The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවතට

T

The Leader Desk

November 4, 2023 • 4:59 PM

 ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.
  • ශක්තිමත් පාලන ව්‍යූහයක් නිර්මාණය කිරීමටත්, ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අවස්ථාව ලබාදීම පිළිබඳව ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයන්හි නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ස්තූතිය පුද කර තිබේ.
  • ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අතර හමුවක් අද උදෑසන ඩුබායිහිදී පැවැත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අතර හමුවක් අද උදෑසන ඩුබායිහිදී පැවැත්විණි.

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව එහිදී කයිස් අල් දලායි තහවුරු කර ඇති අතර, එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තවද, මෙහිදී රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා නොදෙන සංගම්හි ඡන්ද අයිතිය ඉවත් කරමින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් සැකසීම සඳහා ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඇතුලත් කිරීම පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශක්තිමත් පාලන ව්‍යූහයක් නිර්මාණය කිරීමටත්, ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අවස්ථාව ලබාදීම පිළිබඳව ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයන්හි නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ස්තූතිය පුද කර තිබේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රග්බි සම්බන්ධීකාරක අසා‍රත් ඩීන් ද එක්ව සිටියේ ය.

WhatsApp Image 2023 11 04 at 5.24.13 PM 1

WhatsApp Image 2023 11 04 at 5.24.12 PM

WhatsApp Image 2023 11 04 at 5.24.13 PM


WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...