The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා පිතිකරු මැක්ස්වල් ගොල්ෆ් කරත්තයෙන් වැටී තුවාල ලබයි

T

The Leader Desk

November 1, 2023 • 2:34 PM

ඔස්ට්‍රේලියා පිතිකරු මැක්ස්වල් ගොල්ෆ් කරත්තයෙන් වැටී තුවාල ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකයේ හිමිකාරයා වන ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වල්
  • මේ හේතුවෙන් නොවැම්බර් 4 වැනිදා එංගලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයට ඔහු සහභාගි වන්නේ නැහැ.
  • නවසිලන්තය හා එංගලන්තය ට එරෙහි තරග අතරමැද ලැබුනු සතියක නිවාඩුවකදී කණ්ඩායමේ සගයන් සමග පසුගිය සඳුදා ගොල්ෆ් වටයක් ක්‍රීඩා කිරීමෙන් පසුව ගොල්ෆ් කරත්තයක නැග යන අතරතුර බිමට වැටීමෙන් මැක්ස්වල්ගේ මොළයේ සෙලවීමක් ඇති වී මුහුණේ සීරීම් ද සිදුව තිබෙනවා.
  • පසුගිය සතියේ දිල්ලියේදී මේ ආක්‍රමණශීලී පිතිකරුවා නෙදර්ලන්තය ට එරෙහිව පන්දු 40කින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොල්ෆ් කරත්තයකින් බිමට වැටීමෙන් තුවාල ලබා සිටිනවා. මේ හේතුවෙන් නොවැම්බර් 4 වැනිදා එංගලන්තය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයට ඔහු සහභාගි වන්නේ නැහැ.

නවසිලන්තය හා එංගලන්තය ට එරෙහි තරග අතරමැද ලැබුනු සතියක නිවාඩුවකදී කණ්ඩායමේ සගයන් සමග පසුගිය සඳුදා ගොල්ෆ් වටයක් ක්‍රීඩා කිරීමෙන් පසුව ගොල්ෆ් කරත්තයක නැග යන අතරතුර බිමට වැටීමෙන් මැක්ස්වල්ගේ මොළයේ සෙලවීමක් ඇති වී මුහුණේ සීරීම් ද සිදුව තිබෙනවා.

මේ තුන් ඉරියව් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන්නේ ඔහු පිත්තෙන් මැද පෙලේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතරතුර ඇඩම් සම්පා සමග දඟ පන්දු යැවීමේ කාර්යය ද බෙදා ගන්නා බැවින්.

පසුගිය සතියේ දිල්ලියේදී මේ ආක්‍රමණශීලී පිතිකරුවා නෙදර්ලන්තය ට එරෙහිව පන්දු 40කින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙය මැක්ස්වල් වසරකට අඩු කාලයක් ඇතුළත ආබාධයකට ලක්වූ දෙවැනි අවස්ථාවයි. මෙල්බර්න් නුවර පසුගිය නොවැම්බරයේ පැවති උපන්දින සාදයකදී ඔහු කකුලක් කඩා ගත් අතර වාර්තා වන පරිදි ඔහු එයින් තවමත් සම්පූර්ණ සුවය ලබා නැහැ.

මෙවැනි අනතුරකදී අනුගමනය කළ යුතු දින හයේ සිට අට දක්වා වන ප්‍රතිකාරවල මැක්ස්වල් නියැලෙනු ඇති බැවින් ලබන 4 වැනිදා තරගයට ඔහු සහභාගි නොවන බව ඔස්ට්‍රේලියා පුහුණුකරු ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...