The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මරා දැමුනු හමුදා අණදෙන්නාගේ උඩු කය ප්‍රතිමාව ප්‍රදර්ශනය කළ ඉරාන පාපන්දු කණ්ඩායමට දඬුවම්

T

The Leader Desk

November 12, 2023 • 6:39 AM

මරා දැමුනු හමුදා අණදෙන්නාගේ උඩු කය ප්‍රතිමාව ප්‍රදර්ශනය කළ ඉරාන පාපන්දු කණ්ඩායමට දඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩාංගණයක ප්‍රදර්ශනයට තබා තිබෙන උඩුකය ප්‍රතිමාවක් නිසා ඇති වුනු අර්බුදයක් පිළිබඳව ආසියානු පාපන්දු තරග බිමෙන් වාර්තා වෙනවා.
  • අරාබි කලාපය හරහා අස්ථිරබව ඇවිස්සූ කෙනෙකු ලෙසින් ඔහු සෞදියේ කෝපයට ලක්ව සිටිනවා.
  • ක්‍රීඩා පිටියට ඇතුළු වන ස්ථානයේ කසෙම් සුලෙයිමානි ගේ උඩු කය පිලිරු තබා ඇති අයුරු සම්මේලනයේ විනය පටිපාටිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් මත ‘සෙෆහාන්’ කණ්ඩායමට ආසියානු පාපන්දු සම්මේලනයේ විනය හා ප්‍රතිපත්ති කමිටුව විසින් දඬුවම් කිහිපයක් පමුණුවා තිබෙනවා.
  • එම කණ්ඩායම දඩයක් සේ ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණය ලබා දිය යුතු බවට සම්මේලනය තීරණය කිරීමෙන් පසුව ‘අල්-එට්ටිහාද්’ කණ්ඩායමට ගෝල් 3-0ක ජයක් ලබා දී ඇති අතර ඊට අමතරව ඩොලර් 200,000ක දඩ මුදලක් ගෙවන ලෙසට ද ඉරාන කණ්ඩායමට නියම කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


2020 වසරේදී අමෙරිකාව විසින් ඝාතනය කරන ලද හමුදා ජනරාල්වරයෙකුගේ උඩුකයේ පිළිරුවක් ප්‍රදර්ශනය කළ ඉරානයේ ‘සෙෆහාන්’ (Sepahan) පාපන්දු ක්‍රීඩා සමාජයට ආසියානු පාපන්දු සම්මේලනය දඬුවම් කර ඇති අතර මේ හේතුවෙන් සෞදි අරාබි කණ්ඩායමක් සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් අහෝසි කිරීමක් පවා සිදුව තිබෙනවා.

ආසියානු පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන ආසියානු චැම්පියන්ස් ලීගයේ තරගයක් සඳහා ‘අල්-එට්ටිහාද්’ (Al-Ittihad) නමැති සෞදි අරාබි කණ්ඩායම ‘සෙෆහාන්’ පිල සමග ඉරානයේ ඉස්ෆහාන් නගරයේ පිහිටි Naghsh-e Jahan ක්‍රීඩාංගණයේදී ඔක්තෝබරයේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනා. එහෙත් ක්‍රීඩා පිටියට ඇතුළු වන ස්ථානයේ ඉරානයේ හිටපු මේජර් ජනරාල්වරයෙකු මෙන්ම ඉරාන විප්ලවවාදී මුරකරුවන්ගේ කඩ්ස් බලකායේ (Iranian Revolutionary Guards’ Quds Force) අණ දෙන නිලධාරී කසෙම් සුලෙයිමානි (Qasem Soleimani)ගේ උඩු කය පිලිරුවක් තිබීම පිළිබඳව ඔවුන් විරෝධය පළකර සිටියා.

ඉරාන දැඩිමතධාරීන් විසින් සුලෙයිමානි වීරයෙකු ලෙස සලකනු ලැබුවත් සෞදි අරාබියේ මතය වන්නේ ඔහු අරාබි ලෝකයේ ඉරානයේ සහාය ලබන හමුදාවන් ශක්තිමත් කළ ත්‍රස්තවාදියෙක් බව. අරාබි කලාපය හරහා අස්ථිරබව ඇවිස්සූ කෙනෙකු ලෙසින් ඔහු සෞදියේ කෝපයට ලක්ව සිටිනවා.

4031131 1934098600

ක්‍රීඩා පිටියට ඇතුළු වන ස්ථානයේ කසෙම් සුලෙයිමානි ගේ උඩු කය පිලිරු තබා ඇති අයුරු

සම්මේලනයේ විනය පටිපාටිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් මත ‘සෙෆහාන්’ කණ්ඩායමට ආසියානු පාපන්දු සම්මේලනයේ විනය හා ප්‍රතිපත්ති කමිටුව විසින් දඬුවම් කිහිපයක් පමුණුවා තිබෙනවා.

එම කණ්ඩායම දඩයක් සේ ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණය ලබා දිය යුතු බවට සම්මේලනය තීරණය කිරීමෙන් පසුව ‘අල්-එට්ටිහාද්’ කණ්ඩායමට ගෝල් 3-0ක ජයක් ලබා දී ඇති අතර ඊට අමතරව ඩොලර් 200,000ක දඩ මුදලක් ගෙවන ලෙසට ද ඉරාන කණ්ඩායමට නියම කර තිබෙනවා.

‘සෙෆහාන්’ කණ්ඩායමට නියමිත ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ මීළඟ තරග තුන Naghsh-e Jahan ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම තහනම් කළ සම්මේලනය මෙවැනි නීති උල්ලංඝනයක් නැවත සිදුවුවහොත් මීට වඩා බරපතළ දඬුවමකට ලක්වීමට ඉඩ ඇති බවට ඔවුන්ට අවවාද කර තිබෙනවා.

1402060917082871628264754

මේ කාරණයේදී තමන් යුක්ති සහගත බව 'සෙෆහාන්' ප්‍රකාශ කරනවා

මේ තීරණය කුමන ආකාරයකින් හෝ නිවැරදි යැයි තමන් නොසලකන බව නිවේදනයක් නිකුත් කරමින් කියා ඇති ‘සෙෆහාන්’, මේ කාරණයේදී ඔවුන් යුක්ති සහගත බව ප්‍රකාශ කරනවා.

නීතිය පිළිබඳව වූ සුදුසු අධිකාරිය සමග මේ තීරණය සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කර යුක්තිය වෙනුවෙන් ප්‍රබල සටනක් දියත් කරන බව ඉරාන ක්‍රීඩා සමාජය පවසනවා.

ජාත්‍යන්තර නීති ප්‍රකාරව මේ නඩුව ස්විට්සලන්තයේ ක්‍රීඩා පිළිබඳ බේරුම්කිරීමේ උසාවියට ඉදිරිපත් කරන බවත් ඒ ගෞරවනීය අධිකරණ සංවිධානය හරහා තමන්ගේ අයිතීන් හඹා යන බවත් ඔවුන් කියා සිටිනවා.

ටෙහෙරාන් සහ රියාඩ් අගනුවරවල් වසර හතක එදිරිවාදිකම්වලින් පසුව සමගි කරමින් චීනයේ මැදිහත් වීමෙන් මාර්තුවේදී සිදුවූ එකඟත්වයක් තිබියදීත් මේ හිටපු විරුද්ධවාදී රටවල් දෙක අතර ඇති තියුණු වෙනස්කම් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔක්තෝබරයේ සිද්ධියෙන් පෙන්නුම් කරනවා.

ඉරානයේ විදේශීය මෙහෙයුම් හසුරුවන සුපිරි අංශයක් වන ‘කඩ්ස් බලකාය’ අමෙරිකාව හා සෞදි අරාබිය විසින් සලකනු ලබන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස.

වසර ගණනාවක් ඇතුළත කසෙම් සුලෙයිමානි එහි ප්‍රමූඛත්වය කරා ඉහළට පිවිසියේ එම බලකායේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු බවට පත්වෙමින්. සෞදි අරාබිය වසර ගණනාවක් සටන් කළ මැද පෙරදිග හරහා වූ ඉරාන මෙහෙයුම්වල ප්‍රධානියෙකුව සිටියේත් සුලෙයිමානි. අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත 2020 ජනවාරි 3 වැනි දින සිදු කළ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපල අසලදී ඔහු මරුමුවට පත්වුනා. 

231003120212 02 saudi iran football

පිළිමය ඉවත් කිරීම ‘සෙෆහාන්’ නිලධාරීන් ප්‍රතික්ෂේප කරයි

ඔක්තෝබර් තරගයට පෙර ඔහුගේ උඩු කය පිළිමය ඉවත් කිරීම සඳහා ඉරාන බළධාරීන්ට මිනිත්තු තිහක කාලයක් තරග විනිසුරුවන් විසින් ලබා දී තිබුණා. එම ඉල්ලීම ‘සෙෆහාන්’ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ‘අල්-එට්ටිහාද්’ ක්‍රීඩකයන් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා.

“එම ඉල්ලීම බලාපොරොත්තු නොවූ, පිළිගත නොහැකි සහ විස්මිත එකක්” බව ප්‍රකාශ කළ ‘සෙෆහාන්’ ප්‍රධානී මොහම්මද් රේසා සාකෙට් (Mohammad Reza Saket), ඝාතනය කරනු ලැබූ සේනාපතිගේ උඩු කය ප්‍රතිමාව දෙවසරක් තිස්සේ ක්‍රීඩාංගණයේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුනු බවත් ‘අල්-එට්ටිහාද්’ කණ්ඩායම ඒ ගැන දැන සිටිමින් තරගයට පෙර රාත්‍රියේ ඒ පිටියේ ම පුහුණු වූ බවත් පෙන්වා දුන්නා.

90

‘අල්-එට්ටිහාද්’ ක්‍රීඩකයන් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා

ආසියානු චැම්පියන්ස් ලීගයේ ‘සී’ කොටසේ තරග තුනකට ක්‍රීඩා කිරීමෙන් පසුව ‘අල්-එට්ටිහාද්’ කණ්ඩායම ජයග්‍රහණ ත්‍රිත්වයකින් ලකුණු නවයක් රැස්කර ගෙන එම කොටසේ පෙරමුණේ සිටින අතර ‘සෙෆහාන්’ කණ්ඩායම ලකුණු හතරක් ලබා ගෙන පත්ව සිටින්නේ තෙවැනි ස්ථානයේ.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මරා දැමුනු හමුදා අණදෙන්නාගේ උඩු කය ප්‍රතිමාව ප්‍රදර්ශනය කළ ඉරාන පාපන්දු කණ්ඩායමට දඬුවම් | The Leader