The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නෙස්ලේ අර්ධ මැරතන් ජයග්‍රාහකයා රත්නපුර විද්‍යාරාජ විදුහලෙන්

T

The Leader Desk

November 12, 2023 • 4:15 PM

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා නෙස්ලේ අර්ධ මැරතන් ජයග්‍රාහකයා රත්නපුර විද්‍යාරාජ විදුහලෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙස්ලේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අර්ධ මැරතන් බාලක තරගයේ (Half marathon boys) ප්‍රථම ස්ථානය
  • ගාල්ල නගරයේදී කිලෝමීටර් 21ක දුර ප්‍රමාණයක ඊයේ (11) පැවති මේ අර්ධ මැරතන් තරගය පෙරමුණේ ජයග්‍රහණය කළේ පැයයි මිනිත්තු 16.22කින්.
  • උතුර පළාතේ කිලිනොච්චි මුලන්කාවිල් මැදි විදුහලේ එස්.කීරන් පැයයි මිනිත්තු 17.22ක කාලයක් සටහන් කරමින් තරගයේ දෙවැනි ස්ථානයත්, ඌව පළාතේ උක්පිටිය මහ විදුහලේ ඊ.ජී.ලසිත ප්‍රදීප් පැයයි මිනිත්තු 18.13ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයත් හිමිකර ගත්තා.
  • මේ වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සම්පූර්ණ කිරීමට අවශ්‍යව තිබූ නෙස්ලේ මැරතන් තරග ගාල්ල නගරයේදී ඊයේ (11) අවසන් වුනේ සාර්ථක අයුරින්.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනා ගැනීමට සබරගමුව පළාතේ රත්නපුර විද්‍යාරාජ විදුහලේ ඩී.ඒ.ඩී.ජී.පෙරමුණේ ක්‍රීඩකයා සමත් වුනා.

ගාල්ල නගරයේදී කිලෝමීටර් 21ක දුර ප්‍රමාණයක ඊයේ (11) පැවති මේ අර්ධ මැරතන් තරගය පෙරමුණේ ජයග්‍රහණය කළේ පැයයි මිනිත්තු 16.22කින්.

උතුර පළාතේ කිලිනොච්චි මුලන්කාවිල් මැදි විදුහලේ එස්.කීරන් පැයයි මිනිත්තු 17.22ක කාලයක් සටහන් කරමින් තරගයේ දෙවැනි ස්ථානයත්, ඌව පළාතේ උක්පිටිය මහ විදුහලේ ඊ.ජී.ලසිත ප්‍රදීප් පැයයි මිනිත්තු 18.13ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයත් හිමිකර ගත්තා.

මේ වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා සම්පූර්ණ කිරීමට අවශ්‍යව තිබූ නෙස්ලේ මැරතන් තරග ගාල්ල නගරයේදී ඊයේ (11) අවසන් වුනේ සාර්ථක අයුරින්. නෙස්ලේ ලංකා ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් මේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2023 මැරතන් තරග සංවිධානය කර තිබුනා.

දිවයිනේ පළාත් නවයෙන් ම 300කට අධික තරගකරුවන් මේ අර්ධ මැරතන් තරගයට සහභාගි වුනා. මීට අමතරව කිලෝමීටර් 5ක පැවති ප්‍රදර්ශන මැරතන් තරගයට 1400 දෙනෙකු සහභාගි වීම විශේෂත්වයක්.

ගාල්ල නගරය හරහා මාර්ග දෙකක් ඔස්සේ පැවති මැරතන් තරගවලට පමණක් තරුණ මලල ක්‍රීඩකයින් 1200කට වැඩි පිරිසක් සහභාගි වුනු බව වාර්තා වෙනවා.

fdt643ඡායාරූපය වමේ සිට: ක්‍රිෂාන් දුමින්ද (දකුණු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ), උපාලි අමරතුංග (අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ), චන්න උපාලි වීරසේකර (දකුණු පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂ), සතිෂ් ගමගේ (ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී), රන්ජිත් යාපා (දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්), ආචාර්ය විලී ගමගේ (දකුණු පළාත් අග්‍රාණ්ඩුකාර), බර්නාඩ් ස්ටෙෆාන් (නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ), රුවන් වැලිකල (නෙස්ලේ ලංකා අධ්‍යක්ෂ), ජගත් වෙදගේ (නෙස්ලේ ලංකා අලෙවි අධ්‍යක්ෂ), බන්දුල එගොඩගේ (නෙස්ලේ ලංකා උපසභාපති) තරගයේ ජයග්‍රාහකයන් සමග.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...