The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වාර්තාගත අටවැනි වතාවටත් ‘බෙලීන් ඩෝ’ සම්මානය ලයනල් මෙසී ට

T

The Leader Desk

November 9, 2023 • 9:38 AM

වාර්තාගත අටවැනි වතාවටත් ‘බෙලීන් ඩෝ’ සම්මානය ලයනල් මෙසී ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Ballon d’Or – ‘බෙලීන් ඩෝ’ යනු පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම ගෞරවාන්විත හා වටිනා ම උපහාර තිළිණය.
  • ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ට පිරිනැමෙන මේ සම්මානය මෙසී මෙවර දිනා ගත්තේ ‘UEFA වසරේ පාපන්දු ක්‍රීඩකයා’ වන ‘මැන්චෙස්ට සිටි’ ප්‍රිමිය ලීග් ක්‍රීඩා සමාජ කණ්ඩායම ට ක්‍රීඩා කරන නෝවේ රටේ අර්ලිං හාලන්ඩ් (Erling Haaland) අභිබවමින්.
  • පසුගිය වසරේ කටාර් දේශයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළ මෙසී වසර 36කට පසුව ප්‍රථම ලෝක පාපන්දු කුසලානය කරා ආජන්ටිනාව මෙහෙයවමින් අවසාන මහා තරගයේදී හිටපු ලෝක ශූර ප්‍රංශය ට එරෙහිව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළා.
  • 36 හැවිරිදි ලයනල් මෙසී දැන් ඔහුගේ ප්‍රතිවාදියා වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට වඩා ‘බෙලීන් ඩෝ’ සම්මාන තුනක් වැඩියෙන් පෙරමුණේ සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්මානය වාර්තාගත 8 වැනි වතාවටත් හිමිකර ගැනීමට ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ආජන්ටිනාවේ ලයනල් මෙසී සමත් වුනා.

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ට පිරිනැමෙන මේ සම්මානය මෙසී මෙවර දිනා ගත්තේ ‘UEFA වසරේ පාපන්දු ක්‍රීඩකයා’ වන ‘මැන්චෙස්ට සිටි’ ප්‍රිමිය ලීග් ක්‍රීඩා සමාජ කණ්ඩායම ට ක්‍රීඩා කරන නෝවේ රටේ අර්ලිං හාලන්ඩ් (Erling Haaland) අභිබවමින්.

පසුගිය වසරේ කටාර් දේශයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළ මෙසී වසර 36කට පසුව ප්‍රථම ලෝක පාපන්දු කුසලානය කරා ආජන්ටිනාව මෙහෙයවමින් අවසාන මහා තරගයේදී හිටපු ලෝක ශූර ප්‍රංශය ට එරෙහිව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළා.

36 හැවිරිදි ලයනල් මෙසී දැන් ඔහුගේ ප්‍රතිවාදියා වන ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ට වඩා ‘බෙලීන් ඩෝ’ සම්මාන තුනක් වැඩියෙන් පෙරමුණේ සිටිනවා. රොනාල්ඩෝ ඔහුගේ මේ සම්මාන පහෙන් අන්තිම කුසලානය දිනා ගත්තේ 2017 වසරේ.

මෙසී දැන් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයන් තිදෙනා අතරට වාර්තාගත අයුරින් 14 වතාවක් පිවිස ඇති අතර පස් වතාවක් එහි අනුශූරයා බවට පත්වුනා.



“මට ලැබුනු ක්‍රීඩා දිවිය ගැනත්, මම ලබා ගත්ත ජයග්‍රහණ ගැනත් මට හිතාගන්න බැහැ. ලෝකයේ ඉන්න හොඳම කණ්ඩායමට මෙන්ම ඉතිහාසයේ හොඳම කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබීම මා ලද වාසනාවක්. මෙවැනි තනි සම්මාන දිනා ගැනීමට හැකිවීම හොඳයි” මෙසී පවසනවා.

“විවිධ හේතුන් නිසා හැම ‘බෙලීන් ඩෝ’ සම්මානයක් ම විශේෂයි.”

“ජාතික කණ්ඩායමත් එක්ක අපි ලබා ගත් දේවලට ස්තූතිවන්ත වන්නට මට ලැබෙන මේ පිළිගැනීම් ගැන මට සන්තෝෂයි” මෙසී ඔහුගේ අට වැනි ‘බෙලීන් ඩෝ’ කුසලානය ලබා ගැනීමෙන් පසුව වාර්තාකරුවන්ට ප්‍රකාශ කළා.

“අපි අවුරුදු ගාණක් තිස්සේ ඉලක්ක කර ගෙන සිටි මෙවර ලෝක කුසලානය මේ සම්මානයේ අගය තවත් වැඩි කරනවා.”

2026 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තෙක් දිග ට ම ක්‍රීඩා කරන්නේදැයි නැගුනු ප්‍රශ්නයකට ලයනල් මෙසී (Lionel Messi) පිළිතුරු දුන්නේ මේ අයුරින්: 

“මම ඒ ගැන හිතන්නේ නැහැ. මම මගේ ක්‍රීඩා ජීවිතයෙන් දවසෙන් දවස සතුටු වෙනවා. ඉස්සෙල්ලම 2024 වසරේ අමෙරිකාවේ පැවැත්වෙන Copa America තරගාවලිය එනවා. ලෝක කුසලාන තරගාවලිය ගැන මම දැනට හිතන්නේ නැහැ.”

77216507 12692661 image a 16 1698753013272

එමිලිආනෝ මාටීනෙස්

‘බෙලීන් ඩෝ’ සම්මාන රාත්‍රියේදී මෙසීගේ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායම් සගයෙකු වන එමිලිආනෝ මාටීනෙස් (Emiliano Martinez) ලෝකයේ හොඳම ගෝල් රකින්නා ට පිරිනැමෙන ‘Lev Yashin’ තිළිණය හිමිකර ගත්තා.

aillana 2

අයිටාන බම්මාටී

පාපන්දු ක්‍රීඩිකාවන්ගේ ‘බෙලීන් ඩෝ’ සම්මානය දිනා ගත්තේ ස්පාඤ්ඤ ලෝක කුසලාන පාපන්දු ශූර ක්‍රීඩිකා අයිටාන බම්මාටී (Aitana Bonmati).

“මෙය තනි ශූරතාවක් වුනත් එය කණ්ඩායමක් නැතිව විද්‍යාමානව තියෙන්නේ නැහැ” යනුවෙන් ඇය වාර්තාකරුවන් හමුවේ කියා සිටියා.

2009 වසරේ සිය පළමු ‘බෙලීන් ඩෝ’ සම්මානය දිනා ගත් මෙසී 2012 වනතුරු  එක දිග ට එය දිනා ගැනීමට සමත් වුනා. පසුගිය අගෝස්තු මාසයේ පැවති යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය - UEFA සම්මාන ප්‍රදාන උළෙලේදී මෙසී ට ලැබුනේ හාලන්ඩ් ට පසුව දෙවැනි ස්ථානය. 

‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායම චැම්පියන්ස් ලීගය, ප්‍රිමිය ලීගය සහ එෆ්.ඒ. කුසලානය හිමිකර ගනිද්දී හාලන්ඩ් පසුගිය ක්‍රීඩා වාරයේ සියළු තරගාවලියන්හි තරග 53කදී ගෝල් 52ක් ලබා ගැනීමට සමත් වුනා.

RYYMT7UMCNDMFLDF337L5D6TBE

නමුත් පසුගිය වසරේ ලෝක කුසලාන පාපන්දු තරග බිමේ ආජන්ටිනාවේ විස්මය දනවන ක්‍රීඩාවේදී අතිවිශිෂ්ට හපන්කම් ප්‍රදර්ශනය කරමින් එම සමස්ත තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි ‘රත්තරං බෝලය’ හා ගෝල් හතක් සහ ගෝල් ලබා ගැනීමට සහාය වූ අවස්ථා තුනක් වෙනුවෙන් ‘රිදී බූට්සපත්තුව’ සම්මාන දිනා ගැනීම මෙවර ‘බෙලීන් ඩෝ’ සම්මානය කරා අර්ලිං හාලන්ඩ් නෝවේජියානුවා අභිබවා යාමට මෙසී ට උපකාරී වුනා.


සටහන : 
දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයාට මරණ තර්ජන(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වාර්තාගත අටවැනි වතාවටත් ‘බෙලීන් ඩෝ’ සම්මානය ලයනල් මෙසී ට | The Leader