The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 11, 2023 • 8:47 AM

 අරවින්ද නම් වූ බටහිරයා.... (ආචාර්ය මහේෂ් හපුගොඩ)   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරාගේ නම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටයින්ගේ නාමාවලියට එකතුකරන්න යන බව සැලයි (ICC Hall of Fame). ඒක අනිවාර්යයෙන්ම
  • මුරලිගේ විකට් 800, සංගාගේ ටෙස්ට් ලකුණු 12000 සහ එක්දින 14000, මහේලගේ එක්දින 12000 සහ ටෙස්ට් 11000 වගේ රෙකෝඩ් ප්‍රමාණයක් තියනවා.
  • අරවින්දට එහෙමට කියන්න ලොකු රෙකෝඩ්ස් නැහැ (ටෙස්ට් ලකුණු 6000, එක්දින 9000).
  • කවුරුත් කවදාවත් හිතුවේ නැති එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):
විය යුත්තක්. මොකද ඇත්තටම ඔහු විශිෂ්ටයෙක්.

මීට කලින් ලාංකිකයින් තුන් දෙනෙක් මේ සඳහා නම්කර තිබෙනවා. ඒ මුරලි, සංගා සහ මහේල. ඒ හැමෝටම වගේ විශිෂ්ට වෘත්තීය ක්‍රිකට් වාර්තා තියනවා. මුරලිගේ විකට් 800, සංගාගේ ටෙස්ට් ලකුණු 12000 සහ එක්දින 14000, මහේලගේ එක්දින 12000 සහ ටෙස්ට් 11000 වගේ රෙකෝඩ් ප්‍රමාණයක් තියනවා. සැමරිය යුතු මට්ටමේ ඒවා.

අරවින්දට එහෙමට කියන්න ලොකු රෙකෝඩ්ස් නැහැ (ටෙස්ට් ලකුණු 6000, එක්දින 9000). හැබැයි තියෙන්නේ සමස්ත ක්‍රිකට් ලෝකයට අමතක නොවෙන ඉනිම් කිහිපයක්. ඔය ලෝක කුසලානේ දින්න වෙලාවේ ඉනිමත් එහෙම එකක්. අරවින්ද ක්‍රිකට් ලෝකේ අමරණීය වෙච්ච තව ඒවගේ ඉනිම් කිහිපයක් තියනවා.

අන්න ඒ ඉනිම් සැමරිය යුතු මට්ටමේ ඒවා. ඊයේ පෙරේදා අර මැක්ස්වෙල් කියන හාදය වෙන්කඩේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කලේ එහෙම එකක්. කවුරුත් කවදාවත් හිතුවේ නැති එකක්.
N 3f94c057 1image story
සමස්ත ක්‍රිකට් ජීවිතයේ 10000ක් ගහලත් අමරණීය වෙන්න පුළුවන්. අර වගේ එකක් දෙකක් තලලත් සදාතනික වෙන්න පුළුවන්.

වසර විස්සක විතර දීර්ඝ ක්‍රිකට් ජීවිතයක් ඇතුලේ ලබාගත්ත ජයග්‍රහණ නිසාත් කෙනෙකුට විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එක්තරා දිනයක දෙනලද තත්වයක් එක්ක සුවිශේෂී දෙයක් සිද්ද කරලා අපේ හදවත්වල සදාතනික වෙන්නත් පුළුවන්.

මට හිතෙන හැටියට අරවින්ද වැඩියෙන් අයිති වන්නේ සහ මතක හිටින්නේ දෙවැනි කොටස නිසා.

අසූව දශකයේ අග සහ අනූව දශකයේ ලංකාවේ ක්‍රිකටස්ල ගිය බස් එකේ අනික් ඔක්කොමල සිංහල සින්දු අහනකොට අනික් උන් ගැන වගේ වගක් නැතුව කණ පැලෙන්න ඉංග්‍රීසි සින්දු අහපු අපේ යුගයේ 'ක්‍රිකට් බටහිරයාට' ලැබෙන මේ බුහුමන ගොඩක් අගය කරනවා. මොකද ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩකයකුට ලැබිය හැකි ඉහළම මට්ටමේ පිළිගැනීම.

මොනවා උනත් අරවින්ද වෙනස් එකෙක්. එයාව මතක හිටින අනික් කාරණේ ඒක.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...