The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මුදල් හුවමාරුවකින් තොරව කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා ගරිල්ලන්ගෙන් නිදහස ලබයි

T

The Leader Desk

November 11, 2023 • 5:39 PM

මුදල් හුවමාරුවකින් තොරව කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා ගරිල්ලන්ගෙන් නිදහස ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොලොම්බියාවේ ELN ගරිල්ලා කණ්ඩායම විසින් තමා නිදහස් කිරීමේදී කිසිම මුදල්
  • ආයුධ සන්නද්ධ ELN ගරිල්ලන් විසින් මැන්වෙල් ඩියාස් හා ඔහුගේ බිරිඳ වන සිලෙනස් මෑරලන්ඩා පැහැර ගෙන යනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදා.
  • සිද්ධියෙන් ටික වේලාවකට පසුව පැහැරගත්තවුන් විසින් නිදහස් කර තිබූ සිලෙනස් පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර මැන්වෙල් නිදහස් කිරීමට පෙර ගරිල්ලා කණ්ඩායම දින 12ක් ඔහු සිරකර ගෙන සිටියා.
  • කොලොම්බියා ජාතික පාපන්දු කණ්ඩායමේ නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වන ලුවීස් ඩියාස් ‘ලිවපූල්’ කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හුවමාරුවක් සිදු නොවූ බව ‘ලිවපූල්’ පාපන්දු ක්‍රීඩක ලුවීස් ඩියාස්ගේ පියා පවසනවා.

ලුවීස් මැන්වෙල් ඩියාස් මෙසේ කියා සිටියේ තමා පැහැර ගත් ගරිල්ලා හමුදාවෙන් නිදහස ලැබීමෙන් පසුව ප්‍රථම වතාවට කතා කරමින්.

ආයුධ සන්නද්ධ ELN ගරිල්ලන් විසින් මැන්වෙල් ඩියාස් හා ඔහුගේ බිරිඳ වන සිලෙනස් මෑරලන්ඩා පැහැර ගෙන යනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 28 වැනිදා.

xdfgw4564

සිද්ධියෙන් ටික වේලාවකට පසුව පැහැරගත්තවුන් විසින් නිදහස් කර තිබූ සිලෙනස් පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර මැන්වෙල් නිදහස් කිරීමට පෙර ගරිල්ලා කණ්ඩායම දින 12ක් ඔහු සිරකර ගෙන සිටියා.

කොලොම්බියා ජාතික පාපන්දු කණ්ඩායමේ නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වන ලුවීස් ඩියාස් ‘ලිවපූල්’ කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනවා. පියා පැහැර ගත් අවස්ථාවේදී ලුවීස් ඩියාස් සිටියේ ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කරමින් එංගලන්තයේ.

නිදහස ලැබීමෙන් පසුව පිය පුතු අතර සිදුවූ කතාබහ ගැන මැන්වෙල් ඩියාස් හෙළිකර තිබෙනවා.


“මේ සිදුවීම් මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පරිදි ජීවිතය ගෙන යන්න. සිදුවූ සියළු දේවලින් මිදෙන්න ලොකු ශක්තියක් තියා ගන්න කියලා ලුවීස් මට කීවා.”


වාර්තාකරුවන් ඉදිරියේ කතා කරද්දී හැඟීම්බර වූ 58 හැවිරිදි ලුවීස් මැන්වෙල් ඩියාස්, තමා නිදහස් කිරීමට පෙර ගරිල්ලන් සමග කිසිම මුදලක් අතිනත හුවමාරු නොවුනු බව අනාවරණය කළා. “මුදල් සැපයීමක් ගැන කිසිම කතාවක් සිදුවුනේ නැහැ. එහෙම අවශ්‍යතාවක් තිබුනේත් නැහැ. සියල්ල සිදුවුනේ නීත්‍යානුකූලව.

vsgfwe

දෙවියන්ට ස්තූතිවන්ත වන්නට ඔවුන් මුදල් හෝ වෙනත් කිසිම සම්පතක් ඉල්ලා සිටියේ නැහැ.”

පියා නිදහස් කෙරුණු බව ස්ථිර වන විට ලුවීස් ඩියාස් සිටියේ ලිවපූල් කණ්ඩායමත් සමග ප්‍රංශයේ. යුරෝපා ලීගයේ ‘ටූලූස්’ (Toulouse) පිල සමග තරග වැදීමට කණ්ඩායම එහි ගොස් සිටි අතර මේ තරගයෙන් ලිවපූල් ගෝල් 3-2කින් පරාජය වුනා.


ලුවීස්ගේ පියා නිදහස ලැබීමෙන් පසුව කොලොම්බියානු පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කළ අතර එහි මෙසේ සඳහන්ව තිබුනා: “ජාතික රජයට, හමුදාවන්ට සහ ජාතික පොලිසියටත්, අපේ ක්‍රීඩකයා වන ලුවීස් ඩියාස්ගේ පියා නිදහස් කිරීමට කටයුතු කළ සියළුම ආයතන හා නිලධාරීන්ටත් කොලොම්බියානු පාපන්දු සම්මේලනය ස්තූතිය පුද කරනවා.”


අවිගත් ගරිල්ලන් විසින් පියා පැහැර ගත් දිනයේ ‘නොටිංහැම් ෆොරස්ට්’ කණ්ඩායමට එරෙහිව පැවති තරගයට ලුවීස් ඩියාස් සහභාගි වුනේ නැහැ. නමුත් ඔහු පියා නිදහස් කිරීමේ ආරංචියක් ලැබෙන තුරු දිග ට ම පුහුණු වෙමින් ලිවපූල් සංචිතය සමග සිටියා.

‘ලූටන් ටවුන්’ (Luton Town)’ කණ්ඩායම සමග පැවති තරගයේ අවසන් කාලයේදී ඩියාස් තම ලිවපූල් කණ්ඩායම තරගයේ සමතැනට ගෙන එන ගෝලය ලබා ගත් අතර එහි ප්‍රීතිය සැමරුවේ “තාත්තා ට නිදහස” යන වදන් සහිත යටකමිසය ප්‍රදර්ශනය කරමින්.

xcgste435

කොලොම්බියානු ගරිල්ලන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා නිදහස් කරනු ලැබූ ලුවීස් මැන්වෙල් ඩියාස් බාර දෙනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සහ කොලොම්බියාවේ ‘වජිඩුබාර්’ (Valledupar) හි කතෝලික පල්ලියේ නියෝජිතයන්ට. මේ නිදහස් කිරීම සිදුවුනේ වෙනිසුවේලාව සමග වන කොලොම්බියානු දේශසීමාවේ වනාන්තර ප්‍රදේශයක.


සබැඳි පුවත් :
හමුදා මෙහෙයුම් නිසා කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කරන්න අමාරුයි - ELN

ලෝකය කම්පනයට පත්කළ කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා පැහැර ගැනීමේ කතාව

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...