The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අනවශ්‍ය හාද්දෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවට තර්ජන

T

The Leader Desk

November 8, 2023 • 10:52 AM

අනවශ්‍ය හාද්දෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවට තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුවීස් රීබියල්ස්ගෙන් ලැබුනු අනවශ්‍ය හාදුවේ ප්‍රතිඵලයක් ලෙසින් උද්ගතව තිබෙන පාපන්දු ලොව සසල කළ තත්ත්වයෙන් පසුව
  • එම තීරණය නිවේදනය වීමෙන් පසුව, තමා එයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව රීබියල්ස් කියා සිටියා.
  • මේ සිද්ධිය ගැන නැවත නැවත කතා කරන්න සිදුවීමෙන් මට වෙන්නේ ලොකු හානියක්” යැයි ප්‍රකාශ කර සිටියා.
  • “නමුත් මම මේ පීඩනය කොයි විදියකින් හරි මුදා හැරිය යුතු බව මම දන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තමා ට තර්ජන එල්ල වී තිබෙන බව ස්පාඤ්ඤයේ කාන්තා ලෝක කුසලාන ජයග්‍රාහී පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකා ජෙනිෆ හමර්සෝ අනාවරණය කර තිබෙනවා. 

තමාගේ කැමැත්තකින් තොරව ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා විසින් තමාගේ තොල් පෙති සිපගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව ස්පාඤ්ඤයේ සඟරාවක් විසින් ඇය ‘වසරේ කාන්තාව’ වශයෙන් ද නම් කළා.

“මේ සිද්ධියෙන් ලොකු කලබලයක් ඇති වී තියෙනවා. විශේෂයෙන් පෞද්ගලිකව මට ලොකු හානියක් මෙයින් සිදුවුනා” යනුවෙන් හමර්සෝ කියනවා. 

“මම අවුස්සපු නැති, මම තෝරා ගත්තෙ නැති, මම කලින් සැලසුම් නොකරපු ක්‍රියාවක විපාකය විඳින්න මට සිදුවෙලා තියෙනවා. මට තර්ජනය කර තියෙනවා. ඒක මට දරාගන්න බැරි දෙයක්. ඒක මට පුරුදු නැති දෙයක්” යැයි ඇය පවසනවා.

පසුගිය අගෝස්තුවේදී ස්පාඤ්ඤය ප්‍රථම වතාව ට කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී රීබියල්ස්, හමර්සෝගේ කැමැත්තක් නැතිව ඇය සිපගත්තා. 

Luis Rubiales giving his speech as to why he won t be resigning on 25 August

මේ හේතුවෙන් පාපන්දු ලෝකය කැළඹීමෙන් පසුව රීබියල්ස් ස්පාඤ්ඤයේ පාපන්දු සම්මේලනයේ ඔහු දරමින් සිටි සභාපති තනතුරෙන් ඉල්ලා අස්වූ අතර පසුගියදා ජගත් පාපන්දු සම්මේලනය විසින් ඔහු ට සියළුම ආකාරයේ පාපන්දු ක්‍රියාකාරකම්වල නියැලීම වසර තුනක ට තහනම් කරනු ලැබුවා. එම තීරණය නිවේදනය වීමෙන් පසුව, තමා එයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව රීබියල්ස් කියා සිටියා.

හමර්සෝ තමා ට ලැබුනු තර්ජන මොනවාද කියා විස්තර නොකළද, “මේ ගෙවුනු සති මට හරි අපහසුවක් ගෙන දුන්නා. මේ සිද්ධිය ගැන නැවත නැවත කතා කරන්න සිදුවීමෙන් මට වෙන්නේ ලොකු හානියක්” යැයි ප්‍රකාශ කර සිටියා.

“නමුත් මම මේ පීඩනය කොයි විදියකින් හරි මුදා හැරිය යුතු බව මම දන්නවා. මම මගේ මනෝ වෛද්‍යවරයාගේ උදව් ඇතිව ඒ ගැන තවමත් කටයුතු කරමින් ඉන්නවා.”

w640xh480 GettyImages 1616426867
“මට නම්, තරග බිමට යන්න පුළුවන් වෙන විදියට නිදා ගත යුතු පැය ගණන හා දිනපතා පුහුණුවීම තරමට ම මගේ මානසික සෞඛ්‍යයත් වැදගත්. මගේ මනෝ වෛද්‍යවරයා ට ස්තූතිවන්ත වන්නට මට දැන් ශක්තියක් දැනෙනවා. මම මනසින් වැටිලාවත්, මට තවදුරටත් පාපන්දු ක්‍රීඩා කරන්න ඕන නැහැ කියලාවත් මට හිතන්නේ නැහැ. පාපන්දු ක්‍රීඩා තරග බිමේ ලැබෙන ඒ ත්‍රාසය, ප්‍රමෝදය මට නැතිවෙලා නැහැ.”

ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය වසා ගත් අඳුරු පැල්ලමක් බවට පත්වූ මේ හාදු දීමේ සිදුවීමෙන් පසුව 33 හැවිරිදි හමර්සෝ ට විශාල ගෝලීය සහයෝගයක් ලැබී තිබෙනවා. 

fifa women

ඇය ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ට පසුගිය මස අගදී නැවත එක් වූ අතර ඉතාලිය ට එරෙහිව ගෝල් 1-0කින් ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ තරගයේ ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේ ද ඇය.

“මේ පහුගිය මාසවල සිද්ධ වෙච්ච දේවල් නිසා මගේ මනස ටිකක් පාපන්දුවෙන් එහාට ගියා. මම පාපන්දු ක්‍රීඩිකාවක් බව මට මතක් නොවුනු  අවස්ථාත් තිබුනා” යැයි ජෙනි හමර්සෝ කියනවා.

“නමුත් මම මගේ ක්‍රීඩා ඇඳුම පැළඳීම සඳහා නැවත පුහුණු වීමකට, තරග බිමකට යනවා. මගේ උපරිම ක්‍රීඩාව මගේ ක්‍රීඩා දිවිය ට, ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට, මගේ ජාතික කණ්ඩායම ට නැවත ලබා දෙන්න මට අවශ්‍යයි. මම මේ ක්‍රීඩාවෙන් සතුටු වීම දිග ට ම කරගෙන යනවා.”

20230726 1690369741 636

“ඔබ ගැන මතකය කොයි විදියට තියෙනවාටද ඔබ කැමති?” යනුවෙන් නැගුනු ප්‍රශ්නයකට ඇය මෙසේ පිළිතුරු දුන්නා: “උපරිම මට්ටමේ සිටිමින් ස්පාඤ්ඤය අතහැර යාමට උවමනාව තිබුනු පුද්ගලයෙක් ලෙසින්. නමුත් ඔක්කොටම වැඩියෙන්, චින්තනයේ නොයෙකුත් විධි වෙනස් කරන්න උත්සාහ කළ කෙනෙකු ලෙසින්. වාසනාවකට හෝ අවාසනාවකට, දැන් මේ හාදුවේ කතාව ලියවිලා තියෙනවා. නමුත් සමාජයේ හොඳ යැයි මම සිතන දේ වෙනුවෙන් සටන් කිරීම පිණිස මේ සිදුවීම ධනාත්මකව අත්විඳීම ට මම ඉගෙන ගන්නවා.

‘ලිංගික අතවර සිදුකිරීම හා බලයෙන් නම්මාගැනීම’ යන චෝදනා මත ස්පාඤ්ඤ නීතිඥයින් විසින් ගොනු කරන ලද නඩුවක් හේතුවෙන් හිටපු ස්පාඤ්ඤ පාපන්දු සම්මේලන සභාපති ලුවීස් රීබියල්ස් දැන් ස්පාඤ්ඤයේ ජාතික උසාවියේ පරීක්ෂණයකට භාජනය වී සිටිනවා.

ඔහු සැප්තැම්බරයේදී උසාවියේ පෙනී සිටි අතර එහිදී විනිශ්චයකාරවරයා සහ සිද්ධියට සම්බන්ධ සියළු පාර්ශවයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සටහන : 

බුවනෙක හා වරංගනාට බැඩ්මින්ටන් ශූරතා(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

බලෙන් දුන් හාදුව නිසා ස්පාඤ්ඤ හිටපු පාපන්දු ලොක්කාට වසර තුනක තහනමක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනවශ්‍ය හාද්දෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවට තර්ජන | The Leader