The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැහැර ගැනීමේදී මඟුල් මුද්ද නැතිවුනු නිසා විවාහය නැවත සිදුකරන්නැයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාගෙන් ඉල්ලීමක්

T

The Leader Desk

November 12, 2023 • 3:57 PM

පැහැර ගැනීමේදී මඟුල් මුද්ද නැතිවුනු නිසා විවාහය නැවත සිදුකරන්නැයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාගෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොලොම්බියානු ගරිල්ලන් විසින් පැහැර ගෙන යාමේ සිද්ධියේදී තමාගේ මඟුල් මුද්ද නැති වී
  • බිරිඳ සිලෙනස් මෑරලන්ඩා ට තමා දුන් විවාහ දිවුරුම නැවත අලුත් කිරීමට තමාට අවස්ථාව ලැබෙන පරිදි චාරිත්‍රවිධි අනුගමනය කරමින් උත්සවය පවත්වන ලෙසට මැන්වෙල් ඩියාස් ඉල්ලා සිටි බව බිෂොප්තුමා අනාවරණය කළා.
  •   ELN ගරිල්ලා කණ්ඩායම විසින් දින 13කින් පසුව නිදහස් කෙරුනු මැන්වෙල් ඩියාස් බාර ගැනීමට ගිය පිරිස අතර ෆ්‍රැන්සිස්කෝ සෙබායූස් (Francisco Ceballos) බිෂොප්තුමා ද සිටියා.
  • ඔක්තෝබර් 28 වැනිදා මේ යුවල පැහැර ගෙන ගොස් ටික වේලාවකට පසුව සිලෙනස්ගේ උපන් නගරය වන බරාන්කස් අසල මාර්ගයක ඇය අත්හැර දැමූ ගරිල්ලන් ඇගේ 58 හැවිරිදි ස්වාමිපුරුෂයා වෙනිසුවේලාව සමග වන කොලොම්බියාවේ දේශසීමාවේ පිහිටි පෙරිහා (Perija) කඳුවැටියට ගෙන ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇති බැවින් තමාව නැවත විවාහ කරන ලෙස කොලොම්බියානු පාපන්දු ක්‍රීඩක ලුවීස් ඩියාස්ගේ පියා වන ලුවීස් මැන්වෙල් ඩියාස් ඔහුගේ රෝමානු කතෝලික බිෂොප්තුමාගෙන් ඉල්ලා තිබෙනවා.

බිරිඳ සිලෙනස් මෑරලන්ඩා ට තමා දුන් විවාහ දිවුරුම නැවත අලුත් කිරීමට තමාට අවස්ථාව ලැබෙන පරිදි චාරිත්‍රවිධි අනුගමනය කරමින් උත්සවය පවත්වන ලෙසට මැන්වෙල් ඩියාස් ඉල්ලා සිටි බව බිෂොප්තුමා අනාවරණය කළා.  

ELN ගරිල්ලා කණ්ඩායම විසින් දින 13කින් පසුව නිදහස් කෙරුනු මැන්වෙල් ඩියාස් බාර ගැනීමට ගිය පිරිස අතර ෆ්‍රැන්සිස්කෝ සෙබායූස් (Francisco Ceballos) බිෂොප්තුමා ද සිටියා.

vghrdye45y

ඔක්තෝබර් 28 වැනිදා මේ යුවල පැහැර ගෙන ගොස් ටික වේලාවකට පසුව සිලෙනස්ගේ උපන් නගරය වන බරාන්කස් අසල මාර්ගයක ඇය අත්හැර දැමූ ගරිල්ලන් ඇගේ 58 හැවිරිදි ස්වාමිපුරුෂයා වෙනිසුවේලාව සමග වන කොලොම්බියාවේ දේශසීමාවේ පිහිටි පෙරිහා (Perija) කඳුවැටියට ගෙන ගියා. පසුගිය බ්‍රහස්පතින්දා නිදහස ලබන තුරු ගරිල්ලන්ගේ සිරකරුවෙකු ලෙසින් මැන්වෙල් ඩියාස් සිටියේ මේ ප්‍රදේශයේ.

ගරිල්ලන්ගෙන් මැන්වෙල් බාර ගැනීමට ගිය මානව හිතවාදී කණ්ඩායමෙන් මැන්වෙල් පණපිටින් සිටිනු පළමුව දුටූ සෙබායූස් පියතුමා මෙසේ කියනවා: “ඔහුගේ මුද්ද නැතිවෙලා තියෙන නිසා ඔහුව ආයෙත් විවාහ කර දෙන්න ඔ්න කියලා මැන්වෙල් මට කීවා. ඔහු‌ගේ විවාහ දිවුරුම අලුත් කරන්න ඔ්න කියලා එයා කිවුවා.”

මැන්වෙල් ඩියාස් නැවත බාර දීමට පෙර ඔහු සතුව තිබූ සියළුම වටිනා දේවල් ගරිල්ලන් විසින් සොරකම් කර ඇතැයි ගෞරවනීය කොලොම්බියානු මාධ්‍ය ප්‍රකාශනයක් වන Semana පවසනවා. ඉන්ධන පිරවුම් හලක් අසල පැණිකොමඩු මිලදී ගනිමින් සිටියදී මැන්වෙල් හා සිලෙනස් පැහැර ගත් ‘මෝටබයිසිකල්වල සිටි පුද්ගලයන්’ මැන්වෙල්ගේ මුද්ද, බ්‍රේස්ලට් හා චේන්පට ගලවා ගෙන ඇතැයි එම ප්‍රකාශන ආයතනය කියනවා. Semana වැඩිදුරටත් මෙසේ සඳහන් කරනවා: “ඒවා මිල අධික දේවල් විතරක් නෙවෙයි. ඊටත් වඩා ඒවාට විශේෂ පෞද්ගලික හැඟීම්බර වටිනාකමක් තියෙනවා.”

මැන්වෙල් ඔහු පැහැරගත් මෝටබයිසිකලයෙන් බසිද්දී  දණිස් ආබාධයකට ලක්ව සිටින බව ද වාර්තා වෙනවා.

පැහැරගෙන යාමේ ක්‍රියාවලියේදී මැන්වෙල් ට දිවා රාත්‍රියේ පයින් ඇවිද යාමට බලකර තිබෙන බව ද බිෂොප්තුමා කෙලොම්බියානු ගුවන්විදුලි සේවයකට පවසා තිබුනා.

“එයා ඇවිදගෙන ආ මඟේ මම ඔහු හමුවුනා. එයාව ඉස්සෙල්ලම දැක්කේ මම යි. මා ඔහුව වැළඳ ගනිද්දී ඔහු අඬන්න පටන් ගත්තා. එයා හිටියේ හරිම හැඟීම්බරව. ගොඩක් දුර ඇවිදින්න සිදුවීමෙන් එයා හිටියේ හොඳටම හෙම්බත්වෙලා.”

“පැහැරගෙන යාමෙන් පසුව දවස් දෙකකුත් තවත් දවස් හතරකුත් එක දිගට ඇවිදින්න සිද්ධවුනා කියලා එයා මට කීවා. ඔහු පැහැරගෙන සිටි දවස් 13න් දවස් 6ක් ම ඔහු රාත්‍රියේත් දවාලේත් ඇවිදලා තියෙනවා.”

ගරිල්ලන් බිය ගන්වා මැන්වෙල් නිදහස් කිරීම පිණිස ඔවුන් පොළඹවා ගැනීමේ අරමුණින් සිදු කෙරුණු තියුණු පොලිස් සහ හමුදා මෙහෙයුම් පිළිබඳව මැන්වෙල් දැන සිටියාදැයි ඇසූ විට බිෂොප්තුමා ඒ ගැන මෙසේ පැහැදිලි කළා: “ඉතා ළඟින් හෙලිකොප්ට පියාසර කරන බවත් හමුදාව ඉතා සමීපයට පැමිණ සිටින බවත් තමාට හැඟුනු බව ඔහු මට කිවුවා.”

“ඔහු ඇත්තටම හිටියේ බය වෙලා. මොකද, හමුදාව ඒ මෙහෙයුම් දියත් කරද්දී සහ ගරිල්ලන් සැඟවීමට උත්සාහ කරද්දී, පැහැර ගැනීමට ලක්ව සිටින පුද්ගලයා අවදානමට පත්වන අවස්ථාව පැමිණෙනවා. එතන ගැටුමක් ඇතිවේවි කියා ඔහුට බය හිතුනා.”

මේ පැහැර ගැනීම සිදුකළේ තමන් බව ELN වාමාංශික ගරිල්ලා කණ්ඩායම පසුගිය සතියේ පිළිගත්තා. ‘උතුරු යුධ පෙරමුණ’ නමින් හැඳින්වෙන ඔවුන්‌ගේ ප්‍රාදේශීය අංශයක් විසින් මෙය සිදුකළ බව ඔවුන් කියා සිටියා.

කියුබාවේ කොමියුනිස්ට් විප්ලවයෙන් ප්‍රබෝධමත් වුනු රැඩිකල් කතෝලිකයන් විසින් 1964 වසරේදී පිහිටුවා ගත් ELN යනු මාක්ස්වාදී-ලෙනින්වාදී කණ්ඩායමක්. සිවිල් වැසියන් පැහැර ගැනීම ඔවුන්ගේ සාම්ප්‍රදායික ක්‍රියාවක්.

dfy54e6

පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් පුද්ගලයින් 68 දෙනෙකුට තුවාල සිදුකරමින් 2019 වසරේ ජනවාරියේ ‘බෝගටා’හි පොලිස් ඇකඩමියක කාර් බෝම්බයක් පුපුරුවා හැරීම පිටුපස සිටියේ මේ කණ්ඩායම යි. එය කොලොම්බියාවේ අගනුවර සිදුවූ එක් වඩාත්ම බියකරු ප්‍රහාරයක්.

ELN සහ කොලොම්බියානු රජය අතර සාම සාකච්ඡා පැවැත්වෙන්නේ 2020 මාර්තු මාසයේදී මේ ගරිල්ලා කණ්ඩායම ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ තැන් පටන්. එහෙත් අහිංසක මිනිසුන් ප්‍රාණඇපයට අරගෙන කප්පම් මුදල් ඉල්ලා සිටීම ඔවුන් දිග ට ම කරගෙන යනවා. කෙසේ වෙතත්, තමාව නිදහස් කිරීමේදී කිසිම මුදලක් හුවමාරු නොවුනු බව මැන්වෙල් ඩියාස් පැහැදිලිව කියා තිබුනා.

සබැඳි පුවත් :

මුදල් හුවමාරුවකින් තොරව කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා ගරිල්ලන්ගෙන් නිදහස ලබයි

හමුදා මෙහෙයුම් නිසා කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා නිදහස් කරන්න අමාරුයි - ELN

ලෝකය කම්පනයට පත්කළ කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයාගේ පියා පැහැර ගැනීමේ කතාව

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැහැර ගැනීමේදී මඟුල් මුද්ද නැතිවුනු නිසා විවාහය නැවත සිදුකරන්නැයි පාපන්දු ක්‍රීඩකයාගේ පියාගෙන් ඉල්ලීමක් | The Leader