The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කරයි

T

The Leader Desk

November 6, 2023 • 2:41 AM

 වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සත් පුද්ගල අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු
  •   මෙම අතුරු කමිටුවේ සභාපති ලෙස, අර්ජුණ රණතුංග පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි.
  • ඉමාම්, රෝහිණී මාරසිංහ සහ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා, උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන අය පත් කර ඇත.
  • එයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (05) දිනයෙන් යුතුව මේ වන විට නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කර ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පැවරී බලතල අනුව මෙලෙස අතුරු කමිටුව පත් කරනු ලැබුබව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර සිටියි.  

මෙම අතුරු කමිටුවේ සභාපති ලෙස, අර්ජුණ රණතුංග පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ සහ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු අයිරාංගණී පෙරේරා, උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන අය පත් කර ඇත.

ඒ අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු තිබේ.

එයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (05) දිනයෙන් යුතුව මේ වන විට නිකුත් කර තිබේ.

එ අනුව අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Roshan letter 2023.11.06


ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය 03වැනිදා ලිපියක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ත‍රග පරාජයන්හි වගකීම් තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගෙන අදාල නිලධාරීන් තම ධූරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

 දිගින් දිගටම ලබන මෙම පරාජයන් හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04ක් පුරා තේරීම් කටයුතු සිදුකළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතු බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබිණ.

ඉකුත් නොවැම්බර් 02 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති 2023 එක්දින ලෝක කුසලානයේ 33වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 55ක් ක් ලබා ගනිමින් සිදුවූ අපකීර්තිමත් අන්ත පරාජයත් සමඟ ක්‍රිකට් ලෝලීන්ගෙන් බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.

 

Sport Gazat 2023.11.06

සබැඳි පුවත් :
T10 තරගාවලියේ වෙන්දේසිය කල්දමයි - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපල පෙන්වයි
ඇමැති, ක්‍රිකට් සභාපති මැච් එක දරුණු වේ! - දෙදෙනාම අම්පයර්ට ලියති

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...