''ක්‍රිකට් පාලක මණ්ඩලය සාගලව බාගන්න පාවිච්චි කර ඇම මොකක්ද කියල හරියටම හොයන්න ඕන'' යයි ද අර්ජුන පවසයි.
ක්‍රීඩා ඇමතිවරයා විසින් අද (06) දිනයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අලුතින් පත්කර ඇති සභාපති, අර්ජුන රණතුංග එබව කියා සිටියේ, Truth With Chamuditha යු ටියුබ් නාලිකාව සමග ඊයේ (05) පැවැත්වූ විශේෂ සංවාදයේදීය.
''ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙක්ට ඕන විදිහට''
ලංකාවේ ක්‍රිකට් වල විනාසයට වගකිවයුත්තේ, ක්‍රිකට් පාලක මණ්ඩලය බව එහිදී පැවසු අර්ජුන රණතුංග, ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙක්ට ඕන විදිහට බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අද දින මෙවැනි තත්ත්වයට ඇද වැටීමට සංගා හා මහේල වගකිව යුතු බවද අර්ජුන පවසයි.
'' මම ඉල්ලන ටීම් එකත් එක්ක ක්‍රිකට් හදන්න මට බලය දුන්නොත් මාස හයෙන් ප්‍රතිඵල පෙන්නනවා..'' යයි පවසන අර්ජුන, ''වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කැමති උන් තියාගෙන අනිත් උන් ගෙදර එළවලා දාන්න ඕන.'' යයි ද කියා සිටියි.
''96 කණ්ඩායම අදට එකතු වුණත් දැන් ඉන්න ඉන්දියන් පිලට එරෙහිව ලකුණු 55 ක ට වඩා ගහගන්න පුළුවන්.''
'' ක්‍රිකට් පාලක මණ්ඩලයේ කියන්නේ අන්තිම දූෂිත හොර තිප්පොළක්. පාලක මණ්ඩලයේ ඉන්න ලොක්කෝ මුලින් ආවෙ මරුටියේ.. දැන් යන්නේ බෙන්ස් එකේ. මේ ගොල්ලන්ගෙ වත්කම් ගැන හොයල බලන්න ඕන.''
'' ක්‍රීඩා ඇමැතිට ක්‍රිකට් හදන්න ඕන කම තියෙනවා මුන් කරන්න දෙන්නෙ නෑ.''
''ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැන් ඉන්නේ උන් ගැන පරීක්ෂණ කරලා හිරේ දාන්න ඕන.'' යයි ද ක්‍රීඩා ඇමතිවරයා පත්කළ ක්‍රිකට් සභාපති වැඩිදුරටත් පවසයි.
සම්පුර්ණ වැඩසටහන පහත වීඩියෝ වෙන් බලන්න..
අර්ජුන ගෙන් සාගලට බරපතල චෝදනාවක් !
T
The Leader Desk
November 6, 2023 • 3:30 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්‍රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිව ඇල්ලුවේ සාගල රත්නායක හරහා බව හිටපු ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග අවධාරණය කර සිටියි.
- ක්‍රීඩා ඇමතිවරයා විසින් අද (06) දිනයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අලුතින් පත්කර ඇති සභාපති, අර්ජුන රණතුංග එබව කියා සිටියේ, Truth With Chamuditha යු ටියුබ් නාලිකාව සමග ඊයේ (05) පැවැත්වූ විශේෂ සංවාදයේදීය.
- ''ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙක්ට ඕන විදිහට'' ලංකාවේ ක්‍රිකට් වල විනාසයට වගකිවයුත්තේ, ක්‍රිකට් පාලක මණ්ඩලය බව එහිදී පැවසු අර්ජුන රණතුංග, ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙක්ට ඕන විදිහට බවද කියා සිටියේය.
- ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අද දින මෙවැනි තත්ත්වයට ඇද වැටීමට සංගා හා මහේල වගකිව යුතු බවද අර්ජුන පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



