්ලට පන්දු 57කදී ලකුණු 50ක සබඳතාවක් කුසල් හා සධීර අතර ගොඩනැගී තිබියදී කුසල් මෙන්ඩිස් දැවී ගියේය. සධීර සමරවික්‍රම ලකුණු 36කට දැවි ගිය අතර, මෙතෙක් තරගාවලිය පුරාම අසාර්ථක ධනංජය ද සිල්වා සියවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන දඟ පන්දු යවන රෂීඩ් ඛාන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 14කට දැවී ගියේය.

mathews 39485

ඇන්ජලෝ මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස් හා මහීෂ් තීක්ෂණ පන්දු 42කදී ලකුණු 45ක් 8 වැනි කඩුල්ලට එක් කිරීමෙන් ලකුණු පුවරුව තරමක් ඉහළ ගිය අතර, තීක්ෂණ පන්දු 31කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 29ක් ලබා ප්‍රසංශනීය මෙහෙවරක යෙදුණි. ඉනිම නිමාවීමට තවත් පන්දු 9ක් තිබියදී මැතිව්ස් යෝධ පහරක් එල්ල කළ අතර, එය ‘ලෝන්ග් ඔන්‘ හිදී මොහොමඩ් නබී රැකගත් හෙයින් ලකුණු 23කට ඔහු දැවී ගියේය.

afghan fans

ඇෆ්ගන් ක්‍රීඩා ලෝලීන් 

ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්තානයේ ප්‍රබල පන්දු යැවීම කැපී පෙනුණු අතර, පූනේ විශ්වවිද්‍යාලයේ සිසුන් වැඩි පිරිසකගෙන් සමන්විත ක්‍රීඩා ලෝලීන් ඇෆ්ගන් ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රීති ගායනා කරනු දක්නට ලැබිණි.

තරගයේ වීරයා සම්මානය කඩුලු 4ක් බිඳ හෙලූ වේග පන්දු යවන ෆසාල්හක් ෆාරුකීට හිමි විය.



(dinamina.lk - ප්‍රින්ස් ගුණසේකර ඉන්දියාවේ පූනේ මහරාෂ්ට ක්‍රීඩාංගණයේ සිට..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...