The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චීනයේදී ආසියානු පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයන්ට උණුසුම් පිළිගැනීමක්

T

The Leader Desk

November 4, 2023 • 7:54 AM

 චීනයේදී ආසියානු පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයන්ට උණුසුම් පිළිගැනීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පදක්කම් 11ක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරළා මව්බිම ට පැමිණි අවස්ථාවේදී ඔවුන් ට
  • මලල ක්‍රීඩා තරගවලින් පදක්කම් 9ක් හා පිහිනුම් ඉසව්වලින් පදක්කම් 2ක් ශ්‍රී ලංකාව ට හිමිවුනා.
  • රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4කින් ශ්‍රී ලංකාව හිමිකර ගත් පදක්කම් 11 සමන්විත වුනා.
  • නුවන් ඉන්දික ගමගේ මීටර් 100 T44 තරගයෙන් සහ ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 T46 තරගයෙන් රන් පදක්කම බැගින් දිනා ගත්තේ ආසියානු පැරා ක්‍රීඩා නව වාර්තා ද පිහිටුවමින් වීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ලැබුනේ උණුසුම් පිළිගැනීමක්.

සිවුවැනි වතාවටත් පැවති මේ තරගාවලියෙන් ශ්‍රී ලංකාව ට පදක්කම් ගෙන ආවේ නුවන් ඉන්දික ගමගේ, ප්‍රදීප් සෝමසිරි, සමිත දුලාන්, අනිල් ප්‍රසන්න, ජනනි ධනන්ජනා, ගලිනි බස්නායක, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, මදුරංග සුබසිංහ හා නවීඩ් රබීන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්. මලල ක්‍රීඩා තරගවලින් පදක්කම් 9ක් හා පිහිනුම් ඉසව්වලින් පදක්කම් 2ක් ශ්‍රී ලංකාව ට හිමිවුනා.

රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 4කින් ශ්‍රී ලංකාව හිමිකර ගත් පදක්කම් 11 සමන්විත වුනා.

නුවන් ඉන්දික ගමගේ මීටර් 100 T44 තරගයෙන් සහ ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 T46 තරගයෙන් රන් පදක්කම බැගින් දිනා ගත්තේ ආසියානු පැරා ක්‍රීඩා නව වාර්තා ද පිහිටුවමින් වීම විශේෂත්වයක්. රන් පදක්කමෙන් නොනැවතුනු ගමගේ දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමටත් සමත් වුනා.

නුවන් සටහන් කළ තත්පර 11.63 හා ප්‍රදීප්ගේ මිනිත්තු 4යි තත්පර 5.14 කාලයන් නව ආසියානු පැරා ක්‍රීඩා තරග වාර්තා බවට පත්වුනා.

රිදී පදක්කම් හිමිකර ගත්තේ දුර පැනීම තරගවලදී T64 ඉසව්වෙන් නුවන් ඉන්දික ගමගේ හා T47 ඉසව්වෙන් ජනනි ධනන්ජනා, හෙල්ල විසි කිරීමෙන් සමිත දුලාන් කොඩිතුවක්කු, මීටර් 100 T63 තරගයෙන් අනිල් ප්‍රසන්න සහ පිහිනුම් මීටර් 400 නිදහස්ආර (S9) ඉසව්වෙන් ගලිනි බස්නායක.

පාලිත බණ්ඩාර යගුලිය දැමීම F63 ඉසව්වේදී ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව සටහන් කළේ ලෝකඩ පදක්කමක් ද හිමිකර ගනිමින්. මීට අමතරව සමන් මදුරංග  සුබසිංහ මීටර් 400 T47 තරගයෙන් ද, කුමුද ප්‍රියංකා දුර පැනීම T47 තරගයෙන් ද, නවීඩ් රහීම් මීටර් 400 නිදහස්ආර S9 ඉසව්වෙන් ද ලෝකඩ පදක්කම් හිමිකර ගත්තා.

දිනේෂ් ප්‍රියන්ත ට පදක්කමක් හිමිකර ගැනීමට නොහැකි වුනත් පිරිමි F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ආසියානු පැරා තරග වාර්තාව මකා දැමීමට සමත් වෙමින් එම ඉසව්වේ සිවුවැනි ස්ථානය ට පත්වුනා.

චීනයේ පැවති 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙල ට සහභාගි වූ රටවල් 43ක් අතරින් ශ්‍රී ලංකාව ට හිමිවුනේ 18 වැනි ස්ථානය. ආසියාවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහසක් පමණ මෙම තරගාවලිය ට සහභාගි වුනා.

චීනයේ දස්කම් පා යළි සියරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරු, පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රවීන මලල ක්‍රීඩක කාලිංග කුමාර හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්, චීනය ට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියන් ඇතුළුව තවත් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපල ට පැමිණ සිටියා.

paralympic 2023.04.11

 

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...