The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බලෙන් දුන් හාදුව නිසා ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට වසර තුනක තහනමක්

T

The Leader Desk

November 3, 2023 • 8:55 AM

බලෙන් දුන් හාදුව නිසා ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට වසර තුනක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවකගේ තොල් පෙති සිපගත් ස්පාඤ්ඤ හිටපු පාපන්දු සභාපතිවරයාට පාපන්දු ක්‍රීඩාවට අදාළ සියළුම ක්‍රියාකාරකම්වල නියැලීමේ තෙවසරක තහනමක්
  • කෙසේ වෙතත් අගෝස්තු 20 වැනිදා මේ තරගාවලියේ නිමාවෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ලෝක ශූරියන් ගැන කතා කරනවාට වඩා ලෝකයාගේ වැඩි අවධානය යොමු වුනේ ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයාගේ ආන්දෝලනාත්මක සිපගැනීම කෙරෙහි.
  • එය ස්පාඤ්ඤ පාපන්දුව පමණක් නොව ලෝකයේ සෑම ඉසව්වකම තිබෙන පාපන්දු ක්‍රීඩාවේ තිගැස්මක් ඇති කළ හාද්දක් බවට පත්වුනා.
  • හමර්සෝ විසින් කරන ලද සාපරාධී පැමිණිල්ලකින් පසුව රීබියල්ස් ලිංගික අතවර කිරීම හා බලයෙන් නම්මාගැනීම යන චෝදනා සම්බන්ධයෙන් ස්පාඤ්ඤ මහාධිකරණයේ පරීක්ෂණයකට භාජනය වී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පැනවීමට ජගත් පාපන්දු සම්මේලනය (FIFA) තීරණය කර තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති 2023 කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී එංගලන්තය ගෝල් 1-0කින් පරාජය කර ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්පාඤ්ඤය ලෝක පාපන්දු ශූරියන් බවට පත්වුනා. ඉන්පසුව පැවති පදක්කම් පිරිනැමීමේ අවස්ථාවේදී ජෙනි හමර්සෝ (Jenni Hermoso) ක්‍රීඩිකාව තුරුල් කරගත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවීස් රීබියල්ස් (Luis Rubiales) ඉක්බිති ඇගේ තොල් පෙති සිප ගත්තේ ඇගේ කැමැත්තක් නැතිව.

ගෝලීය මාධ්‍ය සිරස්තල මැවුනු ස්ත්‍රීභාවයට නිගා කළ මේ නින්දිත හැසිරීම නිසා ස්පාඤ්ඤ ඓතිහාසික ජයග්‍රහණයේ දීප්තිය මත අඳුරු පැල්ලමක් වැටුනා.

මෙවර කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්පාඤ්ඤ ක්‍රීඩා මෙහෙයුම අමතක නොවන එකක් වන්නේ ලෝක කුසලාන තරගාවලියක අවසන් කණ්ඩායම් 16න් ඉදිරියට ස්පාඤ්ඤ කණ්ඩායමක් පැමිණියේ ප්‍රථම වතාවට වූ බැවින්. 

fifa women
ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය හා ස්වීඩනය පරාජය කරමින් අවසාන තරගයට සුදුසුකම් ලැබීම පමණක් ම ඔවුන් වාර්තා කළ ප්‍රථම ජයග්‍රහණයන් වුනා. අවසාන තරගයේදී සිදුවූයේ ඒ ජයග්‍රහණයේ ඔපය තවත් වැඩිවීම.

කෙසේ වෙතත් අගෝස්තු 20 වැනිදා මේ තරගාවලියේ නිමාවෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ලෝක ශූරියන් ගැන කතා කරනවාට වඩා ලෝකයාගේ වැඩි අවධානය යොමු වුනේ ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයාගේ ආන්දෝලනාත්මක සිපගැනීම කෙරෙහි. එය ස්පාඤ්ඤ පාපන්දුව පමණක් නොව ලෝකයේ සෑම ඉසව්වකම තිබෙන පාපන්දු ක්‍රීඩාවේ තිගැස්මක් ඇති කළ හාද්දක් බවට පත්වුනා.

මේ අපකීර්තිමත් සිපගැනීම නිසා ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට මුහුණ දී සිටින හිටපු ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන සභාපති ලුවීස් රීබියල්ස් ට පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ සියළුම ජාතික හා ජාත්‍යන්තර කටයුතුවල නිරත වීම තෙවසරකට තහනම් කළ බව FIFA පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළා.

ජෙනි හමර්සෝ ක්‍රීඩිකාවගේ කැමැත්තක් නැතිව ඇය ට දුන් හාදුවෙන් පසුව ලෝක පාපන්දුව පාලනය කරන ආයතනය වහාම රීබියල්ස් ට තෙමසක තහනමක් පැනවූවා. 

තමාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීම ට අවස්ථාවක් නොදීම පිළිබඳව FIFA ට චෝදනා කරන රීබියල්ස්, වසර තුනක තහනමේ තීරණයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම සඳහා තමා තමාගේ සියළුම අයිතීන් පාවිච්චි කරන බව ප්‍රකාශ කළා.

Luis Rubiales giving his speech as to why he won t be resigning on 25 August
හමර්සෝ විසින් කරන ලද සාපරාධී පැමිණිල්ලකින් පසුව රීබියල්ස් ලිංගික අතවර කිරීම හා බලයෙන් නම්මාගැනීම යන චෝදනා සම්බන්ධයෙන් ස්පාඤ්ඤ මහාධිකරණයේ පරීක්ෂණයකට භාජනය වී සිටිනවා.

සිඩ්නි නුවරදී ස්පාඤ්ඤයේ ඉතිහාසගත ජය තහවුරු කෙරෙන අවසන් විසිල් හඬ නිකුත් වූ සැණින්, ක්‍රීඩා මණ්ඩපයේ විශේෂිත කොටසේ අසුන් ගෙන සිටි රීබියල්ස් ජයග්‍රහණයේ ඉඟියක් ලෙසින් ඔහුගේ කලිසම් කරුව මිරිකා ඇත්තේ ඔහුගේ ළඟින් ස්පාඤ්ඤයේ ලෙටිසියා (Letizia) රැජින හා 16 හැවිරිදි සෆිආ (Sofia) කුමරිය සිටගෙන සිටියදී.

rub f546
ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයා සම්බන්ධ තෙවැනි සිද්ධියක් ගැන ද FIFA විනිශ්චයකාරවරුන්ගේ අවධානය යොමුව තිබුනා. ඒ, තරගයෙන් පසුව පැවති ප්‍රීතිවීම්වලදී රීබියල්ස් ඔහුගේ කර මතින් ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇතිනිය ඩෙල් කැස්ටිලො (Athenea del Castillo) උසුලා ගෙන යාම ගැන.

රීබියල්ස් අවසානයේ ඔහු දැරූ තනතුරුවලින් පසුගිය සැප්තැම්බරයේ ඉවත් වුනේ මේ හාද්දේ සිද්ධියෙන් පසුවත් සති තුනක් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරේ රැදී සිටීමෙන් පසුව. ඔහු එම තනතුරෙන් ඉවත් නොවී තවදුරටත් රැඳී සිටීම පිළිබඳව ස්පාඤ්ඤ රජයෙන් හා ස්පාඤ්ඤ ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඔහු ට එල්ල වුනු පීඩනය වැඩිවීමෙන් පසුව 2018 වසරේදී ලබා ගත් සභාපති ධූරයෙන් ඉවත් වීමට රීබියල්ස් ට සිදුවුනා.

මීට අමතරව තමා ට යුරෝ 250,000ක (ඩොලර් 265,000) මුදලක් වාර්ෂිකව ලැබුනු යුරෝපීය පාපන්දු සම්මේලනයේ (UEFA) උපසභාපති ධූරය අත්හැරීමට ද ලුවීස් රීබියල්ස් ට සිදුවුනා.

සටහන :
බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලෙන් දුන් හාදුව නිසා ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට වසර තුනක තහනමක් | The Leader