The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

T

The Leader Desk

November 13, 2023 • 5:48 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සෙනසුරාදා රැස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
  • එසේම එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අතපෙවීම ගැන ICCය නිරන්තරයෙන් අවධානයෙන් සිට ඇති බවය.
  • මෙම තහනම පනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් දැනුම්දීමෙන් අනතුරුව බවද එම නිවේදනයේ දැක්වෙයි.
  •   ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම විධායක කමිටු රැස්වීමේ අරමුණ වූයේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ICCය මගින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ එම ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම රැස්වීම ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවය.

එසේම එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අතපෙවීම ගැන ICCය නිරන්තරයෙන් අවධානයෙන් සිට ඇති බවය.

මෙම තහනම පනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් දැනුම්දීමෙන් අනතුරුව බවද එම නිවේදනයේ දැක්වෙයි.

 

ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

 

එසේම මෙම තහනම දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එබැවින් අත්හිටුවා ඇති සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා කටයුතු කිරීමට සුදුසු පරිසරය සකසන ලෙසත් දේශපාලන මැදිහත්වීම්වලින් වළකින ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

විමල්ගේ චෝදනාවට මහේල දුන් පිළිතුර

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන අදහස් දැක්වීය.

එහිදී අදහස් දැක්වූ මහේල ජයවර්ධන සඳහන් කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද මත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් ප්‍රකාශයක් සිදුනොකරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන මෙසේ සඳහන් කළේය. 

"පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුළේ කතාකරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණයි. මම හිතන්නේ ඔහු ඒක හින්දා ඒක කියන්න ඇති.  ඔහුට තියෙනවානම් වෙනත් කරුණක් කියන්න ඔහුට පුළුවන් එළියේ ඇවිල්ලා ඒක කියන්න. මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙනවා යුනිට් එකක් ඒ යුනිට් එකට වුණත් ඒ දේ ප්‍රකශ කරන්න අයිතියක් තියෙනවා. මම හිතන්නේ එහෙම දෙයක් තියෙනව නම් ඔහු ඒක කියයි කියලා. නමුත් අර පාර්ලිමේන්තු වරප්‍රසාද තියාගෙන ඇතුළේ කරන එකට මම මොකුත් කියන්නේ නැහැ."

"වන්කඩේ එකේ පළමු මැච්දෙක ගහද්දි ඒ විකට්වල එතන පින්න තිබුණේ නැහැ. මුලින් අපි විකට් එක දැක්කම බැට් කරන්න හිතුවා. නමුත් අපි තරගයට ගියාම උදේ හීට් එකත් එක්ක වතුර දාලා තිබුණා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා අපිට ඛෙත්තාරාමෙත් එමෙහ වුණා .  ඉන්දියාව එදා සෙල්ලම් කරපු විදිහ නිසා කඩුලු අරන් අපිට අඩු ලකුණු ගණනකට තියන්න තිබුණා. හැබැයි අපිට ප්‍රශ්නයක් තිබුණා පළමුවෙනි පන්දුවාර 10 හොඳට කරන්න ඕනේ. අඩු ලකුණු සීමාකළානම් ඒ දේ වෙනවා. අපි දෙවැනි පන්දුවෙන් කඩුල්ලක් ගත්තා ඊට පස්සේ අපිට උඩ පන්දු දෙකක් ගිලිහුණා. අපිට තිබුණා හඹාගෙන ගිහින් ගහන්න. මොකද අපි දැක්කා ඔස්ට්‍රේලියාවත් ඒක කළා ඇෆ්ගනිස්තානයට. අපි බැලුවේ හඹාගෙන ගිහින් ගහන්න. අපි වගකියන්න ඕනේ ඒ තීන්දු ගැන."

ප්‍රශ්නය - 
වර්තමාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පිළිබඳව ගොඩක් විවේචන තිබෙනවා. ඔබතුමාලා යම් ආකාරයකින් එතුමාගේ සිරකරුවන් වෙලා වෙගේද ඉන්නේ ?


මහේල :
"මම හිතන්නේ අපි කාගෙවත් සිරකරුවන් නෙවෙයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හෝ ප්‍රශ්න මේ ක්‍රීඩකයින්ටවත් අපිටවත් අදාළ නැහැ. මොකද අපි පරිපාලනයේ කට්ටිය නෙමෙයි."



සබැඳි පුවත් :


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...