The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව දෙවන වරටත් අන්ත පරාජයකට, ඩිල්ෂාන් මධුෂංක වාර්තා අතරට

T

The Leader Desk

November 3, 2023 • 3:01 AM

 ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව දෙවන වරටත් අන්ත පරාජයකට, ඩිල්ෂාන් මධුෂංක වාර්තා අතරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්දින ලෝක කුසලාන තරගාවලියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ ඊයේ ( නොවැම්බර් 02 වෙනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින්
  • ඉන්දීය පිතිකරුවන්ට තරගයේ පළමු පන්දු වාර 06 තුලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල විය.
  • ගොඩනැගු සුපිරි සබඳතාවය පළමු කඩුල්ල ලකුණු 04 කට දැවී යෑමෙන් පසු විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් විසින් ඉන්දීය ලකුණු පුවරුව ශක්තිමත් කරමින් ලකුණු 189ක් එක් කිරීමට සමත් විය.
  • ඉන්දීය කණ්ඩායමේ 30 වන පන්දු වාරයේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් මධුෂංක ලකුණු 92ක් රැස් කරමින් සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලකුණු 302 ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ඉන්දියාව සමත් විය.

මෙම ජයග්‍රහණය සමග ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.

ඊයේ තරගයට ධනංජය ද සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබුණි.


ලද අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම


ඊයේ  තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තුව සිටි ආරම්භය ලබාදීමට ඩිල්ෂාන් මධුෂංක සමත් විය. මධුෂංක විසින් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල පළමු පන්දු වාරයේ දෙවන පන්දුවේදී දවා ගැනීමට සමත් විය.

ඉන්දීය පිතිකරුවන්ට තරගයේ පළමු පන්දු වාර 06 තුලදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල විය.

විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් ලබාදුන් උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිලිහි ගිය අතර එහි වාසිය ඔවුන් දෙදෙනා ලබා ගැනීමට සමත්විය.

397913131 727722402726212 8144944614670691372 n
ගොඩනැගු සුපිරි සබඳතාවය


පළමු කඩුල්ල ලකුණු 04 කට දැවී යෑමෙන් පසු විරාත් කෝලි සහ ශුබ්මන් ගිල් විසින් ඉන්දීය ලකුණු පුවරුව ශක්තිමත් කරමින් ලකුණු 189ක් එක් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමේ 30 වන පන්දු වාරයේදී නැවත වරක් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් මධුෂංක ලකුණු 92ක් රැස් කරමින් සිටි ශුබ්මන් ගිල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඉන් පසුව නැවත වරක් තරගයේ 32 වන පන්දු වාරයේදී ලකුණු 88ක් රැස් කරගෙන සිටි විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට ඩිල්ෂාන් මධුෂංක සමත් වූ අතර
ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 196 කට කඩුලු තුනක් ලෙසිනි.

            


තරගය කණපිට පෙරළු පිතිකරු

එක ළඟ කඩුලු දෙකක් දැවී යාමෙන් පීඩනයකට නතුව සිටි ඉන්දීය කණ්ඩායමට සහනයක් ගෙන දීමට ෂෙරේස් අයියර් සහ කේ.එල්. රාහුල් සමත් විය. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් විය.

ෂෙරේස් අයියර් ප්‍රවේගකාරී ලෙස පිතිකරණයක යෙදුණු අතර කේ.එල්. රාහුල් ඉතා සුපරික්ෂාකාරී ලෙස ලකුණු ලබා ගත්තේය.

කෙසේ වුවද ඉන්දීය ඉනිමේ 40 වන පන්දු වාරයේදී දුෂ්මන්ත චමීර ගේ පන්දුවක් හමුවේ ලකුණු 21ක් රැස් කරගෙන සිටි කේ.එල්. රාහුල් දැවී ගිය අතර ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 04 කට ලකුණු 256ක් ලෙසයි.

ඉන් පසුව පිටියට පිවිසුණු සුර්යකුමාර් යාදෙව් හට වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඩිල්ෂාන් මධුෂංක ඉඩ ලබා නොදුන් අතර ඔහුව ලකුණු 12 කට දවා ගැනීමට සමත් විය.

එක් අන්තයක කඩුලු දැවී යමින් තිබියදී සිය අන්තයේ කඩුල්ල රැක ගෙන සිටි ෂෙරේස් අයියර් ශ්‍රී ලංකා පන්දු යවන්නට එරෙහිව ප්‍රවේගකාරී පිතිකරණයක නිරත විය.

ඔහු විසින් හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 3ක් සමග පන්දු 56 කට ලකුණු 82ක් රැස් කිරීමට සමත් විය.

ෂෙරේස් අයියර් සහ රවින්ද්‍ර ජඩේජා ඉන්දීය ඉනිමේ 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට සමත් විය. ලකුණු 82ක් රැස් කරගෙන සිටි ෂෙරේස් අයියර් ගේ කඩුල්ල ඩිල්ෂාන් මධුෂංක 48 වන පන්දු වාරයේදී දවා ගනු ලැබීය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 356ක් රැස් කිරීමට සමත් විය.


ඩිල්ෂාන් මධුෂංක ගේ වාර්තාව

396731710 727719679393151 7968525940177676854 n
ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 05ක් දවා ගත් සිව්වන පන්දු යවන්නා ලෙස ඩිල්ෂාන් මධුෂංක වාර්තා පොත් අතරට එක්විය. මේ දක්වා කඩුලු 18ක් ලබා ගත් මධුෂංක, ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

සිය මංගල ලෝක කුසලාන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ඩිල්ෂාන් මධුෂංක අද තරගයේදී කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.

ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 05ක් දවා ගත් සිව්වන පන්දු යවන්නා ලෙස ඩිල්ෂාන් මධුෂංක වාර්තා පොත් අතරට එක්විය. මේ දක්වා කඩුලු 18ක් ලබා ගත් මධුෂංක, ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි.

396724304 727802946051491 6773877314484205002 n
ඉන්දීය පන්දු යවන්නන් විසින් සුනුවිසුණු කළ ශ්‍රී ලංකා ඉනිම

ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට සිදුවුයේ නොසිතු ඉරණමකටයි.

පසුගිය දා අවසන් වූ ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 50 කට දැවී ගිය අයුරින්ම ඊයේ තරගයේ දී ද ශ්‍රී ලංකාවේ කඩුළු එක පිට එක දැවී ගියේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේදී පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 55ක් පමණි. එම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් වාර්තා කළ සිව්වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ මහීෂ් තික්ෂණයි. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 12කී. ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු නොලබා දැවී යාමද විශේෂත්වයකි.

පන්දු යැවීමේදී මොහොඩ් ෂාමි ලකුණු 18 කට කඩුලු 05ක් දවා ගනු ලැබීය.

(BBC සිංහල සේවය)  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...